
ජිෂින්-じしん යන වචනයේ තේරුම භූමිකම්පාව යන්නයි. ජපානය නිතර භූමිකම්පාවන්ට මුහුණ දෙන රටක් බැවින් ජපන් ජාතිකයන්ට එය සාමාන්‍ය කාරණයකි. භූමිකම්පාවක් සිදු වූ විට හැසිරෙන ආකාරය පිළිබඳව කුඩා කාලයේ සිටම ඔවුන්ට අවබෝධයක් ලබා දේ. සුලු භූකම්පනයන්ට ඔවුන් නිතරම මුහුණ දෙන අතර, ඉතා විශාල භූමිකම්පාවන්ටද ඉතිහාසය තුළ බොහෝ අවස්ථාවලදී මුහුණ දී ඇත. ජපානයෙහි ජීවත්වන විට භූකම්පනයන්ට මුහුණ දීමට හුරු විය යුතුය. එබැවින් මෙම ලිපියෙන් භූමිකම්පාවක් ඇති වූ විටදී ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව විස්තර කෙරේ.
භූමිකම්පාවකදී කුමන ආකාරයේ හානියක් සිදු වේද?
භූමිකම්පාවන් හේතුවෙන් ත්සුනමි තත්ත්වයන් ඇතිවිම්, ගොඩනැගිලි කඩාවැටීම්, ගිනිගැනීම්, නායයෑම් සහ විකිරණ කාන්දුවීම් ඇතිවන අතර ඒ හේතුවෙන් දේපළ හා ජීවිත හානිවීම් සිදුවේ. සාමාන්‍යයෙන් නගරයක සිදුවන භූකම්පනයකදී ගොඩනැගිලි කඩාවැටීම්, දුරකතන සම්බන්ධතා ඇණහිටීම්, මාර්ගවල ගමනාගමන බාධා ඇතිවීම් සහ ඒ හේතුවෙන් ආරක්ෂිත ස්ථාන කරා යාමට අපහසුතා ඇතිවේ. දුම්රිය ගමනාගමනයට බාධාවන් ඇතිවේ. විදුලිය විසන්ධිවන අතර ගෑස් නල හා ජල නල මාර්ග අවහිර වේ. මේවා යථාතත්වයට පත්වීමට කාලයක් ගතවේ.
භූමිකම්පාවක් සිදුවන විට හා ඉන් පසුව හැසිරිය යුතු ආකාරය
භුම්කම්පාවක් සිදුවන විට පළමුව කළයුත්තේ අනවශ්‍ය ලෙස කළබල නොවී තමන්ට ආරක්ෂිත ස්ථානයකට ගමන් කිරීමයි. නිවසක සිටින අවස්ථාවක නම් ගෘහ භාණ්ඩ හෝ වෙනත් ගෘහ උපකරණ වැටීමෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට ඇඳක් යටට හෝ මේසයක් යටට රිංගා එහි කකුල් තදින් අල්ලා ගෙන සිටිය යුතුය. වසා තැබූවහොත් පසුව විවෘත කිරීමට අපහසු වන බැවින් දොරවල් විවෘත කර තැබිය යුතුය. වහා ගෑස් උඳුන් ක්‍රියා විරහිත කළ යුතුය.
සාප්පු සංකීර්ණයක සිටින විට එහි සේවකයන්ගේ උපදෙස් පරිදි කටයුතු කළ යුතුය.සිවිලිමේ එල්ලා ඇති විදුලි පංකා හෝ විදුලි බල්බ කඩාවැටී අනතුරු සිදුවිය හැකිය. භූකම්පනයක් සිදුවන විට කිසිම අවස්ථාවකදී විදුලි සෝපාන භාවිතා නොකළ යුතු අතර. පියගැට පෙළ භාවිතා කර ආරක්ෂිත ස්ථාන කරා ගමන් කළ යුතුය.
විදුලි සෝපානයක සිටින විට වහා ආසන්නම මහලෙහිදී සෝපානයෙන් පිටවිය යුතුය. නවීන සෝපාන භූමිකම්පාවක් සිදුවූ වහා ස්වයංක්‍රීයව නතර වේ. නිවසක් හෝ ගොඩනැගිල්ලක් අසළ සිටින විට තාප්ප, නාමපුවරු, වීදුරු කඩාවැටී අනතුරු සිදුවිය හැකිය. කඳු නායයෑම් සිදුවිය හැකි බැවින් ආරක්ෂිත ස්ථාන කරා යා යුතුය. පොදු ප්‍රවාහන සේවයක ගමන් කරන අවස්ථාවක දී නම් ආධාරක තදින් අල්ලා ගත යුතුය. වාහනයක් පදවමින් සිටින අවස්ථාවක භූමිකම්පාවක් සිදු වුවහොත් කළබල වී තිරිංග තද නොකර සෙමින් වාහනය නවතා එන්ජිම ක්‍රියා විරහිත කළ යුතුය.
භූමිකම්පාවකින් ආරක්ෂා වීම සඳහා නිවසේදී අනුගමණය කළ යුතු ආරක්ෂක විධි
- නිවස .තුළ අවම ගෘහ භාණ්ඩ ප්‍රමාණයක් තබා ගැනීම
- කුඩා ළමුන්. වැඩිහිටියන්. ආබාධිත අය සිටින කාමරවල සහ පන්ති කාමරවල පෙරලීමට පහසු ගෘහභාණ්ඩ ඉවත් කිරීම
- ඇතුල්වීමේ පිටවීමේ දොරටු සහ කොරිඩෝවල භාණ්ඩ නොතැබීම
- ඉතිරිවී ඇති ගෘහභාණ්ඩ උඩ වෙනත් උපකරණ නොතැබීම
- නිවසේ ඇති පොත්, පිඟන් රාක්ක බිත්තියට අල්ලා සවි කිරීම
- ගිනිගැනීම් පිළිබඳ අනතුරැ ඇඟවීමේ උපකරණ සවිකිරීම
- පහසුවෙන් ගිනිනොගන්නා තිර රෙදි ආදිය භාවිතා කිරීම
- රූපවාහිනිය මිටි ස්ථානයක තැබීම
- භූකම්පනයන්ට ඔරොත්තු දෙන ආකාරයේ නිවාස ඉදිකිරීම
භූමිකම්පාවක් ඇති වූ විට කෙසේ කටයුතු කළ යුතුද?
- විනාඩි 01 - 02 කාලය තුළ - ගිනිගැනීම් සිදුවී ඇත්නම් පාලනය කිරීම. ගෙදර සිටින්නන් ආරක්ෂිත බව තහවුරු කර ගැනීම. පාද වලට තුවාල විය හැකි බැවින් වහා සුදුසු සපත්තු පැළඳ ගැනීම. හදිසි අවස්ථාවකදී අවශ්‍ය අත්‍යවශ්‍ය දේවල් අඩංගු බෑගය තමන් අසළින් තබා ගැනීම.
- 03 වන විනාඩියේ දී අසල්වැසියන් පිළිබඳ සොයා බැලීම. විශාල භූමිකම්පා සමඟ පසුකම්පන ඇතිවන බැවින් අවධානය යොමු කිරීම. නිවාසය තඩාවැටීමේ අවදානමක් ඇත්නම් වහා එළියට දිව යාම.
- 05 වන විනාඩියේ දී රුපවාහිනිය, ගුවන් විදුලිය හෝ ජංගම දුරකතන මාර්ගයෙන් භූමිකම්පාව පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීම. ජංගම දුරකතනවල Safety tips, japan official travel app, nhk world japan ආදී app භාවිතයෙන් තොරතුරු ලබාගත හැකිය.
- විනාඩි 05 - 10 කාලය තුළ - පාසල්වල සිටින තම දරුවන් ගැන සොයාබැලීමට යාම. එසේ නිවසෙන් පිටව යන්නේ නම් තමන් යන ස්ථානය ලියන ලද කොළයක් හොඳින් පෙනෙන ස්ථානයක රඳවා තැබිය යුතුය. ගිනිගැනීම් වලින් ආරක්ෂාවීමට ගෑස්නල අක්‍රිය කිරීම සහ විදුලිය විසන්ධි කිරීම
- විනාඩි 10 කාලයකින් පසු අසල්වැසියන් සමඟ එකතු වී ගිනිනිවීම් සහ ගලවාගැනීමේ මෙහෙයුම් වලට උදව් කිරීම
- දින 03 කාලය තුළ - නිවාස කඩාවැටීමට ලක්විය හැකි බැවින් ආරක්ෂිත ස්ථානවලම රැඳී සිටීම
- කඩාවැටුණු නිවාස වලට ඇතුලු නොවීම.
- අත්‍යවශ්‍ය දේ තමා සන්තකයේම තබා ගැනීම
- ගිනිගත් සහ විනාශ වූ දේපළ පිළිබඳ තොරතුරු රැස්කිරීම
- පසුකම්පන පිළිබඳ අවධානයෙන් සිටීම
- රාජ්‍ය ආයතන සහ වෙනත් සංවිධානවල උපදෙස් පරිදි කටයුතු කිරීම
- අවතැන් වූවන් විසින් සංවිධානගත වීම
- සමූහයක් සමඟ ජීවත් වීමේදී අනුගමණය කළ යුතු ක්‍රමවේද අනුගමණය කිරීම
- එකිනෙකාට උදව් කිරීම
ස්වාභාවික ආපදාවක් සිදුවීමට පෙර සූදානම
- ස්වාභාවික ව්‍යසනයක් සිදු වූ පසු යායුතු ආරක්ෂිත ස්ථාන පිළිබඳව සහ යායුතු මාර්ග පිළිබඳව දැනගැනීම
- ආහාරපාන ආදි එදිනෙදා අත්‍යවශ්‍ය දේ සූදානම් කර තැබීම
- අත්‍යවශ්‍ය දේ අඩංගු බෑගයක් සූදානම් කර තැබීම. මෙහි ආහාරපාන වර්ග. එදිනෙදා අවශ්‍ය දේවල්, බැංකු පොත්, මුද්‍රා සහ සෞඛ්‍ය රක්ෂණ සහතික. ප්‍රථමාධාර උපකරණ ඇතුළත් වේ.
මෙම ලිපියේ අඩංගු කරුණු හොඳින් කියවන්න. ජපන් ජාතිකයන් තුළ භූමිකම්පාවලට මුහුණදීමට හොඳ සූදානමක් ඇති බැවින් දේපළ සහ ජීවිත හානි අවම කරගැනීමට හැකි වී ඇත. ඔබත් ජපානයට යාමට බලාපොරොත්තු වන්නේ නම් භූමිකම්පාවක දී හැසිරිය යුතු ආකාරයක පිළිබඳ අවබෝධයක් ලබාගැනීම ඉතා ප්‍රයෝජනවත් වේ. පහත සඳහන් වීඩියෝවද නරඹන්න.