![]() |
දැන් වේලාව කීයද? |
Saturday, October 31, 2020
මින්නනො නිහොන්ගො 04 පාඩම - ඉම නන්ජි දෙසුක?
Monday, October 26, 2020
ජපන් ආහාර සංස්කෘතිය - ෂොකුජිමනා
ජපන් ක්‍රමයට ආහාර ගනිමු
මින්න නො නිහොන්ගො 03 පාඩම - කොකො, සොකො, අසොකො, දොකො
ස්ථානයක් පිළිබඳ හැඳින්වීමේදී භාවිතා කරන නිදර්ශක පද
කොකො - මෙතැන හෝ මෙම ස්ථානය - කථකයා සිටින ස්ථානය
සොකො - ඔතැන හෝ ඔය ස්ථානය - අසන්නා සිටින ස්ථානය
අසොකො - අතැන හෝ අර ස්ථානය කියන්නාට සහ අසන්නාට යන දෙදෙනාටම ඈතින් පිහිටි ස්ථානය
දොකො - කොතැනද? - ප්‍රශ්නාර්ථවාචී වචනය
දිශාවක් පිළිබඳ හැදින්වීමේදී පහත සඳහන් වචන භාවිතා කරන අතර, ස්ථානයන් පිළිබඳ හැඳින්වීමේදී භාවිතා කරන කොකො.සොකො.අසොකො යන වවනවල ආචාරශීලි වචන ලෙස ද භාවිතා වේ.
කොචිර - මේ දිශාව, මේ පැත්ත, මෙතැන - කථකයා සිටින ස්ථානය
සොචිර - ඔය දිශාව, ඔය පැත්ත, ඔතැන - අසන්නා සිටින ස්ථානය
අචිර - අර දිශාව, අර පැත්ත,අතැන - කථකයා සහ අසන්නා යන දෙදෙනාටම ඈතින් ඇති දෙයක් ගැන කථාකිරීමේදී
දොචිර - කුමන දිශාවද, කොයි පැත්තද, කොතැනද. කොහේද?
නාමපද+ව+නාමපද(ස්ථාන) දෙසු.
දොකො / දොචිර
නාමපදය + නො + නාමපදය
නිදර්ශක පදවල කො.සො.අ.දො වරනැගීමේ ක්‍රමය
කො සො අ දො
ඔ - ගෞරවාර්ථ ප්‍රත්‍ය -prefix
Saturday, October 17, 2020
ජපන් ජාතිකයන් සමඟ කතා කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු - නිහොන්ජින් ග ෂිනයි කොතො

අයිත්සුචි
“ඔව්“ යනුවෙන් ප්‍රකාශ කිරීමේදී “හයි“ සහ “උන්“ වචන භාවිතා කරති.
හ
ෂිත උචි
ඉප්පන්තෙකි. කෙඉගො. තෙඉනෙඉගො භාවිතා කිරීම
සමාව ගැනීම
භූමිකම්පාවක් ? - ජිෂින් නො තොකි දෝ සුරු?

භූමිකම්පාවකදී කුමන ආකාරයේ හානියක් සිදු වේද?
භූමිකම්පාවක් සිදුවන විට හා ඉන් පසුව හැසිරිය යුතු ආකාරය
භූමිකම්පාවකින් ආරක්ෂා වීම සඳහා නිවසේදී අනුගමණය කළ යුතු ආරක්ෂක විධි
- නිවස .තුළ අවම ගෘහ භාණ්ඩ ප්‍රමාණයක් තබා ගැනීම
- කුඩා ළමුන්. වැඩිහිටියන්. ආබාධිත අය සිටින කාමරවල සහ පන්ති කාමරවල පෙරලීමට පහසු ගෘහභාණ්ඩ ඉවත් කිරීම
- ඇතුල්වීමේ පිටවීමේ දොරටු සහ කොරිඩෝවල භාණ්ඩ නොතැබීම
- ඉතිරිවී ඇති ගෘහභාණ්ඩ උඩ වෙනත් උපකරණ නොතැබීම
- නිවසේ ඇති පොත්, පිඟන් රාක්ක බිත්තියට අල්ලා සවි කිරීම
- ගිනිගැනීම් පිළිබඳ අනතුරැ ඇඟවීමේ උපකරණ සවිකිරීම
- පහසුවෙන් ගිනිනොගන්නා තිර රෙදි ආදිය භාවිතා කිරීම
- රූපවාහිනිය මිටි ස්ථානයක තැබීම
- භූකම්පනයන්ට ඔරොත්තු දෙන ආකාරයේ නිවාස ඉදිකිරීම
භූමිකම්පාවක් ඇති වූ විට කෙසේ කටයුතු කළ යුතුද?
- විනාඩි 01 - 02 කාලය තුළ - ගිනිගැනීම් සිදුවී ඇත්නම් පාලනය කිරීම. ගෙදර සිටින්නන් ආරක්ෂිත බව තහවුරු කර ගැනීම. පාද වලට තුවාල විය හැකි බැවින් වහා සුදුසු සපත්තු පැළඳ ගැනීම. හදිසි අවස්ථාවකදී අවශ්‍ය අත්‍යවශ්‍ය දේවල් අඩංගු බෑගය තමන් අසළින් තබා ගැනීම.
- 03 වන විනාඩියේ දී අසල්වැසියන් පිළිබඳ සොයා බැලීම. විශාල භූමිකම්පා සමඟ පසුකම්පන ඇතිවන බැවින් අවධානය යොමු කිරීම. නිවාසය තඩාවැටීමේ අවදානමක් ඇත්නම් වහා එළියට දිව යාම.
- 05 වන විනාඩියේ දී රුපවාහිනිය, ගුවන් විදුලිය හෝ ජංගම දුරකතන මාර්ගයෙන් භූමිකම්පාව පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීම. ජංගම දුරකතනවල Safety tips, japan official travel app, nhk world japan ආදී app භාවිතයෙන් තොරතුරු ලබාගත හැකිය.
- විනාඩි 05 - 10 කාලය තුළ - පාසල්වල සිටින තම දරුවන් ගැන සොයාබැලීමට යාම. එසේ නිවසෙන් පිටව යන්නේ නම් තමන් යන ස්ථානය ලියන ලද කොළයක් හොඳින් පෙනෙන ස්ථානයක රඳවා තැබිය යුතුය. ගිනිගැනීම් වලින් ආරක්ෂාවීමට ගෑස්නල අක්‍රිය කිරීම සහ විදුලිය විසන්ධි කිරීම
- විනාඩි 10 කාලයකින් පසු අසල්වැසියන් සමඟ එකතු වී ගිනිනිවීම් සහ ගලවාගැනීමේ මෙහෙයුම් වලට උදව් කිරීම
- දින 03 කාලය තුළ - නිවාස කඩාවැටීමට ලක්විය හැකි බැවින් ආරක්ෂිත ස්ථානවලම රැඳී සිටීම
- කඩාවැටුණු නිවාස වලට ඇතුලු නොවීම.
- අත්‍යවශ්‍ය දේ තමා සන්තකයේම තබා ගැනීම
- ගිනිගත් සහ විනාශ වූ දේපළ පිළිබඳ තොරතුරු රැස්කිරීම
- පසුකම්පන පිළිබඳ අවධානයෙන් සිටීම
- රාජ්‍ය ආයතන සහ වෙනත් සංවිධානවල උපදෙස් පරිදි කටයුතු කිරීම
- අවතැන් වූවන් විසින් සංවිධානගත වීම
- සමූහයක් සමඟ ජීවත් වීමේදී අනුගමණය කළ යුතු ක්‍රමවේද අනුගමණය කිරීම
- එකිනෙකාට උදව් කිරීම
ස්වාභාවික ආපදාවක් සිදුවීමට පෙර සූදානම
- ස්වාභාවික ව්‍යසනයක් සිදු වූ පසු යායුතු ආරක්ෂිත ස්ථාන පිළිබඳව සහ යායුතු මාර්ග පිළිබඳව දැනගැනීම
- ආහාරපාන ආදි එදිනෙදා අත්‍යවශ්‍ය දේ සූදානම් කර තැබීම
- අත්‍යවශ්‍ය දේ අඩංගු බෑගයක් සූදානම් කර තැබීම. මෙහි ආහාරපාන වර්ග. එදිනෙදා අවශ්‍ය දේවල්, බැංකු පොත්, මුද්‍රා සහ සෞඛ්‍ය රක්ෂණ සහතික. ප්‍රථමාධාර උපකරණ ඇතුළත් වේ.
ජපන් ජාතිකයන් සහ විදේශකයන් අතර පවතින සංස්කෘතික සහ ආචාර විධි වෙනස්කම්
කෙනෙකු සමඟ කතාකරන විට පහත වීඩියෝවෙහි සඳහන් කරන වචන සහ ඉඟි ද ප්‍රකාශ කරති.
Friday, October 16, 2020
මින්නනො නිහොන්ගො 02 පාඩම - කොරෙ, සොරෙ, අරෙ
නිදර්ශක පද
යම්කිසි භාණ්ඩයක් පිළිබඳ විස්තර කිරීමේදී ප්‍රකාශ කරන වචන
මෙම වචන වාක්‍යයක නාමපද ලෙස ක්‍රියාකරයි.
කොරෙ. සොරෙ. අරෙ.
කොරෙ - මේක - කථකයාගේ අසළ තිබෙන දෙයක් ගැන විස්තර කිරීමේදී කොරෙ ව හොන් දෙසු - මේක පොතකි
සොරෙ - ඕක - අසන්නාගේ ළඟ තිබෙන දෙයක් ගැන විස්තර කිරීමේදී සොරෙ ව හොන් දෙසු - ඕක පොතකි.
අරෙ - අරක - කථකයාට සහ අසන්නාට යන දෙදෙනාටම ඈතින් තිබෙන දෙයක් පිළිබඳ විස්තර කිරීමේදී අරෙ ව හොන් දෙසු. - අරක පොතකි.
කොනො. සොනො. අනො
මෙම වචන නාමපද සමඟ සම්බන්ධ වී භාවිතයේ යෙදේ.
කොනො + නාමපද සොනො + නාමපද අනො + නාමපද
කොනො - මේ - කථකයා අසළ තිබෙන දෙයක් ගැන විස්තර කිරීමේදී කොනො හොන් - මේ පොත
සොනො - ඔය - අසන්නා ළඟ තිබෙන දෙයක් ගැන විස්තර කිරීමේදී සොනො හොන් - ඔය පොත
අනො - අර - කථකයාට සහ අසන්නාට ඈතින් තිබෙන දෙයක් ගැන විස්තර කිරීමේදී. අනො හොන් - අර පොත
සෝ
වාක්‍ය+ක, වාක්‍ය+ක (මෙහි “ක“ යන්නෙහි තේරුම ප්‍රශ්නාර්ථයයි)
නාම පද + නො + නාම පද
සෝදෙසුක?
Saturday, October 10, 2020
මින්නනො නිහොන්ගො 01 පාඩම - පළමු වරට කෙනකු හඳුනාගැනීම

පළමු හමුවීම
ජපන් භාෂාව ආචාරශීලි වදන් විශාල ප්‍රමාණයක් අඩංගු සුන්දර භාෂාවකි. විවිධ අවස්ථාවලදී භාවිතා කිරීම සඳහා විශේෂිත වූ වචන රාශියක් ඇති අතර.ජපන් භාෂාව ඉගෙන ගන්නා ළමුන් එම වචන නිවැරදිව අවස්ථානුකූලව හැසිරවීමට හුරැවිය යුතුය. සංස්කෘතිකමය සහ භාෂාමය විවිධත්වය මත සමහර වචන සඳහා පැහැදිලි අර්ථකතන සිංහල භාෂාවෙන් ලබාදීමට නොහැකි අතර ඒවා භාවිතාවෙන් හුරුවීමට සිදු වේ.
පළමු වරට කෙනකෙු මුණ ගැසුන විට එම තැනැත්තා හඳුනාගැනීම සඳහා “හජිමෙමෂිතෙ“ “යොරොෂිකු ඹනෙගයිෂිමසු“ යනුවෙන් ප්‍රකාශ කරනු ලැබේ.එහි තේරැම ඔබව හඳුනාගැනීම සතුටක් යන්න වේ. එවිට අනෙක් තැනැත්තා “හජිමෙමෂිතෙ“ යන වචනය සමඟ “කොචිරකොසො යොරොෂිකු ඹනෙගයිෂිමසු “යනුවෙන් ප්‍රතිචාර දක්වයි. මෙහි “කොචිරකොසො“ යන්නෙහි අදහස “එසේමම“ යන්න වේ. ඒ අනුව අනෙක් තැනැත්තා“ ඔබව හඳුනාගැනීමට ලැබීම එසේමම මට ද සතුටකි “යනුවෙන් ප්‍රකාශ කරයි.
ස්වයං හැඳින්වීම පහත සඳහන් පරිදි කොටස් කිහිපයකට වෙන්කර ගත්විට අවබෝධ කර ගැනීමට පහසුය.
1.ආචාර කිරීම - ආචාර කිරීමේදී හජිමෙමෂිතෙ/දෝමො/දෝමො හජිමෙමෂිතෙ යන වචන තුනෙන් එකක් භාවිතා කළ හැකිය. සාමාන්‍යයෙන් බහුලව භාවිතා වන්නේ හජිමෙමෂිතෙ යන වචනයයි.
2.නම ප්‍රකාශ කිරීම - තමන්ගේ නම සමඟ අගට “දෙසු “යන වචනය භාවිතා කරන අතර, වඩාත් ආචාරශීලිව ප්‍රකාශ කිරීමට අවශ්‍ය නම් නම අගට “තො මෝෂිමසු“ යනුවෙන් යෙදිය යුතුය.
3.තමන් පිළිබඳ විස්තර ප්‍රකාශ කිරීම - තමන් කුමන ප්‍රදේශයේ හෝ කුමන රටේ සිට පැමිණියේද? රැකියාව කරන ස්ථානය, ශිෂ්‍යයෙක් නම් පාසැල හෝ විශ්ව විද්‍යාලය සහ ඉගනෙුම ලබන පන්තිය ප්‍රකාශ කළ යුතුය.
4. නැවත ආචාර කිරීම - සාමාන්‍යයෙන් යොරොෂිකු හෝ දෝසො යොරොෂිකු කියා ස්වයං හැඳින්වීම අවසන් කරන අතර වඩාත් ආචාරශීලි විය යුතු අවස්ථාවකදී යොරොෂිකු ඔනෙගයිෂිමසු යනුවෙන් ප්‍රකාශ කරනු ලැබේ.
ස්වයං හැඳින්වීමක් කරන ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් පහත වීඩියෝව නැරඹීමෙන් ලබාගත හැකිය
වාක්‍ය රටා සහ ව්‍යාකරණ
නිපාත පද - ජපන් භාෂාවේ වාක්‍යවල වචන අතර සම්බන්ධතාවය ඇතිකිරීම සඳහා නිපාත පද භාවිතා කරනු ලැබේ. මෙම පාඩමේ එවැනි නිපාත පද කිහිපයක් දක්නට ලැබේ.
ව ( は ) - මෙම නිපාත පදය වාක්‍යයක මාතෘකාව අඟවන අතර. එම වචනය හෝ වචන කිහිපය නිතරම “ව “නිපාත පදයට මුලින් යෙදේ.
උදා- වතෂි ව මයිකු මිරා දෙසු - මම මයිකු මිරා වෙමි.
ක(か)- මෙය ජපන් භාෂා වාක්‍යයක් ප්‍රශ්නාර්ථවාචී වාක්‍යයක් බවට පත්කරන නිපාත පදයයි.මෙය සමහර වාක්‍යවල අගට යෙදෙන අතර සමහර වාක්‍යවල මැදට යෙදේ. සමහර අවස්ථාවන්හිදී ප්‍රශ්නාර්ථවාචී පද සමඟ යෙදේ.
උදා-
අනතව ගකුසෙඉ දෙසුක - ඔබ ශිෂ්‍යයෙක් ද ?
සතො සන් ව කඉෂඉන් දෙසුක, සෙන්සෙඉ දෙසුක - සතො මහතා සේවකයෙක්ද ?ගුරැවරයෙක් ද?අනො හිතොව දරෙ දෙසු ක? (දරෙ ප්‍රශ්නාර්ථවාචී පදයකි) - අර පුද්ගලයා කවරෙක් ද?
මො(も)- සිංහල භාෂාවේ “ත්“ යන අර්ථය ගෙන දෙන නිපාත පදයයි. වාක්‍යයක මාතෘකාව අඟවන “ව“නිපාත පදය වෙනුවට භාවිතා වේ. නිතරම පෙර වාක්‍යය සමඟ සංසන්දනය කිරීමේදී පසු වාක්‍යයෙහි “ව“ වෙනුවට “මො“ යොදා ගනී.
උදා- කතො සන් ව සෙන්සෙඉ දෙසු. සතො සන් මො සෙන්සෙඉ දෙසු.
කතො මහතා ගුරැවරයෙකි. සතො මහතාත් ගුරැවරයෙකි.
නො(の) - නාමපද දෙකක් සම්බන්ධ කිරීමේදී, යම්තිසි අයිතියක් හෝ සම්බන්ධතාවයක් ප්‍රකාශ කිරීමේදී මෙම නිපාත පදය යොදා ගනී.
උදා- කඉෂ නො හිතො - කම්පැනි එකේ කෙනෙක්
වතෂි නො හොන් - මගේ පොත
සකුර දයිගකු නො සෙන්සෙඉ - සකුර විශ්ව විද්‍යාලයේ ගුරැවරයෙක්
ආඛ්‍යාත පද - වාක්‍යයක් අවසන් කිරීමේදී මෙම ආඛ්‍යාත පද භාවිතයට ගනු ලබන අතර වර්තමාන සහ අතීත කාල දෙකෙහි, ඇත අර්ථයෙහි සහ නැත අර්ථයෙහි හා විධිමත් සහ අවිධිමත් ව්‍යවහාරයෙහි මෙම ආඛ්‍යාත පද වරනැගේ.
විධිමත් ව්‍යවහාරය(ආචාර ශීලි polite)
ඇත අර්ථය නැත අර්ථය
වර්තමාන දෙසු දෙවඅරිමසෙන්/ ජඅරිමසෙන්
අතීත දෙෂිත දෙවඅරිමසෙන් දෙෂිත/ජඅරිමසෙන් දෙෂිත
අවිධිමත් ව්‍යවහාරය (plain)
ඇත අර්ථය නැත අර්ථය
අතීත දත්ත දෙවනකත්ත/ජනකත්ත
උදා-
සතෝසන් ව සෙන්සෙඉ දෙවඅරිමසෙන් සතෝ මහතා ගුරැවරයෙක් නොවේ.
ජඅරිමසෙන්
සතෝසන් ව සෙන්සෙඉ දෙෂිත සතෝ මහතා ගුරැවරයෙක් විය
සතෝසන්ව සෙන්සෙඉ දෙවඅරිමසෙන් දෙෂිත
ජඅරිමසෙන් දෙෂිත සතෝ මහතා ගුරැවරයෙක් නොවීය
සතෝසන් ව සෙන්සෙඉ ද සතෝ මහතා ගුරැවරයෙක් වේ.
සතෝසන් ව සෙන්සෙඉ දෙවනඉ/ජනඉ සතෝ මහතා ගුරැවරයෙක් නොවේ.
සතෝසන් ව සෙන්සෙඉ දත්ත සතෝ මහතා ගුරැවරයෙක් විය
සතෝසන්ව සෙන්සෙඉ දෙවනකත්ත
ජනකත්ත සතෝ මහතා ගුරැවරයෙක් නොවීය
විධිමත් සහ අවධිමත් ව්‍යවහාරයෙහි අර්ථ සමාන වේ.
__さん - අසන්නාට හෝ වෙනත් පුද්ගලයෙකුට ගෞරවය පිණිස නම අගට යොදා භාවිතා කෙරේ. කිසිම අවස්ථාවක ප්‍රකාශකයාගේ නම අගට භාවිතා නොකෙරේ.
වචන මාලාව
ජපන් භාෂාව Nat /Jlpt විභාග සඳහා උපකාරක පාඩම් මාලාව