Friday, November 6, 2020

මින්නනො නිහොන්ගො 06 පාඩම - ක්‍රියාපද

ක්‍රියාපද - どうし

වචන මාලාව

තබෙමසු-කනවා                            නොමිමසු-බොනවා    
සුයිමසු-දුම්පානය කරනවා              මිමසු-බලනවා
කිකිමසු-අසනවා                            යොමිමසු-කියවනවා
කකිමසු-ලියනවා                            කයිමසු-මිළදී ගන්නවා
තොරිමසු-පින්තූර ගන්නවා             ෂිමසු-කරනවා
අයිමසු-මුණගැහෙනවා
ගොහන්-ආහාර                             අසගොහන්-උදෑසන ආහාරය
හිරුගොහන්-දහවල් ආහාරය          බන්ගොහන්-රාත්‍රී ආහාරය
පන්-පාන්                                      තමගො-බිත්තර
නිකු-මස්                                       සකන-මාලු
යසයි-එළවලු                                කුදමොනො-පලතුරු
මිසු-වතුර                                      ඔච-කොළතේ
කෝච-තේ                                    ග්යූන්යූ-එළකිරි
ජූසු-ජූස්                                         බීරු.බියර්
ඔසකෙ-ඔසකෙ මත්පැන්               බිදෙඔ-වීඩියෝ
එඉග-සිනමාපටය                         තෙගමි-ලිපිය
රෙපෝතො-රිපෝට් එක               ෂෂින්-ඡායාරූපය
මිසෙ-වෙළඳසැල                          රෙසුතොරන්-සමාජශාලාව
නිව-වත්ත                                    ෂුකුදයි-ගෙදර වැඩ
තෙනිසු-ටෙනිස්                            සක්කා-පාපන්දු
(ඔ)හනමි-සකුරා මල් බැලීම          නනි-මොකක්ද?
ඉෂ්ෂොනි-කැටුව,එකතුව               චොත්තො-ටිකක්
ඉත්සුමො-හැමදාම                        තොකිදොකි-සමහර අවස්ථාවල
සොරෙකරා-ඊට පස්සෙ                 ඒඒ-ඔව්
ඊඊදෙසුනෙ-ඒක හොඳයි               වකරිමෂිත-තේරුනා
නන්දෙසුක?මොකක්ද?                ජ මත-නැවත මුණගැහෙමු

ව්‍යාකරණ රටා

を නාමපද+ඔ+ක්‍රියාපද        

---------ඔ-------මසු
 ---------  ---------- ます。(මෙම ආකෘතියෙහි හිස්තැන්වලට නාමපද සහ ගැලපෙන ක්‍රීයාපද යොදා ඔබට අවශ්‍ය වාක්‍ය සකස් කර ගත හැක.
ඔ (を) නිපාත පදය සකර්මක ක්‍රියාපදයක කර්මපදය ඇඟවීම සඳහා භාවිතා කෙරේ. ජපන් භාෂා හෝඩියේ “ඔ“අකුරු දෙකක් ඇති අතර නිපාත පදය ලිවීමේදී භාවිතයට ගන්නේ මෙම ඔ (を) අකුරයි.
ගොහන් ඔ තබෙමසු         - බත්කනවා                         ごはん を たべます。
ග්යූන්යූ ඔ නොමිමසු        -කිරි බොනවා                     ぎゅうにゅう を    のみます。
හොන් ඔ යොමිමසු            -පොත කියවනවා               ほん        よみます。
තෙරෙබි ඔ මිමසු                -රූපවාහිනය නරඹනවා        テレビ        みます。

නාමපද+ඔ+ෂිමසු ක්‍රියාපදය

---------ඔ ෂිමසු
---------をします
“します“ ෂිමසු යන ක්‍රියාපදයෙහි තේරුම කරනවා යන්නයි. මෙම ක්‍රියාපදය නාමපද සමඟ එකතු කර බොහෝ ක්‍රියාපද සාදාගත හැකිය.මේ සඳහා භාවිතා කළ හැක්කේ ක්‍රියාවක් අඟවන නාමපද පමණි.

ක්‍රීඩා කරනවා යන අර්ථය ඇති නාමපද සමඟ    
සක්කා ඔ ෂිමසු - පාපන්දු ක්‍රීඩා කරනවා                - サッカーをします。
කුරිකෙත්තො ඔ ෂිමසු- ක්‍රිකට් සෙල්ලම් කරනවා -  クリケットをします。
ගේමු ඔ ෂිමසු- ගේම් සෙල්ලම් කරනවා               -ゲームをします。

පවත්වනවා යන අර්ථය ඇති ක්‍රියාපද සමඟ        
පාතී ඔ ෂිමසු  - ප්‍රියසම්භාෂණයක් පවත්වනවා   パーティーをします。 
කයිගි ඔ ෂිමසු- රැස්වීමක් පවත්වනවා                かいぎをします。

කරනවා යන අර්ථය ඇති ක්‍රියාපද සමඟ
ෂුකුදයි ඔ ෂිමසු- ගෙදර වැඩ කරනවා                しゅくだいをします。
ෂිගොතො ඔ ෂිමසු- රැකියාව කරනවා                しごとをします。

නනි ඔ ෂිමසුක? මොනවද කරන්නෙ? なにをしますか

------------を---------ます。(හිස්තැන්වලට නාමපද සහ ගැලපෙන ක්‍රියාපද යොදන්න)
යම්කිසිවෙකු කරන ක්‍රියාව කුමක්ද ඇසීමේදී නනි ඔ ෂිමසුක යනුවෙන් භාවිතා වන අතර, මේ සඳහා පිලිතුර ඕනෑම ක්‍රියාපදයකින් ලබා දිය හැකිය.

නිචියෝබි නනි ඔ ෂිමසුක?-ඉරිදා මොකද කරන්නෙ?
එයිග ඔ මිමසු    - චිත්‍රපටයක් බලනවා
කිනෝ නනි ඔ ෂිමෂිතක?-ඊයේ මොනවද කළේ?
යක්යූ ඔ ෂිමෂිත.- බේස්බෝල් ක්‍රීඩා කළා.

කාලය අඟවන පදයට පසුව ව“は“නිපාත පදය යෙදූ විට එම පදය මාතෘකාව බවට පත්වේ.
නිචියෝබි වා නනි ඔ ෂිමසුක? ඉරිදාට මොකද කරන්නේ?
ර්යොකෝ එ ඉකිමසු. විනෝද සවාරියක් යනවා

何- なん- なに ප්‍රශ්නාර්ථවාචී වචන නන් සහ නනි භාවිතා කරන ආකාරය

何මෙම කන්ජි අක්ෂරයෙහි “නන්“සහ “නනි“ යනුවෙන් උච්චාරණ විධි දෙකක් ඇත. සමහර වචන සමඟ  
“නන්“ ලෙසත් සමහර වචන සමඟ“නනි“ ලෙසත් උච්චාරණය  කෙරේ. එබැවින් මෙම වචන භාවිතා කිරීමේ මූලික රීතීන් නිවැරදිව අවබෝධ කරගතහොත් ගැටලුවක් පැන නොනගී.

නන්

01.
හෝඩියෙහි ත.ද.න. වර්ගයෙහි අකුරුවලට මුලින් යෙදේනම් “නන්“ ලෙස උච්චාරණය වේ.
කොනො කන්ජිව නන්තො යොමිමසුක?මේ කන්ජි කොහොමද කියවන්නේ?(ත වර්ගය)
සොරෙව නන් දෙසුක? ඕක මොකක්ද? (ද වර්ගය)
නන්දොමො - කීපවරක් (ද වර්ගය)
නන්නො හොන් දෙසුක? මොකක් ගැන පොතක්ද?(න වර්ගය)

02.
දෙවැනි අවස්ථාවේදී “ඉකුත්සු“ How many  යන අර්ථයෙහි යෙදේ. ජපන් භාෂාවේ ගණන් කිරීම්වලදී භාවිතා කරන විශේෂිතවූ වචන ඇති අතර, එවැනි ඕනෑම වචනයක මුලට භාවිතා කරන විට “නන්“ලෙස උච්චාරණය කෙරේ.
නන්නින්? පුද්ගලයෝ කීදෙනෙක්ද?
නන්සඉ? වයස කීයද?
නන්ජි?වේලාව කීයද?

නනි

ඉහත විශේෂ අවස්ථාවලදී හැර සෙසු අවස්ථාවලදී “නනි“ලෙස කියවේ.
“දොන්න මොනො“ what kind of, which යන අර්ථයෙහිදී “නනි“ ලෙස උච්චාරණය වේ.
නනිජින්? කවර ජාතිකයෙක්ද?
නනිගො?කුමන භාෂාවද?
නනිග හොෂියි දෙසුක? ඔබට මොනවද අවශ්‍ය?

“で“  නාමපදය(ස්ථාන)+දෙ+කර්මපදය+ඔ+ක්‍රියාපදය

----------දෙ----------ඔ-----------මසු
----------で-----------を----------ます。(සුදුසු නාමපද කර්මපද සහ ක්‍රියාපද යොදන්න)
යම්කිසි ස්ථානයකදී යම්කිසි ක්‍රියාවක් කරන විට එම ස්ථානවාචී නාමපදයට පසුව “දෙ“ නිපාත පදය යෙදේ.
හොන්ය දෙ  හොන් කයිමසු.- පොත් හලෙන් පොතක් මිළදී ගන්නවා
හනය දෙ හන කයිමසු- මල් කඩෙන් මල් මිළදී ගන්නවා
තොෂොකන් දෙ හොන් යොමිමසු - පුස්තකාලයේදී පොත් කියවනවා
කඉෂ දෙ හතරකිමසු.ආයතනයේ වැඩකරනවා

ක්‍රියාපද+මසෙන්ක?

----------මසෙන්ක?
----------ませんか?(අවශ්‍ය ක්‍රියාපදය යොදන්න)

කිසියම් දෙයක් කිරීම සඳහා කෙනෙකුට ආරාධනා කිරීමේදී ක්‍රියාපදවල නැත අර්ථය වන “මසෙන්“ සමඟ“ක“එකතු කළ යුතුය. මෙහි ක්‍රියාපදය නැත අර්ථයෙන් තිබුනත් එයින් ඇඟවෙන්නේ ආරාධනාවක් කිරීමයි.  මෙම ආකාරයේ වාක්‍ය සමඟ “ඉෂ්ෂොනි“(කැටුව.එක්ක.සමඟ )යන වචනය භාවිතා කෙරේ. 
ඉකිමසෙන්ක? මාත් එක්ක යන්නෙ නැද්ද?
ඒඒ.ඊඊදෙසුනේ.-හොඳයි නේ( එකඟතාවය ප්‍රකාශ කිරීම)
ඉෂ්ෂොනි එඉග ඔ මිමසෙන්ක? මාත් එක්ක චිත්‍රපටයක් බලන්නෙ නැද්ද? 
ඒඒ.ඊඊදෙසුනේ.
ඉෂ්ෂොනි ගොහන් ඔ තබෙමසෙන්ක? මාත් එක්ක කෑම කන්නෙ නැද්ද?
ඒඒ,ඊඊදෙසුනේ
ඉෂ්ෂොනි සකෙ ඔ නොමිමසෙන්ක? මාත් එක්ක සකෙ බොන්නෙ නැද්ද?
ඒඒ.ඊඊදෙසුනේ.

ක්‍රියාපද+මෂෝ

-----------මෂෝ
-----------ましょう。( අවශ්‍ය ක්‍රියාපද භාවිතා කරන්න)
කථකයා විසින් තමන් සමඟ කිසිවක් කිරීම සඳහා අසන්නාට ධනාත්මකව ආරාධනාවක් කිරීමේදී මෙය භාවිතා කෙරේ. එසේම ආරාධනාවක් කළ විට ධනාත්මකව ප්‍රතිචාර දැක්වීමේදී ද මෙය භාවිතා කරනු ලැබේ.  ක්‍රියාපදවල “මසු“ස්වරූපය “මෂෝ“ සවරූපයට හැරවිය යුතුය.

01.
චොත්තො යසුමිමෂෝ- ටිකක් විවේක ගනිමු.
සොරොසොරො ඉකිමෂෝ- හෙමිහෙමිහිට යමු.
හජිමෙමෂෝ-ආරම්භ කරමු.

02.ඉෂ්ෂොනි ගොහන් ඔ තබෙමසෙන්ක? මාත් එක්ක කෑම කමුද?
      ඒඒ.තබෙමෂෝ.- හා, කමු