සංචාරක, ව්‍යාපාරික, ශිෂ්‍ය,පුහුණු,රැකියා, ආදී නීත්‍යානුකූල වීසා මත කෙනෙකුට ජපානයට ඇතුලු වීමට පුලුවන්.ජපානයට එන විදේශිකයන්ගේ අරමුණු. එම අයගේ අනන්‍යතාවය සහ ඒඒ රටවල්වල තත්ත්වය අනුව ජපානයට ඇතුලු වීම සඳහා වීසා ලබාදෙන ආකාරය තීරණය කෙරෙනවා. ඒ අනුව කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වීසා ලබාගත හැකියි.
සංචාරක හා ව්‍යාපාරික වීසා(තාවකාලික වීසා)
සංචාරකයන්ට හා ව්‍යාපාරික අරමුණු මත ජපානයට තාවකාලිකව
පැමිණෙන විදේශිකයන්ට දින 90
උපරිමයකට යටත්ව වීසා ලබාගත හැකියි. මෙම වීසා මත ජපානයෙහි රැඳී සිටින විදේශිකයන්ට රැකියා
කිරීමට අවසර නැති නමුත් ජපන් භාෂා පාසල් වල කෙටි කාලීන පාඨමාලා හදාරන සිසුන්ට
රැකියා කිරීමට අවසර හිමි වෙනවා.
දීර්ඝ කාලීන වීසා
ශිෂ්‍ය, පුහුණු, රැකියා. කලත්‍ර සහ පවුල් ආදී වීසා මත ජපානයෙහි දීර්ඝ කාලීන රැඳී සිටීම සඳහා අවසර ලැබෙනවා. එලෙස දීර්ඝ කාලීන වීසා මත ජපානයට පැමිණෙන අයෙකුට අවශ්‍යවන ලේඛන කිහිපයක් දැනගැනීම සඳහා පහත සඳහන් වේ.
Certificate
of Eligibility(COE) - යෝග්‍යතා සහතිකය
මෙය ජපානයේ දීර්ඝ කාලීනව රැඳී සිටීම සඳහා වීසා ලබාගැනීමට විදේශයක සිට අයදුම් කරන විට අවශ්‍ය වේ. ශිෂ්‍ය වීසා,රැකියා වීසා හෝ වෙනත් එවැනි වීසා මත ජපානයට යාම සඳහා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයට වීසා අයදුම්පතක් යොමුකරන විට මෙම සහතිකය අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුයි. ඔබට ජපානයෙන් වීසා එක ලැබුණා කියලා කියන්නේ මෙම සහතිකයට. ඔබ විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත් ජපානයේ පාසල් හෝ සමාගම් විසින් ආගමන විගමන පළාත් කාර්යාල වෙත යොමුකරනු ලබන අතර, ජපාන අධිකරණ අමාත්‍යාංශයේ අවසරය මත එම කාර්යාල විසින්මෙම සහතිකය නිකුත් කරනු ලබනවා.
Residence Card - පදිංචි සහතිකපත
ජපානයෙහි දීර්ඝ කාලීනව රැඳී සිටීම සඳහා පැමිණෙන විදේශිකයන්ට ජපානයේ ගුවන් තොටුපළවල් වලදී මෙම පදිංචි කාර්ඩ් පත (Residence Card – 在留カード) නිකුත් කරනු ලබනවා. සමහර ගුවන් තොටුපළවල් වලදී මෙම කාර්ඩ් පත නිකුත් නොකරන අතර, අදාළ නගර කාර්යාලවලින් මෙය ලබාගත හැකියි. සමාජ ආරක්ෂාව, බදු ගෙවීම්, සහ ස්වාභාවික ආපදාවන්හිදී පුද්ගලයාගේ අනන්යතාවය සහතික කර ගැනීම සඳහා අදාළ ආයතන වලට මෙය ඉදිරිපත් කළ යුතුයි. බැංකු ගිණුමක් විවෘත කිරීම, ජංගම දුරකතනයක් ගැනීම, රියදුරු බලපත්රයත් ගැනීම ආදී අවස්ථාවලදී ඉදිරිපත් කළයුතු වෙනවා.මෙහි අයිතිකරුගේ පෞද්ගලික තොරතුරු, වර්තමාන ලිපිනය සහ වීසා වර්ගය සහ ජපානයේ රැඳී සිටීමට අවසර දී ඇති කාලසීමාව පිළිබඳ දත්ත ඇතුළත් වෙනවා
My Number (Social Security and Tax Number)
අදාළ නගර කාර්යාලයෙහි ලියාපදිංචි වූ පසු අංක 12 න් යුත් පුද්ගලික අංකය සහිත කාර්ඩ් එකක් ලබාදෙන අතර, ඔබට නගර කාර්යාලයෙන් සේවය ලබාගැනීමේදී සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේදී අර්ධ කාලීන රැකියා කිරීමේදි සහ බැංකු පහසුකම් ලබා ගැනීමේදී මෙය ඉදිරිපත් කළ යුතු වෙනවා.
Permanent Residence ස්ථිර පදිංචිය
ජපන් නීතිරීති උල්ලංඝණය නොකරන, ජීවත් වීමට ප්‍රමාණවත් වත්කම් හෝ ප්‍රමාණවත් මුදල් ඉපයීමට හැකියාව සහිත විදේශිකයන්ට( සාමාන්‍යයෙන් වසරකට මිලියන 3 හෝ 3.5 ආදායම තිබෙන) ස්ථීර පදිංචිය ලබා ගත හැකියි. උසස් වෘත්තීකයන්ට සහ ජපන් ජාතිකයන් හා විවාහ වී ඇති අයට අවම වශයෙන් වසර 05 න් සහ සහ වෙනත් අයට අවම වශයෙන් වසර 10 කින් ස්ථීර පදිංචිය ලබාගත හැකි අතර, අවුරුදු 7 වරක් දීර්ඝ කළ යුතු වෙනවා. ඔබට ජපානයෙහි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට, ඕනෑම රැකියාවක් කිරීමට අවසර ලැබෙනවා. කලත්‍රයා මිය යාමෙන් හෝ දික්කසාද වීමෙන් ස්ථිර පදිංචි තත්ත්වයට හානියක් සිදු නොවේ.
දීර්ඝ කාලීන වීසා
දීර්ඝ කාලීන පදිංචිය සඳහා පහත සඳහන් වීසා
වර්ගවලින් ඔබට ජපානයට යාමට හැකියි.
ශිෂ්‍ය වීසා -Student Visa
තාක්ෂණික සීමා වාසීක පුහුණු වීසා Technical Intern Training Visa
රැකියා වීසා. Job Visa
ශිෂ්‍ය වීසා
වීසා ලබාගැනීමට අවශ්යවන යෝග්යතා සහතිකය හෙවත් Certificate Of Eligybility (CEO) ලබාගැනීම සඳහා අයදුම් කිරීමට අදාළ
ශිෂ්‍යයා හෝ ඔහුව නියෝජනය කරමින් පවුලේ කෙනෙකුට හෝ අධ්‍යාපන ආයතනයකට අවස්ථාව
තිබෙනවා.
ජපානයේ ජීවත්වීම සඳහා අවශ්‍ය මුදල් තමන් සතුව හෝ තමන්ට මූළ්යමය අනුග්රහය දක්වන තැනැත්තා සතුව ඇති බව සනාථ කළ හැකි බැංකු ගිණුම්වල සහතික පිටපත්, පෙර අවුරුදුවල ආදායම් සහතික කළ ලිපිලේඛන සහ බදුගෙවීම් ලේඛන ඉදිරිපත් කළ යුතු වෙනවා
ජපානයෙන් එවනු ලබන යෝග්යතා සහතිකය Cerficate Of Eligibility) සමඟ විදේශ ගමන් බලපත්‍රය,වීසා අයදුම්පත්‍රය.ඡායාරූප,
අධ්‍යාපන සහ වෙනත් ලිපිලේඛන වීසා ලබාගැනීම සඳහා ජපන් තානාපති කාර්යාලයට ඉදිරිපත්
කළ යුතු යුතුයි.ජපානයට ශිෂ්‍ය
වීසා මත පැමිණෙන විදේශික සිසුන්ට රැකියා කිරීමට අවසර හිමිවන්නේ නොවේ. නමුත් අදාළ
පළාත් ආගමන විගමන ආයතනයෙහි අවසරය මත අර්ධකාලීන රැකියා කිරීමට අවසර හිමි වෙනවා.විශ්ව
විද්‍යාල හෝ විශේෂ පාසල් අවසන් කිරීමෙන් පසු ජපානයේ රැකියාවක් කිරීම සඳහා අවස්ථාව
හිමි වෙනවා.
ජපානයේ අධ්‍යාපනය
ලැබීමට බලාපොරොත්තු වන ශිෂ්‍යයන්ට පහත සඳහන් වෙබ් අඩවියට පිවිස තොරතුරු ලබාගත
හැකියි.
https://www.studyinjapan.go.jp/en/
විදේශික ශිෂ්‍යයන්ට
ජපානයේ විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් වීමට EJU – The Examination
for Japanese University සමත්
විය යුතුයි. ඔබ ජපන් භාෂා පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු විශ්ව විද්‍යාලයකට
ඇතුළත් වීමට අපේක්ෂා කරන්නේ නම් මෙම විභාගයට පෙනී සිටිය යුතුයි. මෙම විභාගයෙන්
ජපන් භාෂාව, විද්‍යාව, සහ ගණිතය ආවරණය වෙනවා.ජපන් භාෂා විෂය හැර සෙසු විෂයන් සඳහා
ජපන් භාෂා මාධ්‍යයෙන් හෝ ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් පෙනී සිටිය හැකියි. එහෙත් සමහර
විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීම සඳහා විභාග එම ආයතන මගින්ම පවත්වනු ලබනවා.
විභාගය
සම්බන්ධ සියලුම තොරතුරු මෙම වෙබ් අඩවියට පිවිස ඉංග්‍රීසී භාෂාවෙන් ලබාගත හැකිය.
https://www.jasso.go.jp/en/eju/index.html
ජපන් ශිෂ්‍යත්ව
ජපන් රජය,
ජපන් ශිෂ්‍ය සේවා සංවිධානය හා පෞද්ගලික ආයතන, පදනම් හා සමාගම් විසින් ශිෂ්‍යත්ව
ලබා දෙනවා. තොරතුරු ලබාගැනීමට පිවිසෙන්න.
https://www.jasso.go.jp/en/index.html
ජපන් රැකියා වීසා
ජපානයේ ළමා උපත් ප්රමාණය අඩුවීම සහ වැඩිහිටි ජනගහණය වැඩිවීම හේතුවෙන් වැඩකරන පිරිස අඩුවෙමින් පවතිනවා. විශේෂයෙන්ම 2025 අවුරුද්ද වන විට ශ්රම බලකාය ශීඝ්රයෙන් අඩුවන අතර, 2040 වන විට වැඩිහිටි ජනතාවගේ ප්රමාණය ඉහළම අගයට පැමිණෙනවා මේ තත්ත්වය මත ජපානයේ ජීවත්වෙමින් රැකියා කිරීමට විදෙස් ශ්රමිකයන්ට අවස්ථාව ලබා දීමට තිරණය කර තිබෙනවා.
2019 වර්ෂයෙහි සිට සංශෝධනය වි ඇති ජපන් වීසා ක්‍රමවේදය අනුව අවුරුදු 05 ක කාල
සීමාවක් ඇතුළත පහත සඳහන් ක්ෂේත්‍රයන්හි නිපුණතා ඇති ශ්‍රමිකයන් සඳහා රැකියා ලබා
දීමට ජපන් රජය අපේක්ෂා කරයි.
රැකියාවක් ලබා ගැනීම සඳහා ජපානයේ
සමාගමක් හෝ ආයතනයක් සමඟ විධිමත් රැකියා ගිවිසුමක් අවශ්‍ය වෙනවා.එම
ගිවිසුමෙහි සේවා විස්තරය, සේවය කරන ස්ථානය,සේවය කරන කාලසීමාව,තනතුර සහ වැටුප්
පිළිබඳ විස්තර ඇතුළත් විය යුතුයි. විදේශයක
සිට රැකියාවක් සඳහා අයදුම් කරන විට ජපන් සමාගමක් වෙතින් යෝග්‍යතා සහතිකය ලබාගත
යුතුයි. Certificate of Eligibility (COE)” ජපානයේ
සිට අයදුම් කරන්නේ නම් “Change
of Status of Residence” පදිංචි
තත්ත්වය වෙනස් කිරීම සඳහා අයදුම් කළ යුතුයි.
ශිෂ්‍ය වීසා මත සිටින අයෙතු රැකියාවක් කිරීම
සඳහා විශ්ව විද්‍යාල හෝ වෘත්තීය අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු තම වීසා රැකියා
වීසාවලට මාරු කළ යුතුයි.
විවිධ වර්ගවල රැකියා වීසා තිබෙන අතර, අනුමත කර ඇති රැකියාවට වෙනස් රැකියාවක්
කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා අවසරය ලබා ගැනීමට සිදු වෙනවා.
බොහෝ රැකියා වීසා වර්ග සඳහා අයදුම් කිරීමට අදාළ ක්ෂේත්‍රයන්හි
විශ්ව විද්‍යාල උපාධියක් හෝ පිළිගත් වෘත්තීය අත්දැකීම් සමඟ ජපන් භාෂා දැනුම තිබිය
යුතු අතර,
ජපානයේ අනුග්‍රාහක සමාගමක් ද තිබිය යුතු වෙනවා.
පහත
සඳහන් වෘත්තීකයන්ට ජපානය තුළ රැකියා වීසා ලබාගත හැකියි.
- Professor (Examples: university professor, assistant professor, assistant, etc.
- Artist (Examples: composers, songwriters, artists, sculptors, craftspeople, photographers,etc.)
- Religious activities (Examples: religious people such as monks, bishops, missionaries, etc.
- Journalist (Examples: newspaper journalists, magazine journalists, editors, news cameramen and photographers, announcers, etc.)
- Business manager (Examples: company presidents, directors and officers, etc.)
- Legal/Accounting services (Examples: attorneys, judicial scriveners, public accountants, tax accountants, etc. licensed in Japan)
- Medical services (Examples: physicians, dentists, pharmacists, nurses, etc. licensed in Japan)
- Researcher (Examples: researchers, investigators, etc. at research institutes, etc.)
- Instructor (Examples: teachers, etc. at elementary schools, intermediate schools and high schools)
- Engineer/Specialist in humanities/International services (Examples: scientific engineers, IT engineers, foreign language teachers, interpreters, copywriters, designers, etc.)
- Intra-company transferee (Examples: people transferred to the Japanese branch, such as the head office of the same company, etc.)
- Nursing care (Example: certified care workers)
- Entertainer (Examples: musicians, actors, singers, dancers, athletes, models, etc.)
- Skilled labor (Examples: chefs specializing in the food of a foreign country, animal trainers, pilots, sports trainers, sommeliers, etc.)
- Specified skilled worker (Work-ready foreign nationals who possess certain expertise and skills in certain industrial fields.)
- Technical intern training (Examples: Technical interns accepted from overseas subsidiaries or supervising organization, etc.)
ඉහත
රැකියා වීසා වර්ග අතුරෙන් තාක්ෂණික සීමාවාසික පුහුණු වීසා( Technical intern
training) සහ විශේෂ නිපුණතා සේවක වීසා(specified skilled worker) සම්බන්ධයෙන් පහත විස්තර
කෙරෙනවා.
තාක්ෂණික සීමාවාසික පුහුණු වීසා "Technical Intern Training Program"技能実習制度
තාක්ෂණික පුහුණු වීසා ලබාදෙන්නේ යම්කිසි ක්ෂේත්‍රයක
තමන්ගේ රටේදී පුහුණු වීමට අවස්ථාව අඩු ජපානයේ ආයතනයක සේවය කිරීමෙන් එම ක්ෂේත්‍රයට
අදාළ ජපන් තාක්ෂණය සහ දැණුම ලබාගැනීමට
අපේක්ෂා කරන විදේශිකයන් වෙනුවෙන්. ජපානයේ පුහුණුව
ලැබීමෙන් පසු තම රටෙහි ආර්ථික සංවර්ධනය සඳහා දායකත්වය සැපයීම මෙයින් අපේක්ෂා කරනවා.
කෘෂිකර්මය, ධීවර, ඉදිකිරීම්, ආහාර නිෂ්පාදන,
ඇඟලුම් නිෂ්පාදන,යන්ත්‍ර සූත්‍ර සහ ලෝහ කර්මාන්ත ආදී
ක්ෂේත්‍රවලට අදාළ රැකියා වර්ග 146ක පමණ පුහුණුව ලැබීමට මෙම වීසා ක්‍රමය යටතේ හැකියාව
ලැබෙනවා.
මෙම වීසා ක්‍රමය කොටස් 03 න් සමන්විත
වෙනවා. පලමු වසරෙහිදී තාක්ෂණික පුහුණුව (I) අදියර සම්පූර්ණ කළ යුතු අතර, දෙවන සහ තෙවන වසරේදී තාක්ෂණික පුහුණුව (II) අදියර සම්පූර්ණ කළ යුතුයි. සිව්වන සහ පස්වන වසරේදී
තාක්ෂණික පුහුණුව (III)
අදියර සම්පූර්ණ කළ යුතුයි.ඒ ඒ අදියර සඳහා විභාග පැවැත්වෙන අතර ඉන් සමත් වන පුහුණුවන්නන් ඊ ළඟ අදියර
සඳහා යොමු කරවනවා.
මෙම වීසා වර්ගයෙහි කාලසීමාව අවුරුදු 5ක් පමණ වෙනවා. පුහුණුවෙන් පසු ආපසු තම රටට පැමිණිය යුතු වෙනවා. නමුත් වර්තමානයේදී
අවුරුදු 3
පුහුණුවෙන් පසු එනම් තාක්ෂණික පුහුණුව(II) අදියර සම්පූර්ණ කිරීමෙන් පසු විශේෂ නිපුණතා රැකියා 1 වර්ගයෙහි වීසා සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවෙනවා.එහෙත් ඔබ රැකියාවෙහි යෙදීමට අපේක්ෂා කරන්නේ පුහුණුව ලැබූ
ක්ෂේත්‍රයට බාහිර ක්ෂේත්‍රයක නම් එයට අදාළ කුසලතා විභාගය සමත් විය යුතු වෙනවා.
Japan
International Trainee and Skilled Worker Cooperation ආයතනයෙහි වෙබ් අඩවියට පිවිස ඔබට අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය. වෙබ් අඩවිය - https://www.jitco.or.jp/
එසේම ජපන්
සෞඛ්‍යය, කම්කරු හා සමාජ සුභසාධන අමාත්‍යාංශයෙන් තොරතුරු ලබාගැනීම සඳහා පහත සඳහන්
වෙබ් අඩවියට පිවිසෙන්න.
විශේෂ
නිපුණතා සේවක විසා ක්‍රමය (I) - Specified Skilled Worker Visa (I)特定技能制度
අවුරුදු 05
උපරිම කාලයකට යටත්ව මෙම රැකියා ලබාදෙන අතර, වීසා කාලසීමාව අවුරුද්දකට වරක් මාස 06 වරක් හෝ මාස 04 වරක් දීර්ඝ කරනු ලැබේ.
විශේෂ නිපුණතා වීසා සඳහා උපාධියක් අවශ්‍ය නොවන අතර, අදාළ ක්ෂේත්‍ර නිපුණතා විභාග සහ ජපන් භාෂා විභාග සමත්
විය යුතුයි.
විශේෂ නිපුණතා රැකියා පලමු වර්ගය සඳහා අවුරුදු 5 කාලයක් ජපානයේ රැඳී සිටීමට වීසා හිමිවන අතර, අවුරුදු 5 න් පසු විශේෂ නිපුණතා රැකියා 2 වන ඛාණ්ඩයට වීසා වෙනස් කරගත හැකියි.
ක්ෂේත්‍රයට අදාළ නිපුණතා පරීක්ෂණය සමත් විය යුතුය.(තාක්ෂණික සීමාවාසික
පුහුණුව II සම්පූර්ණ කර ඇති අයටද මෙම වීසා සඳහා අයදුම්කළ හැකි අතර ඔවුන් මෙම අවශ්‍යතාවයෙන්
නිදහස් කෙරේ.එහෙත් එම අය තමන් පුහුණුව ලබන ක්ෂේත්‍රයට බාහිර ක්ෂේත්‍රයක රැකියාවක්
කිරීමට අපේක්ෂා කරන්නේ නම් එයට අදාළ නිපුණතා පරීක්ෂණය සමත් විය යුතුය.)
ජපානයේ එදිනෙදා ජීවිතයේදී සහ වැඩපළේදී භාවිතා කිරීමට අවශ්‍යවන භාෂා දැනුම ලබාගැනීම සඳහා ජපන් භාෂා ප්‍රවීණතා විභාග සමත් විය යුතුය(තාක්ෂණික සීමාවාසික පුහුණුව II සම්පූර්ණ කර ඇති අය මෙම අවශ්‍යතාවයෙන් නිදහස් කෙරේ.)
මෙම වර්ගයේ රැකියාවකට අයදුම්කරන අයෙකුට පවුලේ සාමාජිකයන් රැගෙන යාමට නම් අවසර ලැබෙන්නේ නෑ.
මෙම ක්‍රමය යටතේ රැකියාවක් සඳහා අයදුම් කරන ඔබ පහත සඳහන් සුදුසුකම් සම්පූර්ණ
කළ යුතුය.
1.වයස අවුරුදු 18 ට වැඩි වීම
2. අදාළ ක්ෂේත්‍රය පිළිබඳ දැනුම සහ අත්දැකීම් සහිත වීම
3. අදාළ ක්ෂේත්‍රයේ නිපුණතා විභාගය සහ ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සමත් වීම
4. විශේෂ නිපුණතා වීසා ක්‍රමය (i) යටතේ මෙයට පෙර අවුරුදු 05 ට වඩා කාලයක් ජපානයේ රැඳී නොසිටි අයෙතු වීම
මෙම වීසා මත ජපානයට යන අයට ජපන් ජාතිකයන් හා සමානව වැටුප් ලබාගත හැකි අතර, සේවය කරන ආයතනයෙන් පහත සඳහන් පහසුකම් ලබාදීමට නීත්‍යානුකූලව බැඳී සිටිනවා.
1.වීසා සඳහා අයදුම් කිරීමට පෙර අදාළ සමාගම විසින් ගිවිසුම සහ රැකියාවේ
ස්වභාවය පිළිබඳව විස්තර කෙරේ.
2.ජපානයට යන විට ගුවන් තොටුපළේදී ඔබව භාරගන්නා අතර, නැවත තම රටට යනවිට ගුවන්
තොටුපළ දක්වා රැගෙන යනු ලැබේ.
3.නවාතැන් පහසුකම් ලබා ගැනීමට උදව් කිරීම, බැංකු ගිණුම් විවෘත කිරීම,ජංගම
දුරකතන. විදුලිය සහ ගෑස් පහසුකම් ලබාගැනීම සඳහා සහයෝගය ලබාදෙයි
4.ජපානයේ නීතිරීති, ප්‍රවාහන පහසුකම් ලබාගන්නා ආකාරය සහ භූමිකම්පාවකදී කටයුතු
කරන ආකාරය පිළිබඳව උපදෙස් ලබාදෙයි
5. නගර කාර්යාලයන්හි ලියාපදිංචි වීම සඳහා උපදෙස් ලබාදෙයි
6.ජපන් භාෂාව ඉගෙක ගැනීමට සහයෝගය ලබාදෙයි
7.ගැටලු සහගත අවස්ථාවන්හිදී උපදෙස් ලබාදෙයි
8.ජපන් ජාතිකයන් සමඟ කතාබහ කිරීමට අවස්ථාව සළසා දෙයි
9.රැකියාව වෙනස් කිරීමට අවශ්‍යනම් ඒ සඳහා සහයෝගය ලබා දෙයි
10.රැකියාවේ ගැටලු ගැන සාකච්ඡා කිරීමට හැකියි.
මෙම විසා ක්‍රමය යටතේ පහත සඳහන් ක්ෂේත්‍රවල රැකියා ලබාගැනීමට ඔබට අවස්ථාව ලැබෙනවා.
1.හෙද සත්කාර
2.ගොඩනැගිලි පිරිසිදු කිරීම
3. ඉදිකිරීම් කර්මාන්තය
4.යන්ත්‍ර කොටස් සහ මෙවලම් කර්මාන්තය
5.කාර්මික යන්ත්‍රෝපකරණ කර්මාන්ත
6.විදුලි ඉලෙක්ට්‍රෝනික හා තොරතුරු කර්මාන්ත
7. නැව් තැනීම් සහ නැව් කර්මාන්ත
8.මෝටර් රථ අලුත් වැඩියා කිරීම සහ නඩත්තු කිරීම
9.ගුවන් සේවා කර්මාන්තය
10. හෝටල් කර්මාන්තය
11.කෘෂිකර්මාන්තය
12.ධීවර හා ජලජීවි කර්මාන්තය
13.ආහාර හා බීම නිෂ්පාදන
14.ආහාර සේවා කර්මාන්තය
ඒ ඒ ක්ෂේත්‍රවලට
අවශ්‍ය සුදුසුකම් සහ එම ක්ෂේත්‍රයන් වර්ගකිරීම් සහ ඒ අනුව කුසලතා විභාග පවත්වන
ආකාරය පිළිබඳ කෙටි විස්තරයක් පහත සඳහන් වේ. එසේම ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළ ජපන් අමාත්‍යාංශ හා වෙබ් අඩවි ද සඳහන් කර ඇති අතර වැඩිදුර විස්තර ලබාගත හැකියි.
හෙද සත්කාරක සේවාව
- ශාරීරික ආබාධ සහිත පුද්ගලයින්ට උපකාර
කිරීම් සපයන රැකියාවන් ඇබෑර්තු 60.000 යි -
හෙද සත්කාරක කුසලතා විභාගය, සාත්තු සේවා ජපන් භාෂා ඇගයීම් විභාගය සහ මූලික
ජපන් භාෂා පදනම් විභාගය හෝ ජපන් භාෂා ප්‍රවීණතා විභාගය අදියර 4 සමත් විය යුතුයි.
In addition to Nursing care (assistance
with bathing, feeding and excretion responding to the physical and mental
condition of the user), other related support services (assistance with
recreation and functional training, etc.) Note: Visiting services are not included (1 test category) |
විස්තර - සෞඛ්‍ය කම්කරු හා සමාජ සුභසාධන අමාත්‍යාංශය
වෙබ් අඩවිය https://www.mhlw.go.jp/stf/newpage_000117702.html
ගොඩනැගිලි පිරිසිදු කිරීම - ඇබෑර්තු 37.000 - ගොඩනැගිලි පිරිසිදු කිරීම් ක්ෂේත්‍ර විශේෂ කුසලතා විභාගය (1) මූලික ජපන් භාෂා පදනම් විභාගය හෝ ජපන් භාෂා ප්‍රවීණතා විභාගය අදියර 4
Interior building cleaning - 1 test category විස්තර - ජපන් ගොඩනැගිලි නඩත්තු සංවිධානයේ වෙබ් අඩවිය |
https://www.j-bma.or.jp/qualification-training/zairyu
යන්ත්‍ර කොටස් හා මෙවලම් ක්ෂේත්‍රය, කාර්මික යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රය සහ විදුලි ඉංජිනේරු කාර්මික ක්ෂේත්‍රය ඇබෑර්තු 31450 - නිෂ්පාදන ක්ෂේත්‍ර විශේෂ කුසලතා විභාගය - මූලික ජපන් භාෂා පදනම් විභාගය හෝ ජපන් භාෂා ප්‍රවීණතාවය අදියර 4 හෝ ඊට ඉහළ සුදුසුකම් - මෙම ක්ෂේත්‍රයට අදාළ වර්ග 12 යටතේ කුසලතා විභාග වලට ඉදිරිපත් විය හැකිය. යන්ත්‍ර කොටස් හා මෙවලම් ක්ෂේත්‍රය ・Casting ・Factory sheet metal work ・Machinery inspection ・Forging ・Plating ・Machine maintenance ・Die casting ・Aluminum anodizing treatment ・Painting ・Machining・Welding ・Metal press ・Finishing 〔13 test categories කාර්මික යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රය
|
ආර්ථික වෙළඳ හා කාර්මික අමාත්‍යාංශයේ වෙබ් අඩවිය
https://www.meti.go.jp/policy/mono_info_service/gaikokujinzai/index.html
මෝටර් රථ අලුත්වැඩියා සහ නඩත්තු ක්ෂේත්‍රය
ඇබෑර්තු 7000යි - අදාළ ක්ෂේත්‍ර විශේෂ කුසලතා විභාගය - මූලික ජපන් භාෂා පදනම් විභාගය හෝ ජපන් භාෂා
ප්‍රවීණතාවය අදියර 4 හෝ ඊට ඉහළ සුදුසුකම් Automobile everyday inspection and
maintenance, Regular inspection and maintenance,
Disassembly 1 test category ජපන් වාහන ප්‍රවර්ධන සංගමය වෙබ් අඩවිය. |
https://www.jaspa.or.jp/mechanic/specific-skill/index.html
ගුවන් සේවා
ක්ෂේත්‍රය ඇබෑර්තු 2200 යි - අදාළ ක්ෂේත්‍ර
විශේෂ කුසලතා විභාගය - මූලික ජපන් භාෂා
පදනම් විභාගය හෝ ජපන් භාෂා ප්‍රවීණතාවය අදියර 4 හෝ ඊට ඉහළ සුදුසුකම්
・Automobile everyday inspection and maintenance , Regular inspection and
maintenance, Disassembly 〔1 test category〕 ජපාන ගුවන් තාක්ෂණ සංගමය වෙබ් අඩවිය |
නවාතැන්
පහසුකම් ක්ෂේත්‍රය ඇබෑර්තු 22.000 යි අදාළ ක්ෂේත්‍ර විශේෂ කුසලතා විභාගය - මූලික ජපන් භාෂා පදනම් විභාගය හෝ ජපන් භාෂා
ප්‍රවීණතාවය අදියර 4 හෝ ඊට ඉහළ සුදුසුකම්
・Providing accommodation services, such as working at the front
desk, planning/public relations,hospitality, restaurant services 1 test category නවාතැන් පහසුකම් කර්මාන්ත විශේෂ විභාග මධ්‍යස්ථානය |
කෘෂිකාර්මික ක්ෂේත්‍රය - ඇබෑර්තු 36500යි - අදාළ ක්ෂේත්‍ර විශේෂ කුසලතා විභාගය - මූලික ජපන් භාෂා පදනම් විභාගය හෝ ජපන් භාෂා ප්‍රවීණතාවය අදියර 4 හෝ ඊට ඉහළ සුදුසුකම්
・General
crop farming (cultivation management, collection/shipping/sorting of
agriculturalproducts, etc.)
・General
livestock farming (breed management, collection/shipping/sorting of livestock
products, etc.)
〔2 test categories
කෘෂිකර්ම කුසලතා ඇගයීම් විභාග මධ්‍යස්ථානය
ධීවර සහ
ජලජීවි ක්ෂේත්‍රය = ඇබෑර්තු 9000යි අදාළ ක්ෂේත්‍ර විශේෂ කුසලතා විභාගය - මූලික ජපන් භාෂා පදනම් විභාගය හෝ ජපන් භාෂා
ප්‍රවීණතාවය අදියර 4 හෝ ඊට ඉහළ සුදුසුකම්
・Fishery (production and repair of fishing gear, search for marine animals and plants, operation of fishing gear and machinery, capture of marine animals and plants, processing and storage of catch, ensuring health and safety, etc.)
・Aquaculture
industry (production, repair and management of aquaculture materials, breed
management, collection (harvesting) and processing of aquaculture animals and
plants, ensuring health and safety, etc.)
-〔2 test categories〕
ජපන් ධීවර කටයුතු සංගමය
ආහාරපාන නිෂ්පාදන
ක්ෂේත්‍රය - ඇබෑර්තු 34000 යි - අදාළ ක්ෂේත්‍ර විශේෂ කුසලතා විභාගය - මූලික ජපන් භාෂා පදනම් විභාගය හෝ ජපන් භාෂා
ප්‍රවීණතාවය අදියර 4 හෝ ඊට ඉහළ සුදුසුකම්
General
food and beverage manufacturing (manufacturing/processing and health and safety
of food and beverages (excluding liquor)
〔1 test category
ආහාර සේවා
ක්ෂේත්‍රය - ඇබෑර්තු 53000යි - අදාළ ක්ෂේත්‍ර විශේෂ කුසලතා විභාගය - මූලික ජපන් භාෂා පදනම් විභාගය හෝ ජපන් භාෂා
ප්‍රවීණතාවය අදියර 4 හෝ ඊට ඉහළ සුදුසුකම්
General
restaurant industry (food and beverage processing, customer service, store
management)
1
test category
ජපන් ආහාර නිෂ්පාදන සංගමය
විශේෂ නිපුණතා සේවක විසා ක්‍රමය (II) - Specified Skilled Worker Visa (II)
මෙම ක්‍රමය යටතේ ඉදිකිරීම් කර්මාන්තය සහ නැව් තැනීම් සහ නැව් යන්ත්‍රෝපකරණ කර්මාන්ත ක්ෂේත්‍රයේ විශේෂ සුදුසුකම් ඇති අයට පමණක් වීසා ලබාගැනීමට හැකියාව ඇත. විශේෂ නිපුණතා වර්ග 2 වීසා ලබාගැනීම සදහා උසස් වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කළ යුතුය.
අවුරුදු 03
වරක්, අවුරුදු එකකට වරක් හෝ මාස 06 වරක් වීසා කාලසීමාව දීර්ඝ කර ගත යුතුය.
අදාළ ක්ෂේත්‍රයේ
ප්‍රවීණතාවය තිබිය යුතුය
ක්ෂේත්‍රයේ ප්‍රවීණතාවය
විභාග මගින් සනාථ කරගනු ලැබේ.
ජපන් භාෂා ප්‍රවීණතාවය
ලබාගත යුතුය.
නිශ්චිත වීසා
කාලසීමාවක් පනවා නැත.
පවුලේ
සාමාජිකයන් තමන් සමඟ ජපානයට රැඟෙන යා හැකිය.
ඉදිකිරීම්
ක්ෂේත්‍රය ඇබෑර්තු 40.000 යි - ඉදිකිරීම් ක්ෂේත්‍ර විශේෂ කුසලතා විභාගය - මූලික ජපන් භාෂා පදනම් විභාගය හෝ ජපන් භාෂා
ප්‍රවීණතාවය අදියර 4 හෝ ඊට ඉහළ සුදුසුකම්
・Formwork construction ・Plastering ・Concrete pumping ・Tunnel Propulsion ・Construction machinery and construction ・Earthwork ・Roofing ・Telecommunications ・Reinforcement construction ・Reinforcing bar joints ・Interior finishing/material mounting ・Scaffolding ・Carpentry ・Plumbing ・Building sheet metal work ・Heat-retention and cool-retention ・Spray urethane insulation ・Offshore civil engineering 〔18 test categories ජපන් ඉදිකිරීම් හා මානව සම්පත් සංගමය |
https://jac-skill.or.jp/exam_en.html
නැව් සෑදිම හා
නැව් යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රය ඇබෑර්තු 13000 යි - අදාළ ක්ෂේත්‍ර විශේෂ කුසලතා විභාගය - මූලික ජපන් භාෂා පදනම් විභාගය හෝ ජපන් භාෂා
ප්‍රවීණතාවය අදියර 4 හෝ ඊට ඉහළ සුදුසුකම්
・Welding
・Finishing ・Plastering
・Machining ・Iron work
・Electrical equipment assembling 〔6 test categories〕 ජපන් නාවික නිෂ්පාදන සංගමය |
|
මෙම සියලුම
තොරතුරු ජපන් විදේශ අමාත්‍යාංශය, ජපන් විදේශ රැකියා ආයතනය, ජපන් ආගමන විගමන සේවා
ආයතනය සහ ජපන් අධිකරණ අමාත්‍යාංශය ඇසුරෙනි.
විශේෂ නිපුණතා
සේවක වැඩසටහන සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට ජපාන ආගමන සේවා ආයතනය වෙත පිවිසීමට
http://www.moj.go.jp/isa/index.html
ඉහත සඳහන්
රැකියා සඳහා අයදුම් කිරීමට ජපන් භාෂා ප්‍රවීණතාවය ලබාගැනීම අනිවාර්ය වෙනවා. ඒ සඳහා
භාෂා විභාග කීපයක් පැවැත්වෙන අතර, එම විභාගවල අදියර 5 හෝ අදියර 4 සමත්විය යුතු
වෙනවා.
මූලික ජපන් ජපන් භාෂා පදනම් පරීක්ෂණය JFT Basic
https://www.jpf.go.jp/jft-basic/e/index.html
ජපන් භාෂා ප්‍රවීණතා
විභාගය - JLPT Japanese language
proficiency test
වසරකට දෙවරක් පැවැත්වේ. (ජූලි සහ දෙසැම්බර්)
ජපන් භාෂා
නැට් විභාගය Japanese language NAT-TEST (Nihongo Achievement Test)
වසරකට 6 වරක් පැවැත්වේ.
ජපන් භාෂාව සහ සංස්කෘතිය සිංහලෙන්
ජපන් බ්ලොග් අඩවිය
https://japaneselanka.blogspot.com/