මෙම වීඩියෝවෙහි සඳහන්ව ඇති ඔබ ජපානයෙහිදී කළ යුතු සහ නොකළ යුතු දේවල්
01.සෑම දිනකම නාන බේසමෙන් ඇඟ සේදීම(මයිනිචි ඔෆුරො නි ත්සුකරු)
02. ආහාර ගන්නා විට පිඟන් කෝප්ප ආදිය එක් අතකින් හෝ අත් දෙකින් රැගෙන ආහාර ගැනීම- මේ ආකාරයෙන් ආහාර ගැනීම වෙනත් රටවලදී ආචාරශීලි නොවන නමුත් ජපානයේදී ඔබ පුරැදු විය යුතු ආචාරශීලි ක්‍රමයකි. (ෂොක්කි ඔ මොත්තෙ තබෙරු)
03. දුම්රිය මැදිරි තුළදී අචාරශීලීි් වීම. සෙසු මගීන්ට හිරිහැරයක් වන බැවින් ජපන් ජාතිකයෝ දුම්රිය මැදිරි තුළදී දුරකතනයෙන් කතා නොකරන අතර ඒ වෙනුවට පණිවුඩ හුවමාරු ක්‍රම භාවිතයට ගනිති. ( දෙන්ෂ නො නක නො මනා ග ඊඊ)
04. අර්ධ කාලීන රැකියා කිරීම - ( සන්ග්යෝ ඔ සුරු කොතො ග අරු)
05. “සුමිමසෙන්“ යන වචනය නිතරම ප්‍රකාශ කරයි - වරදක් සිදු වූ විට සමාව ගැනීමේදී මෙන්ම ස්තූතිය ප්‍රකාශ කිරීමේදී ද මෙම වචනය භාවිතා කරනු ලැබේ. ( සුමිමසෙන් තො ඉඋ කොතො ග ඕඉ)
06. කෙනෙතු සමඟ කතාබහ කරන විට අනෙකා ප්‍රකාශ කරන දෙය තමන් හොඳින් අසාගෙන සිටින බව ඇඟවීමට “හා“ “හයි“ “උන්“ආදී වචන කිහිපයක් භාවිතා කරති. පහත වීඩියෝව නරඹන්න. (අයිත්සුචි ඔ උත්සු)
ප්‍රකාශ කරන දෙය ගැන සැකයක් ඇති වූ විට හා“ යන්නද, හ්ම්, ඔව් යන අදහසින් “උන්“ සහ “හයි “යන්න ද
ප්‍රකාශ කරති. ආචාරශීලිව කතා කළ යුතු අවස්ථාවකදී “හයි“ භාවිතා කරති.
කෙනෙකු සමඟ කතාකරන විට පහත වීඩියෝවෙහි සඳහන් කරන වචන සහ ඉඟි ද ප්‍රකාශ කරති.
