Monday, January 26, 2026

japan words Snow 雪

මේ දවස්වල ජපානයේ නිතර භාවිතාවන වචන කිහිපයක් ජපන් ඉගෙන ගන්නා සිසුන්ගේ අවබෝධය සදහා පළකරනවා. අඩුපාඩු වචන තිබේනම් comment කරන්න. 積雪 せきせつ හිමපතනය 降り続き ふりつづき නොකඩවා වහිනවා ドカ雪 どかゆき කෙටිකාලයක් තුළ අධිකව හිම වැටෙනවා 見込み みこみ අනුමාන. අපේක්ෂා කරනවා 雪かき ゆきかき හිම ඉවත් කරනවා උදලු සවල් වලින් 落雪 らくせつ  කදු හෝ ගොඩනැගිලිවලින් හිම බිමට වැටෙනවා 除雪作業 じょせつさぎょう ආයතන මගින් හිම ඉවත් කිරීමේ කටයුතු 積もっている つもっている හිම ගොඩගැහී තිබෙනවා 大雪 おおゆき හිම අධිකව වැටෙනවා 降雪量 こうせつりょう හිම පතනයේ ප්‍රමාණය 猛吹雪 もうふぶき තද සුළග සමග හිම වැටෙනවා 記録的 きろくてき වාර්තාගත ලෙස 融雪 ゆうせつ හිම දියවෙනවා 最低気温 さいていきおん අඩුම උෂ්ණත්වය 雪下ろし ゆきおろし වහල්වල හිම පහළට ගන්නවා 車が雪で覆われています ゆきでおおわれています වාහන හිමවලින් වැහෙ

Ishigaki Okinawa Japan

ඔකිනවා මතක..... මේ තියෙන්නෙ Ishigaki Ferry Terminal එක. Okinawa ken. yaeyama distric දූපත් 23 පමණ තිබෙන අතර පරිපාලන, ප්‍රවාහන සහ ආර්ථික මධ්‍යස්ථානය තමයි ඉෂිගකි. මෙහි සිට අනෙක් දූපත්වලට ferry වලින් යන්න පුලුවන්. ඉෂිගකිවලට අමතරව iriomote, taketomi,kohamajima,kuroshima, Yonaguni,වැනි ප්‍රධාන දූපත් සමූහයක් අවට පිහිටා තිබෙනවා.මේ ප්‍රදේශය ජපානයේ ප්‍රධාන සංචාරක ගමනාන්තයක්. ishigaki airport සිට ඔකිනවා නාහ, ෆුකෝකා,ඔිසකා සහ නරිතා දක්වා ගුවන් සේවා ක්‍රියාත්මක වෙනවා. ඉෂිගකි වරායටත් විශාල මගී නෞකාවලින් සංචාරකයන් පැමිණෙනවා.ඉෂිගකි අවුරුද්ද පුරාම සංචාරකයන්ගෙන් පිරී තිබෙන නගරයක්. අද තෝය කුන් එක්ක ඉෂිගකිවල පොඩි සංචාරයක්..... #followers #japanesesrilanka #japan #ජපන්

Japan Jobs ජපන් රැකියා

Japan Visa ESD Employment for Skill Development නිපුණතා සංවර්ධන රැකියා

ජපන් රජය විසින් විදේශික ශ්‍රමිකයන් සදහා හදුන්වා දී ඇති නවතම රැකියා වැඩසටහන තමයි 育成就労制度( ඉකුසෙයි ෂූරෝ සෙයිදො) Employment for Skill Development.මෙය කෙටියෙන් ESD කියලා හදුන්වනවා. දැනට ක්‍රියාත්මක TITP තාක්ෂණික සීමාවාසික පුහුණු වැඩසටහන 2027 වසරේ සිට අහෝසිවන අතර එයට විකල්පයක් ලෙස මෙය හදුන්වාදී තිබෙනවා. මෙය 2027 අප්‍රේල් 1 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ් අනුව විදේශික ශ්‍රමිකයන්ට ESD වීසා ක්‍රමය යටතේ රැකියා සදහා ජපානයට යාමට අවස්ථාව ලැබෙනවා. වීසා කාලය අවුරුදු 3ක් වන අතර නිපුණතා සහ භාෂා ප්‍රවීණතාවය සම්පූර්ණ කරන ශ්‍රමිකයන්ට ඉන් පසු SSW(i) විශේෂිත නිපුණතා වීසාවලට මාරුවීමට අවස්ථාව හිමි වෙනවා. අවශ්‍ය මූළික සුදුසුකම්: ජපන් භාෂාව A1 , JLPT N5 හෝ ඒ් හා සමාන ජපන් භාෂා පාඨමාලාවක් ජපානයේ රැකියාවට ඇතුළත් වූ පසු සම්පූර්ණ කළ යුතු සුදුසුකම්: වසර 3 කාලය තුළ මූලික කුසලතා ඇගයීම් පරීක්ෂණය (Basic grade of Trade Skill Test සහ SSW වීසා සදහා මාරු වීමට අවශ්‍ය ජපන් භාෂා ප්‍රවීණතාවය සම්පුර්ණ කළ යුතුයි. රැකියාව ආරම්භ කර වසරක කාලයකින් පසු රැකියා ස්ථානය වෙනස් කිරීමට අවස්ථාව ලැබෙන නමුත් ඒ් සදහා ඉහත සුදුසුකම් සම්පුර්ණ කිරීම අනිවාර්ය වනවා. SSW වීසා සදහා මාරුවීම: ESD වීසා වසර 3 කාලය තුළ Trade Skill Test grade 3 හෝ SSW(i) Skill Test සමග ජපන් භාෂාව JLPT N4 සමත් අයට SSW වීසා ඛාණ්ඩයට මාරු විමට අවස්ථාව ලැබෙනවා. එම කාලය තුළ සුදුසුකම් සම්පුර්ණ කිරීමට අපොහොසත් වන්නේ නම් ඒ් සදහා තවත් වසරක කාලයක් විසා දිගු කෙරෙනවා. වසර 3 කාලයෙහිදි ජපන් භාෂා දැණුම වර්ධනය කරගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීම රැකියා ස්ථානයෙහි වගකීමක්. ඉදිරි කාලසීමාව තුළදී ESD සහ SSW වීසා මගින් විදේශිකයන් මිලියන 1.23 පමණ ජපානයේ රැකියා අවස්ථා හිමි වෙනවා. ESD වැඩසටහන යටතේ ශ්‍රමිකයන් 426000 සහ SSW වැඩ සටහන යටතේ ශ්‍රමිකයන් 805700 එම පිරිසට ඇතුළත්.