![]() |
විශේෂණ පද けいようし |
හන්සමුන - කඩවසම් කිරෙයින - ලස්සන.පිරිසිදු
ෂිසුකන-නිශ්ශබ්ද නිගියකන-කළබලකාරී,
යූමෙයින-ප්‍රසිද්ධ ෂින්සෙත්සුන-කාරුණික
හිමන-විවේකී බෙන්රින - පහසු
සුතෙකින - කදිම, ශෝභන ගෙන්කින-නීරෝගී, සෞඛ්‍යසම්පන්න
ඕකියි - විශාල චීසයි - කුඩා
අතරෂියි- අලුත් ෆුරුයි - පරණයි
ඊඊ(යොයි) හොඳයි වරුයි - නරකයි
අත්සුයි - උණුසුම් සමුයි - සීතලයි(කාලගුණය)
ත්සුමෙතයි - සිහිල් මුසුකෂියි - අමාරුයි
යසෂියි - ලේසියි තකයි - මිල අධිකයි, උසයි
යසුයි - ලාභයි හිකුයි - මිටියි
ඔමොෂිරොයි - රසවත්(වින්දනය) ඔයිෂියි - රසවත්(ආහාරපාන)
ඉසොගෂියි - කාර්යබහුල තනොෂියි - සතුටු
ෂිරොයි - සුදු කුරොයි - කලු
අකයි - රතු අඔයි - නිල්
සකුර - චෙරි යම - කන්ද
මචි - නගරය තබෙමොනො-ආහාර
කුරුම - කාරය, වාහනය තොකොරො - ස්ථානය
ර්යෝ - නවාතැන්පළ බෙන්ක්යෝ - ඉගෙනීම
සෙයිකත්සු - ජීවිතය (ඔ)ෂිගොතො - රැකියාව
දෝ - කොහොම? දොන්න - මොන විදියේ?
දොරෙ - කෝකද? තොතෙමො - ගොඩාක්
අමරි - ඒ තරම් (නැත අර්ථයෙහි භාවිතා වේ)
සොෂිතෙ - එසේම, සහ ( වාක්‍යයන් සම්බන්ධ කරන පද)
--ග-- - නමුත් ඔගෙන්කි දෙසුක? සුවදුක් කෙසේද?
සෝදෙසුනෙ. - ඒකනේ
වර්ණ
ෂිරො - සුදුපාට කුරො - කලුපාට
අක - රතුපාට අඔ - නිල්පාට
මිදොරි - කොළපාට මුරසකි - දම්පාට
කිඉරො - කහපාට චඉරො - දුඹුරුපාට
පින්කු - රෝසපාට ඔරෙන්ජි -තැඹිලිපාට
ගුරේ - අලුපාට බේජු - ලා දුඹුරු
රස වර්ග
අමයි - පැණිරස කරයි - සැර
නිිගයි - තිත්ත ෂිඔකරයි - ලුණුරස
සුප්පයි - ඇඹුල් රස කොයි - උකු/සැර
උසුයි - ලා/මද
නාම විශේෂණ පද
කිසියම් නාමපදයක් විස්තර කිරීම හෝ වර්ණනා කිරීම සඳහා යොදන පද “නාම විශේෂණ“ වේ. ඒ අනුව නාමපදය “විශේෂ්‍ය“ වන අතර,එම නාමපදය විස්තර කරන වචනය “විශේෂණය“ වේ. නාම විශේෂණය වාක්‍යයක 1. ක්‍රියාවාචකය සහ 2.විශේෂණය ලෙස භාවිතා වේ. භාෂාවේ එවැනි විශේෂණ පද වර්ග දෙකක් දක්නට ලැබේ. එනම් “න“අන්ත විශේෂණ සහ “ඉ“අන්ත විශේෂණයි.
විශේෂණ පදය අවසන් වන්නේ “න“අකුරෙන් නම් එය “න“විශේෂණ වන අතර, “ඉ“අකුරෙන් අවසන් වන්නේ නම් එය “ඉ“අන්ත විශේෂණයි.
“න“විශේෂණ පද
ෂින්සෙත්සුන - කාරුණික
ගෙන්කින - සෞඛ්‍ය සම්පන්න
හිමන - විවේකී
කිරෙයින - ලස්සන
සුකින - කැමති
කිරයින-අකමැති
“ඉ“විශේෂණ පද - මෙම විශේෂණ පදයෙහි උච්චාරණය සිංහල භාෂාවෙන් ලිවීමේදී ඉ සහ යි යන අකුරු දෙකම භාවිතා කළ හැකිය. ජපන් භාෂාවෙන් ලිවීමේදී නියමිත い-ඉ අකුර භාවිතා කළ යුතුය
ඔයිෂියි - රසවත්
තකයි-මිළ අධිකයි/උසයි
යසුයි - ලාභයි
ඔමොයි - බරයි
චීසයි - කුඩායි
ඕකියි - විශාලයි
අතරෂියි - අලුත්
ෆුරුයි - පරණයි
විශේෂණ පදය වාක්‍යය අවසානයේ ක්‍රියාවාචකය ලෙස භාවිතා කිරීම
“න“ විශේෂණය වාක්‍ය අවසානයේ “දෙසු“ සමඟ භාවිතා කිරීමේදී විශේෂණයේ “න“ යන්න ඉවත් වේ.
කිරෙයින + දෙසු = කිරෙයිදෙසු. ( “න“ ඉවත්වේ)
ෂින්සෙත්සුන + දෙසු = ෂින්සෙත්සු දෙසු( “න“ ඉවත් වේ)
සුකින+දෙසු = සුකිදෙසු(“න“ ඉවත්වේ)
වතෂිනො සෙන්සෙඉ ව ෂින්සෙත්සු දෙසු. මගේ ගුරුවරයා කාරුණික වේ.(විශේෂණයේ “න“ ඉවත් වේ)
අනො ඔන්නනො කො ව කිරෙයි දෙසු. අර ගැහැණු ළමයා ලස්සනයි.(විශේෂණයේ “න“ ඉවත්වේ)
“ඉ“ විශේෂණය වාක්‍ය අවසානයේ “දෙසු“ සමඟ භාවිතා කිරීමේදී විශේෂණයට වෙනසක් සිදු නොවේ.
ඔයිෂියි+දෙසු= ඔයිෂියි දෙසු
තකයි+දෙසු = තකයි දෙසු
යසුයි + දෙසු= යසුයි දෙසු
අතරෂියි+දෙසු = අතරෂියි දෙසු.
මිජිකඉ+දෙසු = මිජිකඉ දෙසු.
කොනො රින්ගොව ඔයිෂියි දෙසු. මේ ඇපල් රසවත් වේ
නිහොන් කුරුම ව තකයි දෙසු. ජපන් වාහන මිළ අධික වේ.
කොනො ෂත්සු ව අතරෂියි දෙසු. මේ ෂර්ට් එක අලුත් වේ.
විශේෂණ පද නැත අර්ථයට හැරවීම
“න“ විශේෂණය නැත අර්ථයට හරවන්නේ අගට යොදන“දෙසු“පදය නැත අර්ථයට හැරවීමෙනි. “දෙසු“වල නැත අර්ථය “ජඅරිමසෙන්“ (අවිධිමත් ව්‍යවහාරය) හෝ “දෙවඅරිමසෙන්“ (විධිමත් ව්‍යවහාරය) වේ. මෙහිදීද විශේෂණයේ “න“ ඉවත් වේ.
කිරෙයි දෙසු - ලස්සනයි කිරෙයි දෙවඅරිමසෙන්/ජඅරිමසෙන් - ලස්සන නොවේ.
ගෙන්කි දෙසු - නීරෝගියි ගෙන්කිදෙවඅරිමසෙන්/ජඅරිමසෙන්- නීරෝගී නොවේ.
ෂින්සෙත්සු දෙසු - කාරුණිකයි ෂින්සෙත්සුදෙවඅරිමසෙන්/ජඅරිමසෙන් - කාරුණික නොවේ.
“ඉ“අන්ත විශේෂණ නැත අර්ථයට හැරවීමේදී විශේෂණ පදය වෙනස් වේ. “ඉ“ විශේෂණයේ අග ඇති“ඉ“අකුර ඉවත් කර ඒ වෙනුවට“කුනයිදෙසු“ යන්න එකතු කළ යුතුය.
ඔයිෂිඉ දෙසු - රසවත් වේ ඔයිෂි+කුනයි දෙසු = ඔයිෂිකුනයි දෙසු - රසවත් නොවේ.
අතරෂිඉ දෙසු - අලුත් වේ. අතරෂි+කුනයි දෙසු = අතරෂිකුනයි දෙසු - අලුත් නොවේ
ඕකිඉ දෙසු - විශාල වේ ඕකි+කුනයි දෙසු = ඕකිකුනයි දෙසු - ලොකු නොවේ.
චීසඉ දෙසු - කුඩා වේ චීස+කුනයි දෙසු = චීසකුනයි දෙසු - කුඩා නොවේ.
ඊඊදෙසු - හොඳ වේ යොකුනයි දෙසු- හොඳ නොවේ.(මෙය විශේෂ වචනයකි)
ප්‍රශ්නාර්ථය
ප්‍රශ්නාර්ථවාචී වචන බවට හැරවීමේදී වාක්‍යය අගට “ක“ එකතු කළ යුතුය. එසේම ප්‍රශ්නයට පිලිතුරු දීමේදී “හයි“- “ඔව්“ හෝ “ඊඊඑ“ - “නෑ“ යන වචන සමඟ නැවත එම විශේෂණයම ඇත හෝ නැත අර්ථයෙන් තැබිය යුතුය.
“න“විශේෂණය
තෝක්යෝ ව නිගියක දෙසුක? - තෝක්යෝව කළබලකාරීද?
හයි, නිගියක දෙසු. -ඔව්, කළබලකාරියි
තෝක්යෝව නිගියක දෙසුක? - තෝක්යෝව කළබලකාරීද?
ඊඊඑ. නිගියක දෙවඅරිමසෙන්/ජඅරිමසෙන් - නෑ කළබලකාරී නොවේ.
“ඉ“විශේෂණය
නිහොන් ව සමුයි දෙසුක? - ජපානය සීතලද?
හයි, සමුඉ දෙසු - ඔව්, සීතලයි
නිහොන් ව සමුඉ දෙසුක? - ජපානය සීතලද?
ඊඊඒ, සමුකුනඉ දෙසු - නෑ, සීතල නෑ
විශේෂණ පද නාම පද සමඟ සම්බන්ධ කිරීම
අප ඉහත සාකච්ඡා කළේ විශේෂණ පද වාක්‍යක අවසානයේ ඇත, නැත සහ ප්‍රශ්නාර්ථයෙහි යෙදෙන ආකාරයයි. දැන් අපි විශේෂණ පද නාම පද සමඟ යෙදෙන ආකාරය ඉගෙන ගනිමු.
“න“ විශෙේෂණ
“න“විශේෂණ පදයක් නාමපදයක් සමඟ එකතුවන විට විශේෂණ පදයේ අග “න“අකුර ඉවත් නොකර නාමපදය සමඟ සම්බන්ධ කළ යුතුය.
කිරෙයින + ඔන්න - කිරෙඉන ඔන්න - ලස්සන කාන්තාව
හන්සමුන + ඔතොකො - හන්සමුන ඔතොකො - කඩවසම් පිරිමියා
නිගියකන + මචි - නිගියකන මචි - කළබලකාරී නගරය
ෂිසුකන + මුර - ෂිසුකන මුර - නිස්කලංක ගම
ෂින්සෙත්සුන + හිතො - ෂින්සෙත්සුන හිතො - කාරුණික පුද්ගලයා
“ඉ“විශේෂණ
“ඉ“ විශේෂණ පදයද නාමපදයක් සමඟ එකතු වීමේදී විශේෂණ පදයට වෙනසක් සිදු නොවේ.
ඔසිෂිඉ + ර්යෝරි - ඔයිෂියි ර්යෝරි - රසවත් කෑම
තකඉ + යම - තකඉ යම - උස කන්ද
තකඉ + කුරුම - තකඉ කුරුම - මිළ අධික වාහනය
අකඉ + හන - අකඉ හන - රතු මල
ෆුරුඉ + ඉඑ - ෆුරුඉ ඉඑ - පරණ ගෙදර
とても / あまり තොතෙමො/ අමරි -
මෙම වචන දෙක ප්‍රමාණයන් සහ තත්වයන් පිළිබඳ සඳහන් කරන ක්‍රියා විශේෂණ වන අතර, නාම විශේෂණ පදවලට මුලින් යෙදේ.
とても තොතෙමො - ගොඩාක්.සෑහෙන, බොහෝ
මෙම වචනය ඇත අර්ථයේ වාක්‍යවල භාවිතා වේ.
නිහොන්ව තොතෙමො සමුයි දෙසු. - ජපානය ගොඩාක් සීතලයි.
ෆුජියම ව තොතෙමො යූමෙයි දෙසු. - ෆුජි කන්ද ගොඩාක් ප්‍රසිද්ධයි
あまり අමරි - ඒතරම්, එච්චර
මෙම වචනය නැත අර්ථයේ වාක්‍යවල භාවිතා වේ.
නිහොන්ව අමරි සමුකුනයි දෙසු - ජපානය එච්චර සීතල නෑ.
ෆුජියමව අමරි යූමෙයිදෙව අරිමසෙන් - ෆුජිකන්ද එච්චර ප්‍රසිද්ධ නොවේ.
N はどうですか?නාමපද ව දෝ දෙසුක? ------------はどうですか?
මෙම ප්‍රශ්නාර්ථවාචී වාක්‍ය රටාව භාවිතා කරනුයේ අසන්නාහට අත්දැකීමක් ඇති යම්කිසි දෙයක්,සංචාරය කර ඇති ස්ථානයක් හෝ මුණගැසී ඇති පුද්ගලයෙක් පිළිබඳ ඇති හැඟීමක් ගැන ප්‍රශ්න කිරීමේදීය.
නිහොන්නො කුරුම ව දෝදෙසුක? ජපන් වාහන කොහොමද?
තකයි දෙසු. - මිළ අධිකයි.
නිහොන් ව දෝදෙසුක? ජපානය කොහොමද?
සමුයි දෙසු. - සීතලයි
තනක සන්ව දෝ දෙසුක? තනක මහතා කොහොමද?
ෂින්සෙත්සු දෙසු. - කාරුණිකයි.
N はどんな N ですか?----------はどんな--------ですか?නාමපද ව දොන්න නාමපද දෙසුක?
කථකයාට යම්කිසි නාමපදයක් පිළිබඳ අසන්නාගෙන් විස්තරයක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය වූ විට මෙම වාක්‍ය රටාව භාවිතා කෙරේ.මෙහිදී “දොන්න - කුමන ආකාරයේ,මොන විධියේ“ යන වචනය නාමපදයක් සමඟ භාවිතා වේ.
නරා ව දොන්න මචි දෙසුක? - නරා මොන විධියේ නගරයක්ද?
ෆුරුයි මචි දෙසු. - පරණ නගරයක්
සෙන්සෙයි ව දොන්න හිතො දෙසුක? - ගුරුවරයා මොන විධියේ පුද්ගලයෙක්ද?
ෂින්සෙත්සුන හිතො දෙසු. - කාරුණික පුද්ගලයෙක්
නිහොන්ව දොන්න කුනි දෙසුක? - ජපානය මොන විධියේ රටක්ද?
කිරෙයින කුනි දෙසු. - ලස්සන රටක්
S が S -----------が--------- වාක්‍යය ග වාක්‍යය
මෙහි “ග“ යන්නෙහි තේරුම “නමුත්“යන්නයි. මෙය වාක්‍ය සම්බන්ධ කිරීමේදී යොදාගනී.
නිහොන් නො තබෙමොනො ව ඔයිෂියි දෙසුග, තකයි දෙසු.
ජපන් කෑම රසවත් නමුත් මිළ අධිකයි.
ඔෂිගොතො ව දෝදෙසුක? - රැකියාව කොහොමද?
ඉසොගෂියි දෙසුග,ඔමොෂිරොයි දෙසු. - කාර්යබහුල නමුත් විනෝදජනකයි
どれ දොරෙ? කෝකද?
දෙකක් හො ඊට වඩා වැඩි දේවල් කිහිපයකින් යම්කිසි එක්දෙයක් තෝරාගැනීමට හෝ තීරණය කරන ලෙස අසන්නාගෙන් ඇසීමේදී මෙම ප්‍රශ්නාර්ථවාචී වාක්‍ය රටාව භාවිතා කෙරේ.
අනතනො කස ව දොරෙ දෙසුක? ඔබේ කුඩය කෝකද?
අනො අකයි කස දෙසු. - අර රතු කුඩය
තනකසන්නො කුරුම ව දොරෙ දෙසුක? තනක මහතාගේ කාරය කෝකද?
අනො අතරෂියි කුරුම දෙසු. - අර අලුත් කාරය