Monday, October 26, 2020

මින්න නො නිහොන්ගො 03 පාඩම - කොකො, සොකො, අසොකො, දොකො

 

ස්ථානයක් පිළිබඳ හැඳින්වීමේදී භාවිතා කරන නිදර්ශක පද

කොකො            -    මෙතැන හෝ මෙම ස්ථානය - කථකයා සිටින ස්ථානය

සොකො            -    ඔතැන  හෝ ඔය ස්ථානය    - අසන්නා සිටින ස්ථානය

අසොකො          -    අතැන හෝ අර ස්ථානය       කියන්නාට සහ අසන්නාට යන දෙදෙනාටම ඈතින් පිහිටි ස්ථානය

දොකො            -    කොතැනද?    -    ප්‍රශ්නාර්ථවාචී වචනය

දිශාවක් පිළිබඳ හැදින්වීමේදී පහත සඳහන් වචන භාවිතා කරන අතර, ස්ථානයන් පිළිබඳ හැඳින්වීමේදී භාවිතා කරන කොකො.සොකො.අසොකො යන වවනවල ආචාරශීලි වචන ලෙස ද භාවිතා වේ.

කොචිර             -     මේ දිශාව, මේ පැත්ත, මෙතැන - කථකයා සිටින ස්ථානය

සොචිර             -      ඔය දිශාව, ඔය පැත්ත, ඔතැන  - අසන්නා සිටින ස්ථානය

අචිර                 -     අර දිශාව, අර පැත්ත,අතැන        - කථකයා සහ අසන්නා යන දෙදෙනාටම ඈතින් ඇති දෙයක්                                 ගැන කථාකිරීමේදී

දොචිර               -     කුමන දිශාවද, කොයි පැත්තද, කොතැනද. කොහේද?

නාමපද+ව+නාමපද(ස්ථාන) දෙසු.

මෙම වාක්‍ය රටා උපයෝගී කරගෙන ඔබට යම්කිසි ස්ථානයක් පිළිබඳ විස්තර කිරීමට හා යම්කිසි දෙයක් තිබෙන තැනක් හෝ පුද්ගලයෙකු සිටින තැනක් පිළිබඳව විස්තර කළ හැක.

ක්යෝෂිත්සු ව අසොකො දෙසු.        -    පන්ති කාමරය අර ස්ථානයේය.
දෙන්ව ව නිකඉ දෙසු.                        -   දුරකතනය දෙවැනි තට්ටුවේ ඇත.
යමදසන් ව ජිමුෂො දෙසු.                   -   යමද මහතා පන්ති කාමරයේ සිටි.    

දොකො / දොචිර

දොකො යන ප්‍රශ්නාර්ථවාචී වචනයෙන් “කොහේද?“ යන අදහසත්, දොචිර යන වචනයෙන් “කුමන දිශාවද“ යන අදහසත් ගෙන දේ. එසේම දොචිර යන වචනය දොකො යන්නෙහි ආචාරශීලි වචනයයි.

ක්යොෂිත්සු ව දොකො දෙසුක?       -    පන්ති තාමරය කොහේද?
අසොකො දෙසු.                             -     පන්ති කාමරය අතැන

ජිමුෂො ව  දොචිර දෙසුක?                -    කාර්යාලය කොහේද?
අචිර දෙසු.                                        -   කාර්යාලය අතැන

දොකො / දොචිර  පුද්ගලයෙකු අයිති රට. ආයතනය, පාසැලක නම ඇසීමේදී දොකො හෝ දොචිර යන වචනය භාවිතා කෙරේ. දොචිර වඩාත් අචාරශීලිව වචනයයි.

ගක්කෝව දොකො දෙසුක?           -     ඔබේ පාසැල කුමක්ද?
කඉෂ ව දොචිර දෙසුක?                -       ඔබ වැඩකරන ආයතනය කුමක්ද?     
කුනි ව දොචිර දෙසුක?                   -    ඔබගේ රට කොහේද?

නාමපදය + නො + නාමපදය

මෙම වාක්‍යය රටාවේදී පලමු නාමපදයට රටක නම යෙදී  දෙවන නාමපදයට නිෂ්පාදනයක නමක් එන විට එයින් ප්‍රකාශ වන්නේ එම රටෙහි නිෂ්පාදනයක් බවයි. පලමු නාමපදයට සමාගමක නමක් යෙදී දෙවන නාමපදයට නිෂ්පාදනයක නමක් සඳහන් වෙයි නම් එයින් ප්‍රකාශ වන්නේ එම සමාගමෙහි නිෂ්පාදනයක් බවයි.මෙහි දොකො යන්නෙහි තේරුම කොහේදී  හෝ කවුරුන් විසින් නිෂ්පාදනය කරන ලැබුවේද යන්නයි.

නිහොන් නො කුරුම දෙසු.                    -    ජපානයේ නිෂ්පාදිත වාහනයකි.
තොයෝත නගොය නො කුරුම දෙසු.    -    නගොය තොයෝත සමාගමේ වාහනයකි.
කොරෙව දොකො නො කුරුම දෙසුක?    -    මෙම වාහනය නිෂ්පාදනය කරන ලද්දේ කොහේද?

නිදර්ශක පදවල කො.සො.අ.දො වරනැගීමේ ක්‍රමය

                                කො                                සො                                                        දො

භාණ්ඩයක්            කොරෙ-මේක                  සොරෙ-ඕක                  අරෙ-අරක             දොරෙ-කෝකද

භාණ්ඩයක් සහ     කොනො+නාමපද            සොනො+නාමපද        අනො+නාමපද        දොනො+නාමපද
පුද්ගලයෙක්          මේ                                    ඔය                            අර                            මොන

ස්ථාන                   කොකො-මෙතැන           සොකො-ඔතැන            අසොකො-අතැන     දොකො-කොතැනද

ස්ථාන(ආචාරශීලි)
සහ දිශාවන්            කොචිර                        සොචිර                            අචිර                        දොචර

 - ගෞරවාර්ථ ප්‍රත්‍ය -prefix

අසන්නාට හෝ වෙනත් කෙනෙකුට ගෞරව දැක්වීමේ අදහසින් වචනයක මුලට යොදා භාවිතා කරනු ලැබේ.

කුනි යන වචනයෙහි තේරුම රට වන අතර, ගෞරවය දැක්වීම සඳහා ඔකුනි යනුවෙන් භාවිතා කරනු ලැබේ. තමන් ගැන විස්තර කිරීමේදී වචනවලට “ඔ“එකතු නොකළ යුතුය.

කුනි ව දොචිර දෙසුක?        ඔබගේ රට කොහේද?
සුරිරන්ක දෙසු.                      මගේ රට ශීු ලංකාව