Sunday, November 15, 2020

මින්නනො නිහොන්ගො 07 පාඩම

 

වචන මාලාව

කිරිමසු-කපනවා                    ඔකුරිමසු-යවනවා
අගෙමසු-දෙනවා                    මොරයිමසු-ලැබෙනවා
කෂිමසු-ණයට දෙනවා            කරිමසු-ණයට ගන්නවා
ඔෂිඑමසු-උගන්වනවා            නරයිමසු-ඉගෙන ගන්නවා
දෙන්ව ඔ කකෙමසු-දුරකතන ඇමතුමක් ගන්නවා
තෙ-අත                                හෂි-කෑමගන්නා කෝටු
සුපූන්-හැන්ද                         නයිෆු-පිහිය
ෆෝකු-ගෑරුප්පුව                  හසමි-කතුර
ෆක්කුසු-ෆැක්ස් යන්ත්‍රය        පසොකොන්- පරිගණකය
පන්චි-පන්චරය                    හොච්චිකිසු-ඇමුණුම් යන්ත්‍රය
සෙරොතේපු-සෙලෝටේප්   කෙෂිගොමු-මකනය
කමි-කොළය                       හන-මල
ෂත්සු-ෂර්ට්එක                    පුරෙසෙන්තො-තෑග්ග
නිමොත්සු-භාණ්ඩ               ඔකනෙ-මුදල්
කිප්පු-ටිකට්                        කුරිසුමසු-නත්තල
චිචි-තමාගේ පියා හැඳින්වීම 
හහ-තමාගේ මව හැඳින්වීම
ඔතෝසන්-වෙනත් අයෙකුගේ පියා හඳුන්වන අචාරශීලි වචනය (එහෙත් තමන්ගේ පියාට අඬගැසීමේදී, ඇමතීමේදී ද “ඔතෝසන්“යනුවෙන් භාවිතා කෙරේ)
ඔකාසන්-වෙනත් අයෙකුගේ මව හඳුන්වන ආචාරශීලි වචනය (එහෙත් තමන්ගේ මවට අඬගැසීමේදී, ඇමතීමේදී ද “ඔකාසන්“යනුවෙන් භාවිතා කෙරේ)
මෝ-දැනටමත්                    මද-තවම
කොරෙකරා-මෙතැන් සිට. ඉක්මණින්
සුතෙකි දෙසුනෙ-කදිමයි නේ
ගොමෙන්කුදසඉ- (තමන්ගෙන් වරදක් වූ විට - සමාවෙන්න  /ඒ ගැන මට කණගාටුයි/සමාව අයදිනවා (කාමරයකට නිවසකට ඇතුලුවන විට අවසර ගැනීම. කෙනෙක්ගේ අවධානය ලබාගැනීමට අවශ්‍ය වූ විට)
ඉරෂ්ෂඉ    -    ගෙදරට පැමිණි පුද්ගලයෙකු ආයුබෝවන් කියා පිළිගන්නා විට
දෝසො ඔඅගරි කුදසඉ- ඇතුළට එන්න
ෂිත්සුරෙයිෂිමසු- ස්තූතියි/ ඔබට බාධා කිරීම ගැන සමාවෙන්න.
ඉකගදෙසුක? කිසිවක් පිරිනමන විට “ඔබ ඒකට කැමතිද?“ යන අදහස දෙන වචනයකි.
(කෝහී ව ඉකගදෙසුක? කෝෆි බොනවද?)
ඉතදකිමසු- ස්තුතියි/මම මේ ආහාරය පිළිගන්නවා යන අදහස -  ආහාරයක් ගැනීමට පෙර ප්‍රකාශ කරන ආචාරශීලි වචනය(කෑමට හෝ බීමට පෙර)
ර්යොකෝ - සංචාරය
ඔමියගෙ- තෑගි/සිහිවටන
යෝරොප්ප- යුරෝපය

かぞくකසොකු(kazoku) පවුලේ සාමාජිකයන්

වතෂිනො කසොකු - මගේ පවුල
සොබො- ආචිචි                           සොෆු-සීයා
හහ - මව            චිචි-පියා            ර්යෝෂින් - දෙමාපියන්
ඉමෝතො- බාල සහෝදරිය        ඔතෝතො- බාල සහෝදරයා
අනෙ- වැඩිමහල් සහෝදරිය        අනි- වැඩිමහල් සහෝදරයා
ක්යොදඉ - සහෝදර සහෝදරියෝ
ත්සුම/කනයි - භාර්යාව                ඔත්තො - ස්වාමිපුරුෂයා
ෆූෆු - ස්වාමියා සහ භාර්යාව/ අඹුසැමි
මුසුමෙ - දුව                              මුසුකො - පුතා
කොදොමො    -    ළමයි    
වෙනත් අයෙකුගේ පවුල
ඔබාසන්    -    ආච්චි                   ඔජීසන් -    සීයා
ඔකාසන් - මව                            ඔතෝසන් - පියා
ඉමෝතොසන්-බාලසහෝදරිය    ඔතෝතොසන් - බාලසහෝදරයා
ඔනේසන් - වැඩිමහල් සහෝදරිය ඔනීසන් - වැඩිමහල් සහෝදරයා
ගොක්යෝදඉ - සහෝදර සහෝදරියෝ
ඔකුසන් - භාර්යාව                      ගොෂුජින් - ස්වාමි පුරුෂයා
ගොෆූෆු - ස්වාමියා සහ භාර්යාව/අඹුසැමි
මුසුමෙසන් - දුව                         මුසුකොසන්-පුතා 
ඔකොසන් - ළමයි

ව්‍යාකරණ රටා

~~で---දෙ නිපාත පදය
ක්‍රියාවක් කිරීම සඳහා උපයෝගී කර ගන්නා උපකරණය, විධිය හෝ ක්‍රමය හැඟවෙන වචනයට පසුව“දෙ“නිපාතපදය භාවිතා වේ.
නාමපද(උපකරණ, විධිය හෝ ක්‍රමය)+දෙ+කර්මපද+ඔ+ක්‍රියාපද
---------දෙ------මසු. හෝ --------දෙ--------ඔ----------මසු (හිස්තැන්වලට සුදුසු වචන යොදන්න)
---------で------ます。  --------で --------を---------ます。
සුපූන් දෙ තබෙමසු           -              හැන්දෙන් කනවා    (කෑමගැනීමට උපයෝගී කරගන්නේ හැන්ද බැවින් එම නාමපදයට පසුව “දෙ“නිපාත පදය යෙදේ.               
සුපූන් දෙ ගොහන් තබෙමසු.    -   හැන්දෙන් කෑම කනවා (කර්මපදයක් ද වාක්‍යය මැදට යෙදිය හැකිය)
තෙ දෙ තබෙමසු - අතින් කනවා  
නිහොන්ගො දෙ රෙපෝතො ඔ කකිමසු. - ජපන් භාෂාවෙන් වාර්තාව ලියනවා (වාර්තාව ලියන්නේ ජපන් භාෂාවෙන් බැවින් එම වචනයට පසුව “දෙ“යොදා ඇත.
වතෂිව පසොකොන්දෙ එඉග ඔ මිමසු. - මම පරිගණකයෙන් චිත්‍රපටයක් බලනවා
පෙන්දෙ තෙගමි ඔ කකිමසු.    -    පෑනෙන් ලිපියක් ලියනවා
හෂිදෙ ගොහන් ඔ තබෙමසු    -      හෂිවලින් කෑම කනවා

なんで - නන්දෙ - කොහොමද ?මොකෙන්ද? ක්‍රියාව කරන විධිය හෝ කිරීමට උපයෝගී කරගන්නා දේ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී “දෙ“ සමග“ නන්“ එකතු කර “නන්දෙ“ යන වචනය භාවිතා කෙරේ.
-------ව නන්දෙ----------ඔ---------මසුක?(හිස්තැන්වලට සුදුසු වචන යොදන්න)
-------は なんで--------を--------ますか?
අනතව නන්දෙ ගොහන් ඔ තබෙමසුක? ඔයා මොකෙන්ද /කොහොමද කෑම කන්නේ?
වතෂිව තෙදෙ ගොහන් ඔ තබෙමසු. මම අතින් කෑම කනවා
අනතව නන්දෙ රෙපෝතො ඔ කකිමසුක? ඔබ කොහොමද වාර්තාව ලියන්නේ?
වතෂිව එයිගොදෙ රෙපෝතො ඔ කකිමසු. මම ඉංග්‍රීසි භාෂාවෙන් වාර්තාව ලියනවා.

------------------+は----------------ごで なんですか?(හිස්තැන්වලට අවශ්‍ය වචන යොදන්න)
“වචන/වාක්‍යය“+ව-----------------ගොදෙ නන්දෙසුක?
වචනයක් හෝ වාක්‍යයක් වෙනත් භාෂාවකින් කියන්නේ කෙසේද? යනුවෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ආකාරයේ වාක්‍ය භාවිතා කෙරේ.වාක්‍යයේ ව නිපාත පදයට මුලින් ඔබට ඇසිය යුතු වචනය හෝ වාක්‍යයත් ව නිපාත පදයට පසුව භාෂාවත් යොදන්න.

“අරිගතෝ“ ව ෂින්හරගොදෙ නන් දෙසුක?  අරිගතෝ යන වචනය සිංහල භාෂාවෙන් කියන්නේ කෙසේද?
“ස්තූතියි“ දෙසු - “ස්තූතියි“ යනුවෙනි.
අරිගතෝ“ ව එඉගොදෙ  නන් දෙසුක?  අරිගතෝ යන වචනය ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ කෙසේද?
“තෑන්ක්යූ“ දෙසු - “තෑන්ක්යූ“ යනුවෙනි.
“ස්තූතියි“ ව නිහොන්ගොදෙ නන්දෙසුක? ස්තූතියි යන වචනය ජපන් භාෂාවෙන් කියන්නේ කෙසේද?
“අරිගතෝ“ දෙසු. “අරිගතෝ“ යනුවෙනි.
කොරෙව නිහොන්ගොදෙ නන්දෙසුක? මේකට ජපන් භාෂාවෙන් කියන්නේ කොහොමද?
“හොන්“දෙසු. “හොන්“ යනුවෙනි.(පොතක් පෙන්වා ප්‍රශ්නයක් අසන විට)

-------------は------------に------------を ---------ます。(හිස්තැනට අවශ්‍ය වචනය යොදන්න)
-------------ව-------------නි-------------ඔ ----------මසු.
අගෙමසු“තේරුම දෙනවා යන්නයි. කෙනෙකු තවත් කෙනෙකුට යම්කිසි දෙයක් දෙනවා යනුවෙන් ප්‍රකාශ කරන්නේ මෙම ආකාරයෙනි. මෙහි ව නිපාත පදයෙන් දෙන කෙනාත්, “නි“ නිපාත පදයෙන් ලබන කෙනාත්, නිපාත පදයෙන් දෙන දෙයත් ඇඟවේ.
“මම යහලුවාට පොතක් දෙනවා“ යන්න ඉහත ආකෘතියට ඇතුළත් කර බලමු
වතෂි ව තොමොදචි නි හොන් ඔ අගෙමසු. මම යහලුවාට පොතක් දෙනවා.
වතෂිව කනොජොනි හන ඔ අගෙමසු. මම පෙම්වතියට මලක් දෙනවා

ඉහත ආකෘතියෙහිම අග ක්‍රියාපදය වෙනස් කර තවත් වාක්‍ය සාදාගත හැකිය.
කෂිමසු - ණයට දෙනවා/නැවත ලබාගැනීමට යම්කිසිවක් දෙනවා
වතෂිව සතෝසන් නි කස ඔ කෂිමසු - මම සතෝ මහතාට කුඩයක් දෙනවා
ෂචෝව තොමොදචි නි ඔකනෙ ඔ කෂිමසු. සමාගමේ ප්‍රධානියා යාලුවයාට මුදල් ණයට දෙනවා.
ඔෂිඑමසු - උගන්වනවා
සෙන්සෙඉව ගකුසෙඉනි නිහොන්ගොඔ ඔෂිඑමසු. ගුරුවරයා ළමුන්ට ජපන් භාෂාව උගන්වනවා.
කකෙමසු - දුරකතන ඇමතුමක් දෙනවා.
වතෂිව හහනි දෙන්වඔ කකෙමසු. මම අම්මාට දුරකතන ඇමතුමක් දෙනවා.
කඉෂ නි දෙන්ව ඔ කකෙමසු. - ආයතනයට දුරකතන ඇමතුමක් දෙනවා.
කකිමසු.- ලියනවා
වතෂිව තොමොදචිනි තෙගමි ඔ කකිමසු - මම යහලුවාට ලිපියක් ලියනවා.

------------は だれに---------を----------ますか? (ප්‍රශ්නාර්ථවාචී බවට හැරවීම)
------------ව දරෙනි------------ඔ-----------මසුක?
මෙම වාක්‍ය ප්‍රශ්නාර්ථවාචී කිරීමේදී “දරෙනි“ කාටද? යන වචනයත් වාක්‍ය අගට“ක“ යන්නත් එකතු කළ යුතුය.
අනතව දරෙනි හන ඔ අගෙමසුක? ඔයා කාටද මලක් දෙන්නේ?
කනොජොනි අගෙමසු. පෙම්වතියට දෙනවා.( පිලිතුරු දීමේදී කෙටියෙන් ප්‍රකාශ කළ හැකිය)
ෂචෝව දරෙනි ඔකනෙ ඔ කෂිමසුක? ෂචෝ කාටද මුදල් ණයට දෙන්නේ?
තොමොදචිනි කෂිමසු. යහලුවාට ණයට දෙනවා.
දරෙනි නෙන්ගජෝ ඔ කකිමසුක?කාටද අලුත් අවුරුදු සුභ පැතුම්පත් ලියන්නේ?
සෙන්සෙඉ තො තොමොදචි නි කකිමසු. ගුරුවරයාට සහ යහලුවාට ලියනවා

----------は-----------に-----------を----------ます.(හිස්තැනට අවශ්‍ය චවනය යොදන්න)
----------ව-------------නි-----------ඔ-----------මසු.
“මොරයිමසු“ යන්නෙහි තේරුම ලැබෙනවා යන්නයි. කෙනෙකුට වෙනත් කෙනෙකුගෙන් යම්කිසි දෙයක් ලැබෙනවා යන්න ප්‍රකාශ කරන්නේ මෙම වාක්‍ය ආකෘතියෙනි. මෙහි“ව“නිපාතයෙන් ලැබෙන කෙනාත්, “නි“ නිපාතයෙන් දෙන කෙනාත් විස්තර කෙරේ.
“මට යහලුවාගෙන් පොතක් ලැබෙනවා“ යන වාක්‍යය ඉහත ආකෘතියට ඇතුළත් කර බලමු.
වතෂිව තොමොදචිනි හොන් ඔ මොරයිමසු.- මට යහලුවාගෙන් පොතක් ලැබෙනවා.
වතෂිව කනොජොනි හනඔ මොරයිමසු. - මට පෙම්වතියගෙන් මලක් ලැබෙනවා.
ඉහත ආකෘතියෙහිම අග ක්‍රියාපදය වෙනස් කර තවත් වාක්‍ය සාදාගත හැකිය.
කරිමසු. ණයට ඉල්ලා ගන්නවා
වතෂිව තොමොදචි නි හොන් ඔ කරිමසු. මම යහලුවාගෙන් පොතක් ඉල්ලා ගන්නවා
නරයිමසු- ඉගෙන ගන්නවා
වතෂිව නිහොන්ජින් නි නිහොන්ගො ඔ නරයිමසු - මම ජපන් ජාතිකයෙකුගෙන් ජපන් භාෂාව ඉගෙන ගන්නවා
නි“ නිපාතය වෙනුවට “කර“ නිපාතය යෙදීම
අර්ථය සමාන වේ.
කිමුර සන්ව යමද සන් කර(නි)හොන් ඔ මොරයිමෂිත. කිමුර මහතාට යමද මහතාගෙන් පොතක් ලැබුණා

-----------はだれに----------を-----------ますか?(ප්‍රශ්නාර්ථවාචී බවට හැරවීම)
මෙම වාක්‍යයෙහි “දරෙනි“ යන්නෙහි තේරුම කාගෙන්ද? යන්නයි.
අනතව දරෙනි හොන් ඔ මොරයිමෂිතක? - ඔයාට කාගෙන්ද පොතක් ලැබුණෙ?
තොමොදචිනි මොරයිමෂිත. යහලුවාගෙන් ලැබුණා.

අගෙමසු - දෙනවා සහ මොරයිමසු - ලැබෙනවා යන වාක්‍යය දෙකෙහි වෙනස අවබෝධ කරගනිමු. මෙම දෙකෙහිම ව්‍යාකරණ ආකෘතිය සමාන වේ. අගට යොදන ක්‍රියාපදය අනුව අර්ථය වෙනස් වේ. මුල් වාක්‍යයෙහි දෙන තැනැත්තා පළමුවත් ලබන තැනැත්තා දෙවනුවත් යෙදෙන අතර, දෙවෙන වාක්‍යයෙහි ලබන තැනැත්තා පළමුවත් දෙන තැනැත්තා දෙවනුවත් යෙදේ.

දෙනපුද්ගයා ලබන පුද්ගලයා නි    කර්මය    ඔ අගෙමසු.
සතෝසන්    ව කතෝසන්         නි    ඔමියගේ ඔ අගෙමසු. 
සතෝ මහතා කතෝ මහතාට තෑග්ගක් දෙනවා

ලබන පුද්ගලයාදෙන පුද්ගලයා නි කර්මය     ඔ මොරයිමසු
කතෝසන්        ව සතෝසන්         නි ඔමියගෙ  ඔ මොරයිමසු. 
කතෝමහතාට සතෝ මහතාගෙන් තෑග්ගක් ලැබෙනවා

もう--------ました( හිස්තැනට අවශ්‍ය වචනය යොදන්න)
මෝ---------මෂිත
මෝ+ක්‍රියාපද  මෂිත
“යම්කිසි දෙයක් දැනටමත් කරල අවසානයි?“ යනුවෙන් ප්‍රකාශ කරන්නේ මෙම වාක්‍ය ආකෘතියෙනි.
මෙහි “මෝ“ යන්නෙහි තේරුම “දැනටමත්“ යන්නයි. මෙහිදී ක්‍රියාපදය අතීත කාලයෙන් තැබිය යුතු අතර.ප්‍රශනාර්ථයට හැරවීමේදී වාක්‍ය අගට“ක“එකතු කළ යුතුය. ඔබ එම කාර්යය තවම කර නොමැති නම් පිලිතුරු දිය යුත්තේ “ඊඊඑ, මද දෙසු“ යනුවෙනි. මෙහි “මද“ යන්නෙහි තේරුම“තවම කරලා නැත“යන්නයි. 

මෝ ගොහන් ඔ තබෙමෂිතක? - ඔබ දැනටමත් කෑම කාලද? ( ප්‍රශ්නාර්ථවාචී වාක්‍යය)
හයි, මෝ තබෙමෂිත - ඔව්, දැනටමත් කෑම කාල ඉන්නේ.( ඇත අර්ථය)
ඊඊඑ, මද දෙසු.- නෑ, තවම නෑ. (නැත අර්ථය)

මෝ ෂුකුදයි ඔ ෂිමෂිතක? - දැනටමත් ගෙදරවැඩ කරලා ඉවරද?
හයි,මෝ ෂිමෂිත - ඔව්, දැනටමත් කරල අවසන්.
ඊඊඑ,මද දෙසු - නෑ තවම කරලා නෑ.

මෝ එඉග ඔ මිමෂිතක? - දැනටමත් චිත්‍රපටය බලලා ඉවරද?
හයි, මෝ මිමෂිත. - ඔව්, දැනටමත් බලලා ඉවරයි.
ඊඊඑ, මද දෙසු. - නෑ, තවම බැලුවේ නෑ.