
අයිත්සුචි
ජපන් භාෂාවේ “අයිත්සුචි“ (කෙනෙකු සමඟ කතාබහ කරනවිට තමන් ඒ කියන දේ අවධානයෙන් අසා සිටින බව ඇඟවීමට ප්‍රකාශ කරන වචන
“ඔව්“ යනුවෙන් ප්‍රකාශ කිරීමේදී “හයි“ සහ “උන්“ වචන භාවිතා කරති.
“හයි“ යන වචනය ආචාරශීලිව කතා කළ යුතු අවස්ථාවලදී භාවිතා කෙරේ. රැකියා ස්ථානයකදී, ව්‍යාපාරික ස්ථානයකදී.තමන්ට වඩා තත්ත්වයෙන් උසස්, ජ්‍යෙෂ්ඨ අය සමඟ කතා කිරීමේදී.
“උන්“ යන වචනය හිතවත්, සමීප අය, නවකයන් සමඟ,තමන්ට වඩා තත්ත්වයෙන් අඩු අය සමඟ වැනි වඩා ආචාරශීලි නොවිය යුතු අවස්ථාවලදී භාවිතා කෙරේ. එසේම “උන්“ යන්න “හ්ම්“ යන අදහස ද ගෙන දේ.
මෙම වචන නිසි අවස්ථාවේදී භාවිතා කළ යුතු අතර. එසේ නොවුනහොත් ජපන් ජාතිකයන් ඔබගේ ආචාරශීලිබව ගැන වැරදි හැඟීමක් ඇති කර ගැනීමට පුලුවන.
හ
කථකයා කියන දේ නොතේරෙන්නේ නම් ඒ බව ඇඟවීමේදී “හ“ යන්න භාවිතා නොකරන අතර, ඒ වෙනුවට “ සමාවන්න, තව සැරයක් කියන්න“ යන තේරැම ඇති “සුමිමසෙන් මො ඉචිදො යොරොෂියි දෙසුක“ යන්න භාවිතා කරති.
ෂිත උචි
යම් කිසි දෙයක් ඇසූ විට පැහැදිලි පිලිතුරක් නොදී කටින් විවිධ ආකාරයේ ශබ්ද කරමින් පිලිතුර සේ ඇඟවීම ජපන් ජාතිකයන්ට අනුව කෝපයකින් හෝ අතෘප්තියකින් පිලිතුරැ දීමක් සේ සැළකේ.එබැවින් ඔබ එසේ නොකර සිටීමට වග බලාගත යුතුය.
ඉප්පන්තෙකි. කෙඉගො. තෙඉනෙඉගො භාවිතා කිරීම
සමීප අය, තමන්ට සමාන අය, පවුලේ අය, යහලුවන් සහ ආධුනකයන් සමඟ කතා කිරීමේ දී “ඉප්පන්තෙකි“ හෙවත් සාමාන්‍ය ව්‍යවහාරය භාවිතා කරන අතර, තමන්ට වඩා උසස් අය සහ ජ්‍යෙෂ්ඨයන් සමඟ කතා කිරීමේදී කෙඉගො සහ තෙඉනෙඉගො හෙවත් ආචාරශීලි සහ නිහතමානි ව්‍යවහාරයන් භාවිතයට ගනී.
සමාව ගැනීම
ජපන් ජාතිකයන් ජපන් භාෂාවේ ඇති සමාව ගැනීමේදී භාවිතා කළ යුතු වචන මුලින් ප්‍රකාශ කර දෙවනුව
සමාව ගැනීමට හේතූන් පැහැදිලි කරති.
පහත සඳහන් වචන සමාව ගැනීමේදී භාවිතා කරනු ලැබේ.
සුමිමසෙන්
ගොමෙන් නසඉ
මෝෂිවකෙ අරිමසෙන්
ෂිත්සුරෙයිඉතෂිමෂිත