技能実習 - ぎのうじっしゅう
ජපානයේ තාක්ෂණය සහ දැණුුම සංවර්ධනය වෙමින් පවත්නා සහ වෙනත් රටවල්වලට ලබාදීමේ අරමුණින් ආරම්භ කර ඇති වැඩසටහන සීමාවාසික පුහුණු රුකියා වැඩසටහන නමින් හැඳින්වේ. තමන්ගේ රටෙහි යම්කිසි ක්ෂේත්රයක් පිළිබඳ දැනුම සහ අත්දැකීම් ලබාගැනීමට අපහසු ආධුනිකයන්ට ජපානයෙහි ආයතන .කර්මාන්තශාලා , වැඩබිම් මගින් එම අවස්ථාව ලබාදෙන අතර, පුහුණුවන්නන් අදාළ කාලසීමාව අවසන් වීමේන් පසු මව්රටට ආපසු පැමිණ ජපානයෙහිදී ලබාගත් දැණුම සහ අත්දැකීම් තමන්ගේ රටෙහි දියුණුව වෙනුවෙන් කැපකළ යුතු වේ.
වීසා කාලසීමාව
මුලින්ම අවුරුදු 1 ක කාල සීමාවකට පුහුණු වීසා ලැබෙන අතර, එම කාලසීමාව පුහුණු වීසා 1 ලෙස හැඳින්වේ. 2වෙනි සහ 3 වෙනි අවරුදු කාලසීමාව පුහුණු වීසා අංක 2 ලෙස හඳුන්වන අතර, 4 වෙනි සහ 5 වෙනි අවුරුදු කාලසීඹාව පුහුණු වීසා අංක 03 ලෙස හැඳින්වේ. ඒ අනුව සම්පූර්ණ පුශුණු වීසා කාලසීමාව අවුරුදු 05 කි. ඔබට පුහුණු වීසා කාලසීමාව තුළ හිමිවන්නේ වේතනයක් නොව ජපානයෙහි ජීවත්වීම සඳහා අවශ්ය දීමනාවක් පමණි. ඛාණ්ඩ 80 ක රැකියා වර්ග 144 ක පුහුණුවීමට අවස්ථාව ලැබේ.
සංශෝධිත වීසා ක්රමය අනුව වීසා අංක 2 හෙවත් 3 වැනි අවුරුද්ද අවසානයේදී තමන් පුහණුව ලැබූ ක්ෂේත්රෙයහිම නිපුණතා රුකියා සඳහා තම වීසා මාරුකිරීමට අවස්ථාව ලැබේ. එහෙත් ඒ සඳහා අදාළ ක්ෂේත්රෙයහි නිපුණතා විභාගය සහ ජපන් භාෂා ප්රවීණතා විභාග සමත් වීය යතුවේ.
特定技能 - とくていぎのう
ජපානයෙහි පවත්නා ශ්රමිකයන්ගේ හිඟයට ඉක්මන් විසඳුමක් ලෙස විශේෂ නිපුණතාවය ඇති විදේශිකයන්ට ජපානයට පැමිණ අදාළ ක්ෂේත්රවල රැකියා කිරීමට විශේෂ නිපුණතා සේවක වීසා ක්රමය හඳුන්වා දී ඇත. පුහුණුවන්නෙක් ලෙස ජපානයට එන විදේශිකයන්ට මෙන් නොව මෙම ක්රමයෙන් ජපානයෙහි රැකියාවක් සඳහා යාමට ජපන් සංස්කෘතිය සමාජය පිළිබඳ දැණුම සමඟ අදාළ ක්ෂේත්රෙවල නිපුණතා විභාග සහ ජපන් භාෂා ප්රවීණතා විභාලයෙහි අදියර 4 සමත් වීය යුතු වේ.
නිපුණතා සේවක වීසා අංක 1 සහ අංක 2 ලෙස වර්ග දෙකක් හඳුන්වා දී තිබේ. නිපුණතා වීසා 1 යටතේ අවුරුදු 5 දක්වා ජපානයෙහි රැදී සිටීමට අවසර ලැබෙන අතර නිපුණතා වීසා 2 යටතේ සීමාවකින් තොරව ජපානයෙහි රැඳී සිටීමට අවසර ලැබේ.
නිපුණතා වීසා 1 ක්රමය යටතේ රැකියා වර්ග 12 ක් සඳහන් කර ඇති අතර ඉන් සාත්තු සේවත . ආහාර සේවා සහ කෘෂිකර්මාන්තය සඳහා වන නිපුණතා විභාග ලංකාවේ පවත්වන අතර එම විභාග සහ JFT හෝ JLPT 4 සමත්වී එම ක්ෂේත්රවල රැකියා වීසා ලබාගැනීමට හැකියාව ඇත.
නිපුණතා වීසා අංක 2 යටතේ රැකියා වර්ග 02 ක් අන්තර්ගත වේ.
එනම් ඉදිකිරීම් ක්ෂේත්රය සහ නාවික ඉදිකිරීම් ක්ෂේත්රයයි