Saturday, December 19, 2020

මින්නනො නිහොන්ගො 10 පාඩම

වචන මාලාව
ඉමසු - ඉන්නවා (ප්‍රාණවාචී)            අරිමසු - තිබෙනවා (අප්‍රාණවාචී)
ඉරොඉරොන    -    විවිධ                ඔතොකොනො හිතො - පිරිමියා
ඔන්නනො හිතො -    කාන්තාව      ඔතොකො නො කො - පිරිමි ළමයා
ඔන්න නො කො - ගැහැණු ළමයා    ඉනු - බල්ලා
නෙකො -   පුසා                             කි - ගස
මොනො - දේවල්                           ෆිරුමු - චිත්‍රපට
දෙන්චි - බැට්රි                                හකො - පෙට්ටිය
සුඉච්චි - ස්වීචය                              රෙයිසෝකො - ශීතකරණය
තේබුරු - මේසය                            බෙද්දො - ඇඳ
තනා - රාක්කය                               දොඅ - දොර
මදො - ජනේලය                             පොසුතො - තැපැල් පෙට්ටිය
බිරු - ගොඩනැගිල්ල                       කෝඑන් - උද්‍යානය
කිස්සතෙන් - කොෆී අලෙවිසැළ       හොන්ය - පොත්හළ
නොරිබ - නගින ස්ථානය                 කෙන් - දිස්ත්‍රික්කය 

උඑ - උඩ                    ෂිත - යට
මඑ - ඉදිරිපස              උෂිරො - පිටුපස
මිගි - දකුණ                හිදරි - වම
නක - ඇතුල්පැත්ත    සොතො -  පිටපැත්ත
තොනරි - අසළ. යාබද    චිකකු - ළඟ
අයිද - අතර

-----ය------ය(------සහ-----සහ කිහිපයක් ගැන ප්‍රකාශ කිරීමේදී)
ඉචිබන් - වඩාත්ම.ඉහළම
දෝමො සුමිමසෙන් - ස්තූතියි
චිරිසෝසු - චිලිසෝස්
තෝක්යෝ දිසුනිරන්දො - තෝක්යෝ ඩිස්නිලන්තය
උචිනො නක - ගේ ඇතුළ
ගෙන්කන්    -    ගෙට ඇතුල්වීමේ දොරටුව - පාවහන් ගලවා තබන ස්ථානය
තොඉරෙ    -    වැසිකිළිය               ෆුරොබ    -    නානකාමරය
සෙන්මෙන්ජො - වොෂ්රූම්           දයිදොකොරො - කුස්සිය
ෂොකුදෝ        - කෑමකාමරය         ඉම - ලිවින්ග් රූම්
ෂින්ෂිත්සු        -  නිදන කාමරය        රෝක - කොරිඩෝව
බෙරන්ද          ඉස්තෝප්පුව

ව්‍යාකරණ රටා

01...............  が あります。   ..................ග අරිමසු .( හිස්තැන්වලට ගැලපෙන නාමපද යොදන්න.)
අප්‍රාණවාචී දෙයක් “තිබෙනවා“ යනුවෙන් ප්‍රකාශ කරන්නේ මෙම වාක්‍ය රටාවෙනි. මෙහිදී කර්තෘපදය සමඟ “ග“ නිපාත පදය භාවිතා වේ.
හොන් අරිමසු               -    පොතක් තිබෙනවා
කොන්ප්යූතා අරිමසු    -    පරිගණකයක් තිබෙනවා.
කෝඑන් අරිමසු          -    උද්‍යානයක් තිබෙනවා
ඔකනෙ අරිමසු            -    මුදල් තිබෙනවා
なにがありますනනි ග අරිමසු. මොනවද තිබෙන්නේ?
නාමපදය වෙනුවට “නනි“ සහ අගට “ක“ යොදා මෙම වාක්‍යය ප්‍රශ්නාර්ථවාචී බවට හැරවිය හැකිය.
නනි ග අරිමසුක?    -    මොනවද තිබෙන්නේ?
හොන් ග අරිමසු.    -     පොතක් තිබෙනවා.

02................に....................があります。.............නි............ග අරිමසු.( ස්ථානයක යම්කිසි දෙයක් තිබෙන බව ප්‍රකාශ කිරීම)
අප්‍රාණවාචී දෙයක් තිබෙන ස්ථානයක් පිළිබඳ විස්තර කිරීමේදී මෙම වාක්‍ය රටාව භාවිතා වේ.
මෙම පළමු හිස්තැනට ස්ථානවාචී නාමපදයක් භාවිතා කළයුතු අතර එහි නිපාත පදය “නි“ එකතු කළ යුතු වේ.දෙවැනි නාමපදයෙන්  එම ස්ථානයෙහි තිබෙන දෙය හැඟවෙන අතර එය සමඟ භාවිතා වන්නේ “ග“නිපාත පදයයි.
 හෙය නි  ත්සුකුඑ අරිමසු.        -    කාමරයෙහි ‍ ඩෙස්ක් එකක් තිබෙනවා.
කෝඑන් නි කි අරිමසු              -   උද්‍යානයෙහි ගස් තිබෙනවා.
අසොකො නි කොන්බිනි අරිමසු.   -    අතැන කොන්බිනි එකක් තිබෙනවා.
ක්යෝෂිත්සු නි හොවයිතොබෝදො අරිමසු    -    පන්තිකාමරයෙහි වයිට්බෝර්ඩ් එකක් තිබෙනවා.

03...........は.....................にあります。...........වා................නි අරිමසු.(මෙහි පලමු නාමපදයෙන් ප්‍රකාශ කරන දෙය තිබෙන ස්ථානය දෙවැනි නාමපදයෙන් විස්තර කෙරේ. කථකයා සහ අසන්නා යන දෙදෙනාම දන්නා දෙයක් පිළිබඳ කතාකිරීමේදී මෙම වාක්‍ය රටාව භාවිතා කරනු ලැබේ)
 .....n1..........に........n2..........があります。  ......n2........は........n1.........にあります。
 ......n1.........නි......n2.......ග අරිමසු.                .......n2.......වා......n1.......නි අරිමසු.
n1 - පළමු නාමපදය            n2 -   දෙවැනි නාමපදය
පළමු වාක්‍ය රටාවේ කර්තෘ පදය දෙවැනි නාමපදය වන අතර. දෙවැනි වාක්‍ය රටාවේදී එම කර්තෘ පදය පළමු නාමපදය බවට පත්වී ඇත. මෙහිදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමුකළ යුත්තේ වාක්‍ය වෙනස් වීමේදී නිපාත පද වෙනස් වන ආකාරයයි. පළමු වාක්‍ය රටාවෙහි “නි“ සහ “ග“ දෙවැනි වාක්‍ය රටාවෙහිදී “වා“සහ “නි“ බවට පත්වී ඇත.
ක්යෝෂිත්සු නි ත්සුකුඑ අරිමසු.    -    පන්ති කාමරයෙහි ඩෙස්ක් එකක් තිබෙනවා.
ත්සුකුඑ වා ක්යෝෂිත්සු නි අරිමසු.    -  ඩෙස්ක් එක පන්ති කාමරයෙහි තිබෙනවා. (කියන්නා සහ අසන්නා යන දෙදෙනාම ඩෙස්ක් එක ගැන දනී)       
පළමු වාක්‍යයහෙි කර්තෘ පදය “ත්සුකුඑ“ වන අතර එම පදය “ග“ නිපාත පදය සමඟ භාවිතා කර ඇත.එය එහි දෙවැනි නාමපදයයි. දෙවැනි වාක්‍යයෙහිදී කර්තෘ පදයෙහි ස්ථානය වෙනස් වී එය පළමු නාමපදය බවට පත්වී “වා“ නිපාත පදය එකතු වී ඇත. මෙම වාක්‍යය දෙකෙහි පළමු නාමපදයෙහි ස්ථාන වෙනත් වී ඇතත්. නිපාත පදය වෙනස් වී නැත.
අසොකො නි කුරුම අරිමසු     - අතැන කාරයක් තිබෙනවා.
කුරුම වා අසොකො නි අරිමසු    - කාරය අතැන තිබෙනවා

ඉහත ව්‍යාකරණ රටා දෙක ප්‍රශ්නාර්ථවාචී බවට පත්කරන ආකාරය 
................に なにが あります。........නි නනි ග අරිමසුක.(යම්කිසි ස්ථානයක මොනවද තිබෙන්නේ යනුවෙන් අසන ආකාරය)
වාක්‍යයෙහි දෙවැනි නාමපදය වෙනුවට “නනි“ යන්නත් අගට “ක“යන්නත් එකතු කර ප්‍රශ්නාර්ථය සාදාගත හැකිය.
අසොකොනි නනි ග අරිමසු?    අතැන මොනවද තිබෙන්නේ?
අසොකොනි කුරුම ග අරිමසු.      අතැන කාරයක් තිබෙනවා හෝ කෙටියෙන් කාරයක් තිබෙනවා ලෙස පිලිතුරු දිය හැකිය.
.............はどこにあります。............වා දොකොනි අරිමසුක. (යම්කිසි දෙයක් කොහේද තිබෙන්නේ යනුවෙන් අසන ආකාරය)
මෙහි ප්‍රශ්නාර්ථය සාදාගැනීම සඳහා දෙවැනි නාමපදය ඇති ස්ථානයට “දොකො-කොහේද?“ යන්නත් වාක්‍ය අගට “ක“යන්නත් එකතු කළ යුතුය.
කුරුම වා දොකොනි අරිමසුක.    කාරය කොහේද තිබෙන්නේ?
කුරුම වා අසොකොනි අරිමසු.- කාරය අතැන තිබෙනවා හෝ කෙටියෙන් අසොකොනි අරිමසු-අතැන තිබෙනවා යනුවෙන් පිලිතුරු දිය හැකිය.

04...............が います。..............ග ඉමසු. 
“ඉමසු“ යන්නෙහි තේරුම “ඉන්නවා“ යන්නයි. ඒ අනුව මෙම ක්‍රියාපදය ප්‍රාණවාචී නාමපද සමඟ භාවිතා වේ.මෙහිදීද කර්තෘ පදය සමඟ යෙදෙන්නේ “ග“ නිපාත පදයයි.
හිතො ග ඉමසු.        -    පුද්ගලයෙක් ඉන්නවා
ගකුසෙඉ ග ඉමසු.   -    ශිෂ්‍යය‍ෙක් ඉන්නවා
だれ が いますか。දරෙ ග ඉමසුක? (කවුද ඉන්නේ යනුවෙන් අසන ආකාරය)
මෙම වාක්‍යය ප්‍රශ්නාර්ථවාචී කරගන්නේ දරෙ-කවුද? යන පදය සමඟ වාක්‍යය අගට ““යෙදීමෙනි.
දරෙ ග ඉමසු? කවුද ඉන්නේ?
සෙන්සෙඉ ග ඉමසු. ගුරුවරයෙක් ඉන්නවා.
05...............に...............がいます。..................නි...............ග ඉමසු.(ස්ථානයක යම්කිසි පුද්ගලයෙකු හෝ සතෙකු සිටින බව ප්‍රකාශ කිරීම)
මෙම වාක්‍යයහෙි “නි“ නිපාත පදයට මුලින් ස්ථානවාචී නාමපදය යෙදිය යුතු අතර, “ග“ නිපාතපදය සමඟ පුද්ගලයාගේ හෝ සතාගේ නම යෙදිය යුතුය.
අසොකො නි හිතො ඉමසු.    අතැන පුද්ගලයෙක් ඉන්නවා.
ක්යෝෂිත්සු නි සෙන්සෙඉ ඉමසු . පන්ති කාමරයෙහි ගුරුවරයෙක් සිටිනවා.
නිවා නි තොරි ඉමසු.    වත්තේ කුරුල්ලෙක් ඉන්නවා.
................に だれが いますか。............නි දරෙ ග ඉමසුක? (ප්‍රශ්නාර්ථය සාදාගැනීම)
ප්‍රශ්නාර්ථය සාදාගැනීමේදී “දරෙ-කවුද?“ යන වචනය සමඟ වාක්‍ය අගට “ක“එකතු කළ යුතුය. 
හෙයනි දරෙ ග ඉමසුක?             කාමරයේ කවුද ඉන්නේ?
අසොකොනි දරෙ ග ඉමසුක?     අතැන කවුද ඉන්නේ?
ක්යෝෂිත්සුනි දරෙ ග ඉමසුක?   පන්තිකාමරයේ කවුද ඉන්නේ?
06..................は.......................にいます。..............වා.................නි ඉමසු.(කියන්නා සහ අසන්නා යන දෙදෙනාම දන්නා දෙයක් ගැන කතා කිරීමේදී)
මෙම වාක්‍ය රටාවෙන් කියන්නා සහ අසන්නා යන දෙදෙනාම දන්නා පුද්ගලයෙකු හෝ සතෙකු සිටින ස්ථානයක් ගැන ප්‍රකාශ කළ හැකිය.“වා“නිපාත පදය සමඟ අදාළ නාමපදයත් “නි“ නිපාත පදය සමඟ ස්ථානයත් එකතු කළ යුතුය.
සෙන්සෙඉ වා ක්යෝෂිත්සු නි ඉමසු. ගුරුවරයා පන්ති කාමරයේ සිටිනවා
ඔතෝතො වා හෙයනි ඉමසු.    මල්ලී කාමරයේ සිටිනවා.
...............は どこに いますか。..........වා දොකොනි ඉමසුක?(ප්‍රශ්නාර්ථය සාදාගැනීම)
“දොකො-කොහේද“ යන වචනය සමඟ වාක්‍ය අගට“ක“ යොදා ප්‍රශ්නාර්ථය සාදාගත හැකිය.
සෙන්සෙඉ ව දොකොනි ඉමසුක?ගුරුවරයා කොහේද ඉන්නේ?
ඔතෝතො ව දොකොනි ඉමසුක?මල්ලී කොහේද ඉන්නේ?
07.............の..................           ..................නො................. (යම්කිසි දෙයක හෝ ස්ථානයක පිහිටීම සහ පුද්ගලයෙක් සිටින ස්ථානය පිළිබඳ විස්තර කිරීමේදී මෙම වාක්‍ය රටාව භාවිතා කෙරේ.)
මෙහිදී අදාළ නාමපදය “නො“ නිපාත පදය සමඟ එකතු කර උඩ.යට.මැද.ඉදිරිපස,පිටුපස ආදී පද සමඟ සම්බන්ධකර වාක්‍යවල යොදනු ලැබේ.
ත්සුකුඑනො ෂිත                -    ඩෙස්ක්එක යට    
ත්සුකුඑනො උඑ                -    ඩෙස්ක්එක උඩ
කුරුම නො නක                 -     කාරය ඇතුළේ.    
සෙන්සෙඉනො මඑ            -    ගුරුවරයාගේ ඉදිරිපස
කොකුබන්නො උෂිරො      -  කලුලෑල්ල පිටුපස
ඉහත පද අපි වාක්‍යවල යොදා බලමු. ආකෘතිය පහත සඳහන් පරිදි වේ.ස්ථානයකට පසුව යෙදෙන බැවින් “නි“හෝ“දෙ“නිපාත පද යෙදේ.
..............の...................に/で..............が あります
...............නො...............නි/දෙ..............ග අරිමසු
ත්සුකුඑනො ෂිත නි කුත්සු ග අරිමසු.-    ඩෙසක්එක යට සපත්තු කූට්ටමක් තිබේ..
ත්සුකුඑනො උඑනි හොන් ග අරිමසු-    ඩෙස්ක් එක උඩ පොතක් තිබේ.
.............は.................の....................に/で あります
.............වා..................නො.................නි/දෙ අරිමසු
කුත්සුවා ත්සුකුඑනො ෂිතනි අරිමසු.    සපත්තු කූට්ටම ඩෙස්ක් එක යට තිබේ.
හොන්වා ත්සුකුඑනො උඑනි අරිමසු.   පොත ඩෙස්ක්එත උඩ තිබේ.
..............の...................に/で..............が います
...............නො...............නි/දෙ..............ග ඉමසු
කුරුමනො නකනි හිතො ග ඉමසු    -    කාරය ඇතුළේ පුද්ගලයෙක් සිටී.
සෙන්සෙඉනො මඑනි ගකුසෙඉ ග ඉමසු    -    ගුරුවරයාගේ ඉදිරිපස ශිෂ්‍යයෙක් සිටී.
එකිනො චිකකුදෙ තොමොදචිනි අයිමෂිත    -  දුම්රියපළ ළඟදී යහලුවෙකු මුණගැසුනා(“දෙ“නිපාතය භාවිතය)
.............は.................の....................に/で います
.............වා..................නො.................නි/දෙ ඉමසු.
හිතොවා කුරුමනො නකනි ඉමසු    -    පුද්ගලයා කාරය ඇතුළේ සිටී
ගකුසෙඉ වා සෙන්සෙඉනො මඑනි ඉමසු    -    ශිෂ්‍යයා ගුරුවරයා ඉදිරිපස සිටී

08...............や................が あります   ..........ය..........ගඅරිමසු.(භාණ්ඩ දෙකක් හෝ කිහිපයක් තිබෙන බව ප්‍රකාශ කිරීම)
හකොනො නකනි හොන් පෙන් අරිමසු.    -    පෙට්ටිය ඇතුළේ පොතක් සහ පෑනක් තිබේ.
හෙයනි බෙද්දො තේබුරු අරිමසු              -    කාමරයෙහි ඇදක් සහ මේසයක් තිබේ.
.................や...................などがあります................ය...........නදොග අරිමසු. 
“නදො“ යන්නහෙි තේරුම යනාදිය යන්නයි. ඒ අනුව ස්ථානයක භාණ්ඩ කිහිපයක් තිබේනම් ඒවායින් දෙකක් සඳහන් කර යනාදි දේවල් ඇත යනුවෙන් ප්‍රකාශ කිරීමේදී මෙම වාක්‍ය භාවිතා කෙරේ.
උචිනි තෙරෙබි රෙයිසෝකො නදොග අරිමසු - ගෙදර රූපවාහිනියක් ශීතකරණයක් යනාදි දේවල් තිබේ.
හකොනො නකනි කෙෂිගොමුය පෙන් නදොග අරිමසු- පෙට්ටිය ඇතුළේ මකනකෑලි සහ පෑන් යනාදි දේව
ල් තිබේ.
09..................ですか ................දෙසුක
සාමාන්‍යය‍ෙන් “ක“නිපාත පදය වාක්‍යයක අගට යෙදෙන්නේ ප්‍රශ්නයක් ඇසීමට වුවත්, මෙම අවස්ථාවේදී එය යෙදෙන්නේ අසන දෙය ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහාය.
සුමිමසෙන්, ජිමුෂොවා දොකො දෙසුක.        සමාවන්න, කාර්යාලය කොහේද තිබෙන්නේ.
ජිමුෂො දෙසුක. අසොකො දෙසු.                  කාර්යාලයද? අතැන
(මුල් වාක්‍යයෙහි ප්‍රශ්නාර්ථවාචී බවට හැරවීමට වාක්‍ය අගට “ක“ යොදා ඇත.දෙවැනි වාක්‍යයෙහි “ක“ යොදා ඇත්තේ ප්‍රශ්න කරන ලද දෙය ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා වේ.

සම්පූර්ණ පාඩම සිංහලෙන්

බුන්කෙයි    -     වාක්‍ය රටා
1.අසොකොනි කොන්බිනි ග අරිමසු    -    අතැන කොන්බිනි එකක් තිබේ.
2.රොබී නි සතෝසන් ග ඉමසු    -    ආලින්දයෙහි සතෝසන් සිටී.
3.තෝක්යෝ දිසුනිරන්දොවා චිබකෙන්නි අරිමසු    -    තෝක්යෝ ඩිස්නිලන්තිය චිබ දිස්ත්‍රික්කයෙහි පිහිටා ඇත.
4.කසොzකුවා න්යූයෝකු නි ඉමසු    -    පවුලේ අය සිටින්නේ නිව්යෝක්වල.

රෙයිබුන්    -    උදාහරණ වාක්‍ය
1.කොනො බිරුනි ATM ග අරිිමසුක.   -    මේ ගොඩනැගිල්ලේ ස්වයංක්‍රීය මුදල් යන්ත්‍රයක් තිබෙනවාද?
හයි,නිකයි නි අරිමසු    -    ඔව්, දෙවැනි තට්ටුවෙහි තිබෙනවා.
2අසොකොනි ඔතොකොනො හිතොග ඉමසුනෙ.අනොහිතොවා දරෙ දෙසුක?    -    අතැන පිරිමියෙක් ඉන්නවා නේ.ඒ පුද්ගලයා කවරෙක්ද?(මෙම පළමු වාක්‍යයෙන් කියවෙන පුද්ගලයා ගැන කියන්නා සහ අසන්නා යන දෙදෙනාම නොදන්නා අතර, දෙවැනි වාක්‍යයෙහිදී එම පුද්ගලයා ගැන දෙදෙනාම දනී.)
IMCනො මත්සුමොතොසන් දෙසු    -   IMC සමාගමේ මත්සුමොතො මහතා.
3.නිවානි දරෙග ඉමසුක    -    වත්තේ කවුද සිටින්නේ   
දරෙමො ඉමසෙන් .නෙකොග ඉමසු.   -    කවුරුවත් නැහැ.පූසෙක් ඉන්නවා (දරෙ - කවුද යන වචනයට “මො“නිපාත පදය එකතු වීමේදී එම වාක්‍යය නැත අර්ථයට හැරේ
4.හකොනො නකනි නනිග අරිමසුක.    -     පෙට්ටිය ඇතුළේ මොනවද තිබෙන්නේ    
ෆුරුයි තෙගමිය ෂෂින් නදොග අරිමසු    -     ලිපි පින්තූර යනාදි දේවල් තිබෙනවා
5.යූබින්ක්යොකුව දොකොනි අරිමසුක    -    තැපැල් කන්තෝරුව කොහේද තිබෙන්නේ
එකිනො චිකකු දෙසු.ගින්කෝනො මඑනි අරිමසු    -    දුම්රියපළ ළඟ.බැංකුව ඉදිරිපස තිබෙනවා
6.මිරාසන්වා දොකොනි ඉමසුක.    -    මිරාසන් කොහේද ඉන්නේ
කඉෂනි ඉමසු    -    සමාගමේ ඉන්නවා

කඉව -    සංවාද
නන්පුරා, අරිමසුක    -    නන්පුරා (තායිලන්ත රසකාරකයක්) තිබෙනවද
මිරා:    සුමිමසෙන්. අජිඅසුතොඅවා දොකොදෙසුක    -    සමාවන්න. ආසියානු භාණ්ඩ තිබෙන්නේ කොතැනද
ඔන්නනො හිතො ;    අජිඅසුතොඅදෙසුක.    -    ආසියා භාණ්ඩ තිබෙන තැනද
අසොකොනි ෂිරොයි බිරුග අරිමසුනෙ.    -    අතැන සුදුපාට ගොඩනැගිල්ලක් තිබෙනවානේ
අනො බිරුනො නක දෙසු    -    ඒ ගොඩනැගිල්ලේ ඇතුළේ.
මිරා;    සෝදෙසුක.දෝමො සුමිමසෙන්    -    එහෙමද. ගොඩාක් ස්තූතියි
ඔන්නනො හිතො    ;    ඊඊඑ    -    ස්තූති කරන්න දෙයක් නෙවෙයි.

මිරා; අනෝ. නන්පුරා ග අරිමසුක    -    මේ...නන්පුරා තිබෙනවද?(“අනෝ“ අනෙකාගේ අවධානය ලබාගැනීමට භාවිතා කරන වචනයකි.)
තෙන්ඉන් ;    ඔව්.    (තෙන්ඉන් - සේවකයා)
අචිරනි තයිර්යෝරිනො කෝනා ග අරිමසු    -    අරපැත්තේ තායිආහාර භාණ්ඩ රාක්කයක් තිබෙනවා
නන්පුරා වා ඉචිබන් ෂිත දෙසුු    -    නන්පුරා ඒකෙ පහළම තට්ටුවේ.
මිරා:වකරිමෂිත. දෝමො    -    තේරුනා.ස්තූතියි.

රෙන්ෂූ    -    පුහුණුව
1.අසොකොනි දෙන්ව/බිරු/කෝඑන් ග අරිමසු.    -    අතැන දුරකතනයක්/ගොඩනැගිල්ලක්/උද්‍යානයක් තිබෙනවා
අසොකොනි නනි ග අරිමසුක.    -    අතැන මොනවාද තිබෙන්නේ?
2.අසොකොනි යමදසන්/ඔන්නනොහිතො/කොදොමො ග ඉමසු    -    අතැන යමදසන්/කාන්තාවක්/ළමයෙක් ඉන්නේ?
අසොකොනි දරෙග ඉමසුක    -    අතැන කවුද ඉන්නේ?
3.සූපානො තොනරිනි කිස්සතෙන්ග අරිමසුු    -    සුපර්මාකට් එත අසළ කෝෆිහලක් තිබෙනවා
 සූපානො නකනි කිස්සතෙන් ග අරිමසු    -    සුපර්මාකට් එක ඇතුළේ කෝෆිහලක් තිබෙනවා
 සතෝසන් නො මඑනි කරිනසන් ග ඉමසු    -    සතෝසන්ගෙ ඉදිරිපිට කරිනසන් ඉන්නවා
සතෝසන්නො මිගිනි කරිනසන් ග ඉමසු    -    සතෝසන්ගෙ දකුණු පස කරිනසන් ඉන්නවා
4.මිරාසන්නො උචි වා ඕඕසක නි අරිමසු    -    මිරාසන්ගෙ ගෙදර ඕඕසකවල තිබෙන්නේ
.............කෝඑන්නො මඑනි අරිමසු    -    උද්‍යානය ඉදිරිපස තිබෙන්නේ
.............ගක්කෝනො චිකකුනි අරිමසු    -    පාසැල ළඟ තිබෙන්නේ
.............දොකොනි අරිමසුක.   -    කොහේද තිබෙන්නේ
5.මිරාසන්වා අසොකොනි ඉමසු.    මිරාසන් අතැන සිටිනවා
..................කඉගිෂිත්සුනි ඉමසු.    රැස්වීම් ශාලාවේ සිටිනවා
..................එරෙබේතානො මඑනි ඉමසු    -    විදුලි සෝපානය අසළ සිටිනවා
.................දොකොනි ඉමසුක.    -    කොහේද සිටින්නේ.

රෙන්ෂූ C
1.අසොකොනි පොසුතො ග අරිමසු    -    අතැන තැපැල් පෙට්ටියක් තිබෙනවා
ක්යෝෂිත්සු නි ගකුසෙඉ ග ඉමසු       -    පන්තිකාමරයේ ශිෂ්‍යයෝ ඉන්නවා




















Saturday, December 5, 2020

මින්නනො නිහොන්ගො 09 පාඩම

වචන මාලාව

වකරිමසු - තේරෙනවා    -        අරිමසු - තිබෙනවා
සුකින - කැමති                -        කිරඉන - අකමැති
ජෝසුන - දක්ෂ                -       හෙතන - අදක්ෂ
ර්යෝරි - කෑම                -        නොමිමොනො - බීමවර්ග
සුපෝත්සු - ක්‍රීඩා            -        යක්යූ - බේස්බෝල්
දන්සු - නැටුම්                -         න්ගකු - සංගීතය
උත - සිංදු                    -           කුරෂික්කු - සම්භාව්‍ය
ජසු - ජෑස් සංගීතය        -          කොන්සාතො - විවිධ ප්‍රසංගය
කරඔකෙ - කැරෝකෙ    -        කබුකි - කබුකි නාට්‍ය
එ - චිත්‍ර                           -        ජි - අකුරු
කන්ජි - කන්ජි අකුරු       -      හිරගන - හිරගන අක්ෂර
කතකන - කතකන අක්ෂර    -    රෝමජි - රෝමන් අක්ෂර
කොමකයි ඔකනෙ         -             සිල්ලර කාසි
ජිකන් -    වේලාව        -    චිකෙත්තො - ටිකට්
යෝජි - වැඩ                   -    යකුසොකු - පොරොන්දුව
ගොෂුජින් - වෙනත් කෙනෙකුගේ සැමියා. 
ඔත්තො/ෂුජින් - තමන්ගේ සැමියා
ඔකුසන් - වෙනත් කෙනෙකුගේ භාර්යාව
ත්සුම/කනයි - භාර්යාව    -    කොදොමො - ළමයා
යොකු - හොඳයි    -        දයිතයි - සාමාන්‍යයෙන්
තකුසන් - ගොඩාක්   -    සුකොෂි - ටිකක්
සෙන්සෙන් - කොහොමවත්      හයකු - ඉක්මණින්
---කරා - නිසා            දෝෂිතෙ? - ඇයි?
සන්නෙන් දෙසුනෙ - ඒක කණගාටුදායක කරුණක් නේ.
‍මොෂි මොෂි - හෙලෝ(දුරකතනයෙන්)
සුමිමසෙන් - සමාවන්න
ඉෂ්ෂොනි ඉකගදෙසුක? -  කථකයා සමඟ යම්කිසිවක් කිරීම සඳහා ආරාධනා කිරීම(යූෂොකු ඉෂ්ෂොනි ඉකගදෙසුක? මාත් එක්ක රාත්‍රි ආහාරය ගන්න කැමතිද? කොන්සාතො ඔ ඉෂ්ෂොනි ඉකගදෙසුක? මාත් එක්ක විවිධ ප්‍රසංගය බලමුද?)
------වා චොත්තො.    -    යම්කිසිවක් කාරුණිකව ප්‍රතික්ෂේප කිරීමේදී ප්‍රකාශ කෙරේ.
දමෙ දෙසු    -       යම්කිසිවක් හොඳ නැහැ. ඵල රහිත දෙයක්, නොකළ යුතු දෙයක් යන තේරුම දේ.
මත කොන්දො ඔනෙගයිෂිමසු - ඊළඟ වාරයේදී ඒක කරමු යන අදහස ( හිත නොරිදෙන ලෙස වක්‍රාකාරයෙන් අරාධනාවක් ප්‍රතික්ෂේප කිරීම)

ව්‍යාකරණ රටා

............は................  が あります 。           ...........වා..........+ග අරිමසු
( යම්කිසි දෙයක් තමන් ළඟ තිබෙන බව ප්‍රකාශ කිරීම)
(හිස්තැන්වලට ගැළපෙන නාමපද යොදා වාක්‍ය සාදා ගත හැකිය)
සකර්මක වාක්‍යයක කර්මපදය සමඟ“ඔ“ නිපාත පදය යෙදේ. එහෙත් මෙහිදී “අරිමසු“ ක්‍රියාපදය සමඟ යෙදෙන්නේ “ග“නිපාත පදයයි.

වතෂිවා ඔකනෙ ග අරිමසු    -    මගේ ළඟ මුදල් තිබෙනවා
වතෂිවා කුරුම ග අරිමසු    -    මට කාරයක් තිබෙනවා.
වතෂිවා හොන් ග අරිමසු    -    මට පොතක් තිබෙනවා.

...........は.........が わかります 。                 ............වා...........+ග වකරිමසු  
(යම්කිසි දෙයක් තමන්ට තේරෙන බව ප්‍රකාශ කිරීම) 
(හිස්තැනට ගැළපෙන නාමපද යොදා වාක්‍ය සාදා ගත හැකිය)
මෙම වාක්‍ය රටාවේදී ද වකරිමසු - තේරෙනවා යන ක්‍රියාපදය සමඟ යෙදෙන්නේ “ග“නිපාත පදයයි.

වතෂිවා නිහොන්ගො ග වකරිමසු - මට ජපන් භාෂාව තේරෙනවා
වතෂිවා කන්ජි ග වකරිමසු - මට කන්ජි අක්ෂර තේරෙනවා.

............は..........が すきです / が きらいです / が じょうずです /が  へたです
.............වා..........ග සුකිදෙසු /ග කිරයි දෙසු / ග ජෝසුදෙසු /ග හෙතදෙසු.
( යම්කිසිවකට කැමතියි/ අකමැතියි / දක්ෂයි / අදක්ෂයි යනුවෙන් ප්‍රකාශ කිරීමේදී එම වචන සමඟ “ග“නිපාත පදය යෙදෙන අතර සාමාන්‍යයනේ කර්ම පදය සමඟ යෙදෙන “ඔ“නිපාත පදය භාවිතා නොවේ.)

වතෂිවා නිහොන් ර්යෝරි ග සුකිදෙසු    -    මම ජපන් කෑමවලට කැමතියි.
වතෂිවා එයග ග සුකිදෙසු.                       -    මම චිත්‍රපට බැලීමට කැමතියි.

ඔතෝතොවා සුපෝත්සු ග කිරයිදෙසු      -    මල්ලී ක්‍රීඩාවලට අකමැතියි.
වතෂිවා සකෙ ග කිරයිදෙසු.                    -    මම සකේවලට අකමැතියි.

වතෂිවා හිරගනා ග ජෝසුදෙසු.               -    මම හිරගනවපට දක්ෂයි.
වතෂිවා එයිගො ග ජෝසුදෙසු.               -     මම ඉංග්‍රීසි භාෂාවට දක්ෂයි.

වතෂිවා කන්ජි ග හෙතදෙසු.                   -     මම කන්ජිවලට අදක්ෂයි.
වතෂිවා නිහොන්ගො ග හෙතදෙසු.        -       මම ජපන් භාෂාවට අදක්ෂයි. 

どんな+Noun    -    දොන්න + නාමපද    (කුමන ආකාරයේ/මොන වගේ / මොන විධියේ)
08 වන පාඩමේදී අපි ඉගෙන ගත් “දොන්න“ යන වචනයට වඩා වෙනස් භාවිතාවක් පිළිබඳ මෙම පාඩමේදී විස්තර කෙරේ. මෙහිදී කණ්ඩායමකින් හෝ සමූහයකින් එක්දෙයක් තෝරාගන්නා ලෙස අසන්නාගෙන් ඇසීමේදී “දොන්න“ යන වචනය භාවිතා කරනු ලැබේ. උදාහරණයක් ලෙස “ක්‍රීඩාවන් අතරින් කුමන ක්‍රීඩාවටද ඔබ කැමති?“යනුවෙන් අසන්නේ “දොන්න“ යන වචනය වාක්‍යයෙහි මුලට යොදාගෙනය.ඒ අනුව එම වාක්‍ය ජපන් භාෂාවෙන් අසනුයේ “දොන්න සුපෝත්සු ග සුකිදෙසුක?“ යනුවෙනි. මෙහිදී අසන්නාට ක්‍රීඩා අතරින් තමන් කැමති කුමන ක්‍රීඩාවටද යන්න ප්‍රකාශ කළ යුතු වේ. “මම පාපන්දු ක්‍රීඩාවට කැමතියි“ “සක්කා ග සුකිදෙසු“
දොන්න නොමිමොනො ග සුකිදෙසුක?    -    මොන වගේ බීමවලටද කැමති?
සකේ ග සුකිදෙසු.                                   -     සකේවලට කැමතියි.
දොන්න ර්යෝරි ග සුකිදෙසුක?               -     මොන වගේ කෑමවලටද කැමති?
නිහොන් ර්යෝරි ග සුකිදෙසු.                  -     ජපන් කෑමවලට කැමතියි.
දොන්න එඉග ග සුකිදෙසුක?                   -     මොන වගේ චිත්‍රපටවලටද කැමති?
රොමන්චික්කු ග සුකිදෙසු.                      -     ආදරකතාවලට කැමතියි.
දොන්න ඔන්ගකු ග සුකිදෙසුක?              -     මොන වගේ සංගීතයටද කැමති?
කුරෂික්කු ග සුකිදෙසු.                             -      සම්භාව්‍ය සංගීතයට කැමතියි.

 よく/ だいたい / たくさん / すこし / あまり / ぜんぜん - ක්‍රියා විශේෂණ පද
 යොකු / දයිතයි / තකුසන් / සුකොෂි / අමරි / සෙzන්සෙzන්
මෙම ක්‍රියාවිශේෂණ පද යම්කිසි තත්වයක් හෝ යම්කිසි දෙයක ප්‍රමාණයක් ගැන ප්‍රකාශ කිරීමේදී ක්‍රියාපදයට මුලින් යෙදී ක්‍රියාව විස්තර කරයි. යොකු/දයිතයි/තකුසන්/සුකොෂි ඇත ්අර්ථයෙහි භාවිතා වන අතර,අමරි/සෙzන්සෙzන් නැත අර්ථයෙහි භාවිතා වේ.

යම්කිසි තත්වයක් පිළබඳ විස්තර කිරීමේදී
යොකු -   හොඳින් / හොඳට
තනකසන්වා නිහොන්ගො ග යොකු වකරිමසු.
තනකසන්ට ජපන් භාෂාව හොඳට තේරෙනවා.

දයිතයි -    සාමාන්‍යයෙන්
තනකසන්වා නිහොන්ගො ග දයිතයි වකරිමසු.
තනකසන්ට ජපන් භාෂාව සාමාන්‍යයෙන් තේරෙනවා.

සුකොෂි    -    ටිකක්
තනකසන්වා නිහොන්ගො ග සුකොෂි වකරිමසු.
තනකසන්ට ජපන් භාෂාව ටිකක් තේරෙනවා .

අමරි    -   ඒතරම්/එච්චර
තනකසන්වා නිහොන්ගො ග අමරි වකරිමසෙන්.
තනකසන්ට ජපන් භාෂාව ඒතරම් තේරෙන්නේ නෑ.

සෙzන්සෙzන්    -    කොහොමවත්
තනකසන්වා නිහොන්ගො ග සෙzන්සෙzන් වකරිමසෙන්.
තනකසන්ට ජපන් භාෂාව කොහොමවත් තේරෙන්නේ නෑ.

යම්කිසි දෙයක ප්‍රමාණයක් පිළිබඳ විස්තර කිරීමේදී
තකුසන්    -    ගොඩාක්
ඔකනෙ ග තකුසන් අරිමසු
සල්ලි ගොඩාක් තිබෙනවා

සුකොෂි    -    ටිකක්
ඔකනෙ ග සුකොෂි අරිමසු
සල්ලි ටිකක් තිබෙනවා

අමරි     -    ඒතරම්/එච්චර
ඔකනෙ ග අමරි අරිමසෙන්
සල්ලි එච්චර නෑ

සෙzන්සෙzන්    -    කොහොමවත්
ඔකනෙ ග සෙzන්සෙzන් අරිමසෙන්
සල්ලි කොහොමවත් නෑ

මෙයට අමතරව සුකොෂි .අමරි.සෙzන්සෙzන්. යන ක්‍රියා විශේෂණ පද නාම විශේෂණ පදවලට මුලින් යෙදී නාම විශේෂණ පදය විස්තර කරන අවස්ථා ද දක්නට ලැබේ.
කොකොවා සුකොෂි සමුයි දෙසු.
මෙතැන ටිකක් සීතලයි.
අනො එයිග වා අමරි ඔමොෂිරොකුනයි දෙසු.
ඒ චිත්‍රපටය එච්චර රසවත් නොවේ..
අනො එයිග වා සෙzන්සෙzන් ඔමොෂිරොකුනයි දෙසු.
ඒ චිත්‍රපටය කොහොමවත් රසවත් නොවේ.

.........から,   ...........。    ................කරා...................( නිසා)
“කරා“යන වචනයෙහි තේරුම “නිසා“යන්න වන අතර, වාක්‍ය දෙකක් සම්බන්ධ කිරීමේදී භාවිතා වේ.
 මෙහි “කරා“ වලට පසුව එන වාක්‍යයෙන් ප්‍රකාශ කරන දෙය සිදුවීමට හේතුව “කරා“වලට මුලින් ඇති වාක්‍යයහෙි විස්තර වේ.
ජිකන් ග අරිමසෙන් කරා, ෂින්බුන් ඔ යොමිමසෙන්.
වේලාව නැති නිසා, පත්තර කියවන්නේ නෑ.
ඉසොගෂියි දෙසු කරා, තෙරෙබි ඔ මිමසෙන්.
කාර්යබහුල නිසා, රූපවාහිනියි නරඔන්නේ නෑ.

............。   ..................から.       ............    ................කරා.(නිසා)
මෙහිදී දෙවැනි වාක්‍යය මුලට ගෙන මුල් වාක්‍යය“කරා“සමඟ දෙවනුව භාවිතා කළ හැකිය. විශේෂයෙන්ම ප්‍රශ්නයකට පිලිතුරක් ලබාදීමේදී මෙම ආකෘතිය භාවිතා වේ.
ෂින්බුන් ඔ යොමිමසෙන්. ජිකන් ග අරිමසෙන් කරා.
පත්තර කියවන්නේ නෑ. වේලාව නැති නිසා.

දෝෂිතෙ කිනෝ හයකු කඑරිමෂිතක?
ඇයි ඊඊයෙ වේලාසනින් ගියේ?
යෝජි ග අරිමෂිතකරා.
වැඩක් තිබුණු නිසා

どうして?  -      දෝෂිතෙ   -      ඇයි?
“දෝෂිතෙ“ යන ප්‍රශ්නාර්ථවාචී පදය යම්කිසිවක් කිරීම සඳහා හේතුව විමසීමේදී භාවිතා කරන අතර, පිලිතුරු ලබාදීමේදී වාක්‍යය අගට “කරා“ එකතු කළ යුතුය.
දෝෂිතෙ තෝක්යෝ එ ඉකිමසෙන්ක?  -  ඇයි තෝක්යෝවලට යන්නේ නැත්තේ?
යකුසොකු ග අරිමසුකරා.                      -  වෙනත් කෙනෙකු සමඟ වැඩක් යොදාගෙන තිබෙන නිසා.

どうしてですか    -    දෝෂිතෙදෙසුක     -    ඇයි? 
අනෙක් පුද්ගලයා යම්කිසි දෙයක් ප්‍රකාශ කළ විට “ඇයි එහෙම කියන්නේ“ යනුවෙන් ඇසීමේදී මෙය භාවිතා කෙරේ.
ක්යෝවා හයකු කඑරිමසු.    -    අද වේලාසනින් යනවා.
දෝෂිතෙ දෙසුක?                -    ඇයි?
මුසුකො නො තන්ජෝබි දෙසුකරා.    -    පුතාගේ උපන් දිනය නිසා 














Thursday, November 19, 2020

මින්නනො නිහොන්ගො 08 පාඩම


විශේෂණ පද けいようし

වචන මාලාව

හන්සමුන - කඩවසම්                           කිරෙයින - ලස්සන.පිරිසිදු
ෂිසුකන-නිශ්ශබ්ද                                 නිගියකන-කළබලකාරී,
යූමෙයින-ප්‍රසිද්ධ                                  ෂින්සෙත්සුන-කාරුණික
හිමන-විවේකී                                      බෙන්රින - පහසු
සුතෙකින - කදිම, ශෝභන                   ගෙන්කින-නීරෝගී, සෞඛ්‍යසම්පන්න
ඕකියි - විශාල                                      චීසයි - කුඩා
අතරෂියි- අලුත්                                    ෆුරුයි - පරණයි
ඊඊ(යොයි) හොඳයි                               වරුයි - නරකයි
අත්සුයි - උණුසුම්                                 සමුයි - සීතලයි(කාලගුණය)
ත්සුමෙතයි - සිහිල්                               මුසුකෂියි - අමාරුයි
යසෂියි - ලේසියි                                   තකයි - මිල අධිකයි, උසයි
යසුයි - ලාභයි                                       හිකුයි - මිටියි
ඔමොෂිරොයි - රසවත්(වින්දනය)          ඔයිෂියි - රසවත්(ආහාරපාන)
ඉසොගෂියි - කාර්යබහුල                       තනොෂියි - සතුටු
ෂිරොයි - සුදු                                         කුරොයි - කලු
අකයි - රතු                                            අඔයි - නිල්
සකුර - චෙරි                                          යම - කන්ද
මචි - නගරය                                         තබෙමොනො-ආහාර
කුරුම - කාරය, වාහනය                        තොකොරො - ස්ථානය
ර්යෝ - නවාතැන්පළ                            බෙන්ක්යෝ - ඉගෙනීම
සෙයිකත්සු - ජීවිතය                             (ඔ)ෂිගොතො - රැකියාව
දෝ - කොහොම?                                දොන්න - මොන විදියේ?
දොරෙ - කෝකද?                                තොතෙමො - ගොඩාක්
අමරි - ඒ තරම් (නැත අර්ථයෙහි භාවිතා වේ)
සොෂිතෙ - එසේම, සහ ( වාක්‍යයන් සම්බන්ධ කරන පද)
--ග--  - නමුත්                                       ගෙන්කි දෙසුක? සුවදුක් කෙසේද?
සෝදෙසුනෙ. - ඒකනේ

වර්ණ

ෂිරො - සුදුපාට            කුරො - කලුපාට
අක - රතුපාට               අඔ - නිල්පාට
මිදොරි - කොළපාට     මුරසකි - දම්පාට
කිඉරො - කහපාට        චඉරො - දුඹුරුපාට
පින්කු - රෝසපාට       ඔරෙන්ජි -තැඹිලිපාට
ගුරේ - අලුපාට            බේජු - ලා දුඹුරු

රස වර්ග

අමයි - පැණිරස            කරයි - සැර
නිිගයි - තිත්ත              ෂිඔකරයි - ලුණුරස
සුප්පයි - ඇඹුල් රස      කොයි - උකු/සැර
උසුයි - ලා/මද

නාම විශේෂණ පද

කිසියම් නාමපදයක් විස්තර කිරීම හෝ වර්ණනා කිරීම සඳහා යොදන පද “නාම විශේෂණ“ වේ. ඒ අනුව නාමපදය “විශේෂ්‍ය“  වන අතර,එම නාමපදය විස්තර කරන වචනය “විශේෂණය“ වේ. නාම විශේෂණය වාක්‍යයක 1. ක්‍රියාවාචකය සහ 2.විශේෂණය ලෙස භාවිතා වේ.  භාෂාවේ එවැනි විශේෂණ පද වර්ග දෙකක් දක්නට ලැබේ. එනම් “න“අන්ත විශේෂණ සහ “ඉ“අන්ත විශේෂණයි.
විශේෂණ පදය අවසන් වන්නේ “න“අකුරෙන් නම් එය “න“විශේෂණ වන අතර, “ඉ“අකුරෙන් අවසන් වන්නේ නම් එය “ඉ“අන්ත විශේෂණයි.

“න“විශේෂණ පද

ෂින්සෙත්සු - කාරුණික
ගෙන්කි - සෞඛ්‍ය සම්පන්න
හිම - විවේකී
කිරෙයි - ලස්සන
සුකි - කැමති
කිරයි-අකමැති

“ඉ“විශේෂණ පද - මෙම විශේෂණ පදයෙහි උච්චාරණය සිංහල භාෂාවෙන් ලිවීමේදී ඉ සහ යි යන අකුරු දෙකම භාවිතා කළ හැකිය. ජපන් භාෂාවෙන් ලිවීමේදී නියමිත い-ඉ අකුර භාවිතා කළ යුතුය

ඔයිෂියි - රසවත්
තකයි-මිළ අධිකයි/උසයි
යසුයි - ලාභයි
ඔමොයි - බරයි
චීසයි - කුඩායි
ඕකියි - විශාලයි
අතරෂියි - අලුත්
ෆුරුයි - පරණයි

විශේෂණ පදය වාක්‍යය අවසානයේ ක්‍රියාවාචකය ලෙස භාවිතා කිරීම

“න“ විශේෂණය වාක්‍ය අවසානයේ “දෙසු“ සමඟ භාවිතා කිරීමේදී විශේෂණයේ “න“ යන්න ඉවත් වේ.
කිරෙයි + දෙසු = කිරෙයිදෙසු. ( “න“ ඉවත්වේ) 
ෂින්සෙත්සු+ දෙසු = ෂින්සෙත්සු දෙසු( “න“ ඉවත් වේ)
සුකි+දෙසු = සුකිදෙසු(“න“ ඉවත්වේ)
වතෂිනො සෙන්සෙඉ ව ෂින්සෙත්සු දෙසු. මගේ ගුරුවරයා කාරුණික වේ.(විශේෂණයේ “න“ ඉවත් වේ)
අනො ඔන්නනො කො ව කිරෙයි දෙසු. අර ගැහැණු ළමයා ලස්සනයි.(විශේෂණයේ “න“ ඉවත්වේ)

“ඉ“ විශේෂණය වාක්‍ය අවසානයේ “දෙසු“ සමඟ භාවිතා කිරීමේදී විශේෂණයට වෙනසක් සිදු නොවේ.
ඔයිෂියි+දෙසු= ඔයිෂියි දෙසු
තකයි+දෙසු = තකයි දෙසු
යසුයි + දෙසු= යසුයි දෙසු
අතරෂියි+දෙසු = අතරෂියි දෙසු.
මිජිකඉ+දෙසු = මිජිකඉ දෙසු.
කොනො රින්ගොව ඔයිෂියි දෙසු. මේ ඇපල් රසවත් වේ
නිහොන් කුරුම ව තකයි දෙසු. ජපන් වාහන මිළ අධික වේ.
කොනො ෂත්සු ව අතරෂියි දෙසු. මේ ෂර්ට් එක අලුත් වේ. 

විශේෂණ පද නැත අර්ථයට හැරවීම

“න“ විශේෂණය නැත අර්ථයට හරවන්නේ අගට යොදන“දෙසු“පදය නැත අර්ථයට හැරවීමෙනි. “දෙසු“වල නැත අර්ථය “ජඅරිමසෙන්“ (අවිධිමත් ව්‍යවහාරය) හෝ  “දෙවඅරිමසෙන්“ (විධිමත් ව්‍යවහාරය)  වේ. මෙහිදීද විශේෂණයේ “න“ ඉවත් වේ.
කිරෙයි දෙසු  - ලස්සනයි                        කිරෙයි දෙවඅරිමසෙන්/ජඅරිමසෙන් - ලස්සන නොවේ.
ගෙන්කි දෙසු - නීරෝගියි                       ගෙන්කිදෙවඅරිමසෙන්/ජඅරිමසෙන්- නීරෝගී නොවේ.
ෂින්සෙත්සු දෙසු - කාරුණිකයි               ෂින්සෙත්සුදෙවඅරිමසෙන්/ජඅරිමසෙන් - කාරුණික නොවේ.

“ඉ“අන්ත විශේෂණ නැත අර්ථයට හැරවීමේදී විශේෂණ පදය වෙනස් වේ. “ඉ“ විශේෂණයේ අග ඇති““අකුර ඉවත් කර ඒ වෙනුවට“කුනයිදෙසු“ යන්න එකතු කළ යුතුය.
ඔයිෂිඉ දෙසු - රසවත් වේ                 ඔයිෂි+කුනයි දෙසු = ඔයිෂිකුනයි දෙසු - රසවත් නොවේ.
අතරෂිඉ දෙසු - අලුත් වේ.                අතරෂි+කුනයි දෙසු = අතරෂිකුනයි දෙසු - අලුත් නොවේ
ඕකිඉ දෙසු - විශාල වේ                    ඕකි+කුනයි දෙසු = ඕකිකුනයි දෙසු - ලොකු නොවේ.
චීසඉ දෙසු - කුඩා වේ                       චීස+කුනයි දෙසු = චීසකුනයි දෙසු - කුඩා නොවේ.
ඊඊදෙසු - හොඳ වේ                         යොකුනයි දෙසු- හොඳ නොවේ.(මෙය විශේෂ වචනයකි)

ප්‍රශ්නාර්ථය

ප්‍රශ්නාර්ථවාචී වචන බවට හැරවීමේදී වාක්‍යය අගට “ක“ එකතු කළ යුතුය. එසේම ප්‍රශ්නයට පිලිතුරු දීමේදී “හයි“- “ඔව්“ හෝ “ඊඊඑ“ - “නෑ“ යන වචන සමඟ නැවත එම විශේෂණයම ඇත හෝ නැත අර්ථයෙන් තැබිය යුතුය.
“න“විශේෂණය
තෝක්යෝ ව නිගියක  දෙසුක? - තෝක්යෝව කළබලකාරීද?
හයි, නිගියක දෙසු.                    -ඔව්, කළබලකාරියි
තෝක්යෝව නිගියක දෙසුක?    - තෝක්යෝව කළබලකාරීද?
ඊඊඑ. නිගියක දෙවඅරිමසෙන්/ජඅරිමසෙන් - නෑ කළබලකාරී නොවේ.

“ඉ“විශේෂණය
නිහොන් ව සමුයි දෙසුක? -    ජපානය සීතලද?
හයි, සමුඉ  දෙසු                 -     ඔව්, සීතලයි
නිහොන් ව සමුඉ දෙසුක? -    ජපානය සීතලද?
ඊඊඒ, සමුකුනඉ දෙසු        -    නෑ, සීතල නෑ

විශේෂණ පද නාම පද සමඟ සම්බන්ධ කිරීම

අප ඉහත සාකච්ඡා කළේ විශේෂණ පද වාක්‍යක අවසානය‍ේ ඇත, නැත සහ ප්‍රශ්නාර්ථයෙහි  යෙදෙන ආකාරයයි. දැන් අපි විශේෂණ පද නාම පද සමඟ යෙදෙන ආකාරය ඉගෙන ගනිමු.
“න“ විශෙේෂණ
“න“විශේෂණ පදයක් නාමපදයක් සමඟ එකතුවන විට විශේෂණ පදයේ අග “න“අකුර ඉවත් නොකර නාමපදය සමඟ සම්බන්ධ කළ යුතුය.
කිරෙයින + ඔන්න            -   කිරෙඉන ඔන්න             - ලස්සන කාන්තාව
හන්සමුන + ඔතොකො     -   හන්සමුන ඔතොකො     - කඩවසම් පිරිමියා
නිගියකන + මචි                  නිගියකන මචි               -  කළබලකාරී නගරය
ෂිසුකන + මුර                    -   ෂිසුකන මුර                  -   නිස්කලංක ගම
ෂින්සෙත්සුන + හිතො       -    ෂින්සෙත්සුන හිතො    -    කාරුණික පුද්ගලයා

“ඉ“විශේෂණ
“ඉ“ විශේෂණ පදයද නාමපදයක් සමඟ එකතු වීමේදී විශේෂණ පදයට වෙනසක් සිදු නොවේ.
ඔසිෂිඉ + ර්යෝරි        -    ඔයිෂියි ර්යෝරි     -    රසවත් කෑම
තකඉ + යම               -    තකඉ යම            -    උස කන්ද
තකඉ  + කුරුම           -    තකඉ කුරුම       -    මිළ අධික වාහනය
අකඉ + හන               -    අකඉ හන           -     රතු මල
ෆුරුඉ + ඉඑ                -    ෆුරුඉ ඉඑ            -    පරණ ගෙදර

とても / あまり  තොතෙමො/ අමරි -
මෙම වචන දෙක ප්‍රමාණයන් සහ තත්වයන්  පිළිබඳ සඳහන් කරන ක්‍රියා විශේෂණ වන අතර, නාම විශේෂණ පදවලට මුලින් යෙදේ.

とても තොතෙමො - ගොඩාක්.සෑහෙන, බොහෝ
මෙම වචනය ඇත අර්ථයේ වාක්‍යවල භාවිතා වේ. 
නිහොන්ව තොතෙමො සමුයි දෙසු.         -        ජපානය ගොඩාක් සීතලයි.
ෆුජියම ව තොතෙමො යූමෙයි දෙසු.        -        ෆුජි කන්ද ගොඩාක් ප්‍රසිද්ධයි

あまり    අමරි - ඒතරම්, එච්චර
මෙම වචනය නැත අර්ථයේ වාක්‍යවල භාවිතා වේ.
නිහොන්ව අමරි සමුකුනයි දෙසු            -    ජපානය එච්චර සීතල නෑ.
ෆුජියමව අමරි යූමෙයිදෙව අරිමසෙන්    -    ෆුජිකන්ද එච්චර ප්‍රසිද්ධ නොවේ.

N はどうですか?නාමපද ව දෝ දෙසුක? ------------はどうですか?
මෙම ප්‍රශ්නාර්ථවාචී වාක්‍ය රටාව භාවිතා කරනුයේ අසන්නාහට අත්දැකීමක් ඇති යම්කිසි දෙයක්,සංචාරය කර ඇති ස්ථානයක් හෝ මුණගැසී ඇති පුද්ගලයෙක් පිළිබඳ ඇති හැඟීමක් ගැන ප්‍රශ්න කිරීමේදීය.

නිහොන්නො කුරුම ව දෝදෙසුක? ජපන් වාහන කොහොමද?
තකයි දෙසු.    -    මිළ අධිකයි.
නිහොන් ව දෝදෙසුක? ජපානය කොහොමද?
සමුයි දෙසු.    -    සීතලයි
තනක සන්ව දෝ දෙසුක? තනක මහතා කොහොමද?
ෂින්සෙත්සු දෙසු.    -    කාරුණිකයි.

N はどんな N ですか?----------はどんな--------ですか?නාමපද ව දොන්න නාමපද දෙසුක?
කථකයාට යම්කිසි නාමපදයක් පිළිබඳ අසන්නාගෙන් විස්තරයක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය වූ විට මෙම වාක්‍ය රටාව භාවිතා කෙරේ.මෙහිදී “දොන්න - කුමන ආකාරයේ,මොන විධියේ“ යන වචනය නාමපදයක් සමඟ භාවිතා වේ.

නරා ව දොන්න මචි දෙසුක?    -     නරා මොන විධියේ නගරයක්ද?
ෆුරුයි මචි දෙසු.                        -    පරණ නගරයක්

සෙන්සෙයි ව දොන්න හිතො දෙසුක? - ගුරුවරයා මොන විධියේ පුද්ගලයෙක්ද?
ෂින්සෙත්සුන හිතො දෙසු.                  - කාරුණික පුද්ගලයෙක්

නිහොන්ව දොන්න කුනි දෙසුක?    -    ජපානය මොන විධියේ රටක්ද?
කිරෙයින කුනි දෙසු.                       -    ලස්සන රටක්

S が S  -----------が---------     වාක්‍යය ග වාක්‍යය
මෙහි “ග“ යන්නෙහි තේරුම “නමුත්“යන්නයි. මෙය වාක්‍ය සම්බන්ධ කිරීමේදී යොදාගනී. 

නිහොන් නො තබෙමොනො ව ඔයිෂියි දෙසුග, තකයි දෙසු.
ජපන් කෑම රසවත් නමුත් මිළ අධිකයි.

ඔෂිගොතො ව දෝදෙසුක?             -        රැකියාව කොහොමද?
ඉසොගෂියි දෙසුග,ඔමොෂිරොයි දෙසු.    - කාර්යබහුල නමුත් විනෝදජනකයි

どれ දොරෙ?  කෝකද?
දෙකක් හො ඊට වඩා වැඩි දේවල් කිහිපයකින් යම්කිසි එක්දෙයක් තෝරාගැනීමට හෝ තීරණය කරන ලෙස අසන්නාගෙන් ඇසීමේදී මෙම ප්‍රශ්නාර්ථවාචී වාක්‍ය රටාව භාවිතා කෙරේ.

අනතනො කස ව දොරෙ දෙසුක? ඔබේ කුඩය කෝකද?
අනො අකයි කස දෙසු.        -    අර රතු කුඩය

තනකසන්නො කුරුම ව දොරෙ දෙසුක? තනක මහතාගේ කාරය කෝකද?
අනො අතරෂියි කුරුම දෙසු.    -    අර අලුත් කාරය













              
























Sunday, November 15, 2020

මින්නනො නිහොන්ගො 07 පාඩම

 

වචන මාලාව

කිරිමසු-කපනවා                    ඔකුරිමසු-යවනවා
අගෙමසු-දෙනවා                    මොරයිමසු-ලැබෙනවා
කෂිමසු-ණයට දෙනවා            කරිමසු-ණයට ගන්නවා
ඔෂිඑමසු-උගන්වනවා            නරයිමසු-ඉගෙන ගන්නවා
දෙන්ව ඔ කකෙමසු-දුරකතන ඇමතුමක් ගන්නවා
තෙ-අත                                හෂි-කෑමගන්නා කෝටු
සුපූන්-හැන්ද                         නයිෆු-පිහිය
ෆෝකු-ගෑරුප්පුව                  හසමි-කතුර
ෆක්කුසු-ෆැක්ස් යන්ත්‍රය        පසොකොන්- පරිගණකය
පන්චි-පන්චරය                    හොච්චිකිසු-ඇමුණුම් යන්ත්‍රය
සෙරොතේපු-සෙලෝටේප්   කෙෂිගොමු-මකනය
කමි-කොළය                       හන-මල
ෂත්සු-ෂර්ට්එක                    පුරෙසෙන්තො-තෑග්ග
නිමොත්සු-භාණ්ඩ               ඔකනෙ-මුදල්
කිප්පු-ටිකට්                        කුරිසුමසු-නත්තල
චිචි-තමාගේ පියා හැඳින්වීම 
හහ-තමාගේ මව හැඳින්වීම
ඔතෝසන්-වෙනත් අයෙකුගේ පියා හඳුන්වන අචාරශීලි වචනය (එහෙත් තමන්ගේ පියාට අඬගැසීමේදී, ඇමතීමේදී ද “ඔතෝසන්“යනුවෙන් භාවිතා කෙරේ)
ඔකාසන්-වෙනත් අයෙකුගේ මව හඳුන්වන ආචාරශීලි වචනය (එහෙත් තමන්ගේ මවට අඬගැසීමේදී, ඇමතීමේදී ද “ඔකාසන්“යනුවෙන් භාවිතා කෙරේ)
මෝ-දැනටමත්                    මද-තවම
කොරෙකරා-මෙතැන් සිට. ඉක්මණින්
සුතෙකි දෙසුනෙ-කදිමයි නේ
ගොමෙන්කුදසඉ- (තමන්ගෙන් වරදක් වූ විට - සමාවෙන්න  /ඒ ගැන මට කණගාටුයි/සමාව අයදිනවා (කාමරයකට නිවසකට ඇතුලුවන විට අවසර ගැනීම. කෙනෙක්ගේ අවධානය ලබාගැනීමට අවශ්‍ය වූ විට)
ඉරෂ්ෂඉ    -    ගෙදරට පැමිණි පුද්ගලයෙකු ආයුබෝවන් කියා පිළිගන්නා විට
දෝසො ඔඅගරි කුදසඉ- ඇතුළට එන්න
ෂිත්සුරෙයිෂිමසු- ස්තූතියි/ ඔබට බාධා කිරීම ගැන සමාවෙන්න.
ඉකගදෙසුක? කිසිවක් පිරිනමන විට “ඔබ ඒකට කැමතිද?“ යන අදහස දෙන වචනයකි.
(කෝහී ව ඉකගදෙසුක? කෝෆි බොනවද?)
ඉතදකිමසු- ස්තුතියි/මම මේ ආහාරය පිළිගන්නවා යන අදහස -  ආහාරයක් ගැනීමට පෙර ප්‍රකාශ කරන ආචාරශීලි වචනය(කෑමට හෝ බීමට පෙර)
ර්යොකෝ - සංචාරය
ඔමියගෙ- තෑගි/සිහිවටන
යෝරොප්ප- යුරෝපය

かぞくකසොකු(kazoku) පවුලේ සාමාජිකයන්

වතෂිනො කසොකු - මගේ පවුල
සොබො- ආචිචි                           සොෆු-සීයා
හහ - මව            චිචි-පියා            ර්යෝෂින් - දෙමාපියන්
ඉමෝතො- බාල සහෝදරිය        ඔතෝතො- බාල සහෝදරයා
අනෙ- වැඩිමහල් සහෝදරිය        අනි- වැඩිමහල් සහෝදරයා
ක්යොදඉ - සහෝදර සහෝදරියෝ
ත්සුම/කනයි - භාර්යාව                ඔත්තො - ස්වාමිපුරුෂයා
ෆූෆු - ස්වාමියා සහ භාර්යාව/ අඹුසැමි
මුසුමෙ - දුව                              මුසුකො - පුතා
කොදොමො    -    ළමයි    
වෙනත් අයෙකුගේ පවුල
ඔබාසන්    -    ආච්චි                   ඔජීසන් -    සීයා
ඔකාසන් - මව                            ඔතෝසන් - පියා
ඉමෝතොසන්-බාලසහෝදරිය    ඔතෝතොසන් - බාලසහෝදරයා
ඔනේසන් - වැඩිමහල් සහෝදරිය ඔනීසන් - වැඩිමහල් සහෝදරයා
ගොක්යෝදඉ - සහෝදර සහෝදරියෝ
ඔකුසන් - භාර්යාව                      ගොෂුජින් - ස්වාමි පුරුෂයා
ගොෆූෆු - ස්වාමියා සහ භාර්යාව/අඹුසැමි
මුසුමෙසන් - දුව                         මුසුකොසන්-පුතා 
ඔකොසන් - ළමයි

ව්‍යාකරණ රටා

~~で---දෙ නිපාත පදය
ක්‍රියාවක් කිරීම සඳහා උපයෝගී කර ගන්නා උපකරණය, විධිය හෝ ක්‍රමය හැඟවෙන වචනයට පසුව“දෙ“නිපාතපදය භාවිතා වේ.
නාමපද(උපකරණ, විධිය හෝ ක්‍රමය)+දෙ+කර්මපද+ඔ+ක්‍රියාපද
---------දෙ------මසු. හෝ --------දෙ--------ඔ----------මසු (හිස්තැන්වලට සුදුසු වචන යොදන්න)
---------で------ます。  --------で --------を---------ます。
සුපූන් දෙ තබෙමසු           -              හැන්දෙන් කනවා    (කෑමගැනීමට උපයෝගී කරගන්නේ හැන්ද බැවින් එම නාමපදයට පසුව “දෙ“නිපාත පදය යෙදේ.               
සුපූන් දෙ ගොහන් තබෙමසු.    -   හැන්දෙන් කෑම කනවා (කර්මපදයක් ද වාක්‍යය මැදට යෙදිය හැකිය)
තෙ දෙ තබෙමසු - අතින් කනවා  
නිහොන්ගො දෙ රෙපෝතො ඔ කකිමසු. - ජපන් භාෂාවෙන් වාර්තාව ලියනවා (වාර්තාව ලියන්නේ ජපන් භාෂාවෙන් බැවින් එම වචනයට පසුව “දෙ“යොදා ඇත.
වතෂිව පසොකොන්දෙ එඉග ඔ මිමසු. - මම පරිගණකයෙන් චිත්‍රපටයක් බලනවා
පෙන්දෙ තෙගමි ඔ කකිමසු.    -    පෑනෙන් ලිපියක් ලියනවා
හෂිදෙ ගොහන් ඔ තබෙමසු    -      හෂිවලින් කෑම කනවා

なんで - නන්දෙ - කොහොමද ?මොකෙන්ද? ක්‍රියාව කරන විධිය හෝ කිරීමට උපයෝගී කරගන්නා දේ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී “දෙ“ සමග“ නන්“ එකතු කර “නන්දෙ“ යන වචනය භාවිතා කෙරේ.
-------ව නන්දෙ----------ඔ---------මසුක?(හිස්තැන්වලට සුදුසු වචන යොදන්න)
-------は なんで--------を--------ますか?
අනතව නන්දෙ ගොහන් ඔ තබෙමසුක? ඔයා මොකෙන්ද /කොහොමද කෑම කන්නේ?
වතෂිව තෙදෙ ගොහන් ඔ තබෙමසු. මම අතින් කෑම කනවා
අනතව නන්දෙ රෙපෝතො ඔ කකිමසුක? ඔබ කොහොමද වාර්තාව ලියන්නේ?
වතෂිව එයිගොදෙ රෙපෝතො ඔ කකිමසු. මම ඉංග්‍රීසි භාෂාවෙන් වාර්තාව ලියනවා.

------------------+は----------------ごで なんですか?(හිස්තැන්වලට අවශ්‍ය වචන යොදන්න)
“වචන/වාක්‍යය“+ව-----------------ගොදෙ නන්දෙසුක?
වචනයක් හෝ වාක්‍යයක් වෙනත් භාෂාවකින් කියන්නේ කෙසේද? යනුවෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ආකාරයේ වාක්‍ය භාවිතා කෙරේ.වාක්‍යයේ ව නිපාත පදයට මුලින් ඔබට ඇසිය යුතු වචනය හෝ වාක්‍යයත් ව නිපාත පදයට පසුව භාෂාවත් යොදන්න.

“අරිගතෝ“ ව ෂින්හරගොදෙ නන් දෙසුක?  අරිගතෝ යන වචනය සිංහල භාෂාවෙන් කියන්නේ කෙසේද?
“ස්තූතියි“ දෙසු - “ස්තූතියි“ යනුවෙනි.
අරිගතෝ“ ව එඉගොදෙ  නන් දෙසුක?  අරිගතෝ යන වචනය ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ කෙසේද?
“තෑන්ක්යූ“ දෙසු - “තෑන්ක්යූ“ යනුවෙනි.
“ස්තූතියි“ ව නිහොන්ගොදෙ නන්දෙසුක? ස්තූතියි යන වචනය ජපන් භාෂාවෙන් කියන්නේ කෙසේද?
“අරිගතෝ“ දෙසු. “අරිගතෝ“ යනුවෙනි.
කොරෙව නිහොන්ගොදෙ නන්දෙසුක? මේකට ජපන් භාෂාවෙන් කියන්නේ කොහොමද?
“හොන්“දෙසු. “හොන්“ යනුවෙනි.(පොතක් පෙන්වා ප්‍රශ්නයක් අසන විට)

-------------は------------に------------を ---------ます。(හිස්තැනට අවශ්‍ය වචනය යොදන්න)
-------------ව-------------නි-------------ඔ ----------මසු.
අගෙමසු“තේරුම දෙනවා යන්නයි. කෙනෙකු තවත් කෙනෙකුට යම්කිසි දෙයක් දෙනවා යනුවෙන් ප්‍රකාශ කරන්නේ මෙම ආකාරයෙනි. මෙහි ව නිපාත පදයෙන් දෙන කෙනාත්, “නි“ නිපාත පදයෙන් ලබන කෙනාත්, නිපාත පදයෙන් දෙන දෙයත් ඇඟවේ.
“මම යහලුවාට පොතක් දෙනවා“ යන්න ඉහත ආකෘතියට ඇතුළත් කර බලමු
වතෂි ව තොමොදචි නි හොන් ඔ අගෙමසු. මම යහලුවාට පොතක් දෙනවා.
වතෂිව කනොජොනි හන ඔ අගෙමසු. මම පෙම්වතියට මලක් දෙනවා

ඉහත ආකෘතියෙහිම අග ක්‍රියාපදය වෙනස් කර තවත් වාක්‍ය සාදාගත හැකිය.
කෂිමසු - ණයට දෙනවා/නැවත ලබාගැනීමට යම්කිසිවක් දෙනවා
වතෂිව සතෝසන් නි කස ඔ කෂිමසු - මම සතෝ මහතාට කුඩයක් දෙනවා
ෂචෝව තොමොදචි නි ඔකනෙ ඔ කෂිමසු. සමාගමේ ප්‍රධානියා යාලුවයාට මුදල් ණයට දෙනවා.
ඔෂිඑමසු - උගන්වනවා
සෙන්සෙඉව ගකුසෙඉනි නිහොන්ගොඔ ඔෂිඑමසු. ගුරුවරයා ළමුන්ට ජපන් භාෂාව උගන්වනවා.
කකෙමසු - දුරකතන ඇමතුමක් දෙනවා.
වතෂිව හහනි දෙන්වඔ කකෙමසු. මම අම්මාට දුරකතන ඇමතුමක් දෙනවා.
කඉෂ නි දෙන්ව ඔ කකෙමසු. - ආයතනයට දුරකතන ඇමතුමක් දෙනවා.
කකිමසු.- ලියනවා
වතෂිව තොමොදචිනි තෙගමි ඔ කකිමසු - මම යහලුවාට ලිපියක් ලියනවා.

------------は だれに---------を----------ますか? (ප්‍රශ්නාර්ථවාචී බවට හැරවීම)
------------ව දරෙනි------------ඔ-----------මසුක?
මෙම වාක්‍ය ප්‍රශ්නාර්ථවාචී කිරීමේදී “දරෙනි“ කාටද? යන වචනයත් වාක්‍ය අගට“ක“ යන්නත් එකතු කළ යුතුය.
අනතව දරෙනි හන ඔ අගෙමසුක? ඔයා කාටද මලක් දෙන්නේ?
කනොජොනි අගෙමසු. පෙම්වතියට දෙනවා.( පිලිතුරු දීමේදී කෙටියෙන් ප්‍රකාශ කළ හැකිය)
ෂචෝව දරෙනි ඔකනෙ ඔ කෂිමසුක? ෂචෝ කාටද මුදල් ණයට දෙන්නේ?
තොමොදචිනි කෂිමසු. යහලුවාට ණයට දෙනවා.
දරෙනි නෙන්ගජෝ ඔ කකිමසුක?කාටද අලුත් අවුරුදු සුභ පැතුම්පත් ලියන්නේ?
සෙන්සෙඉ තො තොමොදචි නි කකිමසු. ගුරුවරයාට සහ යහලුවාට ලියනවා

----------は-----------に-----------を----------ます.(හිස්තැනට අවශ්‍ය චවනය යොදන්න)
----------ව-------------නි-----------ඔ-----------මසු.
“මොරයිමසු“ යන්නෙහි තේරුම ලැබෙනවා යන්නයි. කෙනෙකුට වෙනත් කෙනෙකුගෙන් යම්කිසි දෙයක් ලැබෙනවා යන්න ප්‍රකාශ කරන්නේ මෙම වාක්‍ය ආකෘතියෙනි. මෙහි“ව“නිපාතයෙන් ලැබෙන කෙනාත්, “නි“ නිපාතයෙන් දෙන කෙනාත් විස්තර කෙරේ.
“මට යහලුවාගෙන් පොතක් ලැබෙනවා“ යන වාක්‍යය ඉහත ආකෘතියට ඇතුළත් කර බලමු.
වතෂිව තොමොදචිනි හොන් ඔ මොරයිමසු.- මට යහලුවාගෙන් පොතක් ලැබෙනවා.
වතෂිව කනොජොනි හනඔ මොරයිමසු. - මට පෙම්වතියගෙන් මලක් ලැබෙනවා.
ඉහත ආකෘතියෙහිම අග ක්‍රියාපදය වෙනස් කර තවත් වාක්‍ය සාදාගත හැකිය.
කරිමසු. ණයට ඉල්ලා ගන්නවා
වතෂිව තොමොදචි නි හොන් ඔ කරිමසු. මම යහලුවාගෙන් පොතක් ඉල්ලා ගන්නවා
නරයිමසු- ඉගෙන ගන්නවා
වතෂිව නිහොන්ජින් නි නිහොන්ගො ඔ නරයිමසු - මම ජපන් ජාතිකයෙකුගෙන් ජපන් භාෂාව ඉගෙන ගන්නවා
නි“ නිපාතය වෙනුවට “කර“ නිපාතය යෙදීම
අර්ථය සමාන වේ.
කිමුර සන්ව යමද සන් කර(නි)හොන් ඔ මොරයිමෂිත. කිමුර මහතාට යමද මහතාගෙන් පොතක් ලැබුණා

-----------はだれに----------を-----------ますか?(ප්‍රශ්නාර්ථවාචී බවට හැරවීම)
මෙම වාක්‍යයෙහි “දරෙනි“ යන්නෙහි තේරුම කාගෙන්ද? යන්නයි.
අනතව දරෙනි හොන් ඔ මොරයිමෂිතක? - ඔයාට කාගෙන්ද පොතක් ලැබුණෙ?
තොමොදචිනි මොරයිමෂිත. යහලුවාගෙන් ලැබුණා.

අගෙමසු - දෙනවා සහ මොරයිමසු - ලැබෙනවා යන වාක්‍යය දෙකෙහි වෙනස අවබෝධ කරගනිමු. මෙම දෙකෙහිම ව්‍යාකරණ ආකෘතිය සමාන වේ. අගට යොදන ක්‍රියාපදය අනුව අර්ථය වෙනස් වේ. මුල් වාක්‍යයෙහි දෙන තැනැත්තා පළමුවත් ලබන තැනැත්තා දෙවනුවත් යෙදෙන අතර, දෙවෙන වාක්‍යයෙහි ලබන තැනැත්තා පළමුවත් දෙන තැනැත්තා දෙවනුවත් යෙදේ.

දෙනපුද්ගයා ලබන පුද්ගලයා නි    කර්මය    ඔ අගෙමසු.
සතෝසන්    ව කතෝසන්         නි    ඔමියගේ ඔ අගෙමසු. 
සතෝ මහතා කතෝ මහතාට තෑග්ගක් දෙනවා

ලබන පුද්ගලයාදෙන පුද්ගලයා නි කර්මය     ඔ මොරයිමසු
කතෝසන්        ව සතෝසන්         නි ඔමියගෙ  ඔ මොරයිමසු. 
කතෝමහතාට සතෝ මහතාගෙන් තෑග්ගක් ලැබෙනවා

もう--------ました( හිස්තැනට අවශ්‍ය වචනය යොදන්න)
මෝ---------මෂිත
මෝ+ක්‍රියාපද  මෂිත
“යම්කිසි දෙයක් දැනටමත් කරල අවසානයි?“ යනුවෙන් ප්‍රකාශ කරන්නේ මෙම වාක්‍ය ආකෘතියෙනි.
මෙහි “මෝ“ යන්නෙහි තේරුම “දැනටමත්“ යන්නයි. මෙහිදී ක්‍රියාපදය අතීත කාලයෙන් තැබිය යුතු අතර.ප්‍රශනාර්ථයට හැරවීමේදී වාක්‍ය අගට“ක“එකතු කළ යුතුය. ඔබ එම කාර්යය තවම කර නොමැති නම් පිලිතුරු දිය යුත්තේ “ඊඊඑ, මද දෙසු“ යනුවෙනි. මෙහි “මද“ යන්නෙහි තේරුම“තවම කරලා නැත“යන්නයි. 

මෝ ගොහන් ඔ තබෙමෂිතක? - ඔබ දැනටමත් කෑම කාලද? ( ප්‍රශ්නාර්ථවාචී වාක්‍යය)
හයි, මෝ තබෙමෂිත - ඔව්, දැනටමත් කෑම කාල ඉන්නේ.( ඇත අර්ථය)
ඊඊඑ, මද දෙසු.- නෑ, තවම නෑ. (නැත අර්ථය)

මෝ ෂුකුදයි ඔ ෂිමෂිතක? - දැනටමත් ගෙදරවැඩ කරලා ඉවරද?
හයි,මෝ ෂිමෂිත - ඔව්, දැනටමත් කරල අවසන්.
ඊඊඑ,මද දෙසු - නෑ තවම කරලා නෑ.

මෝ එඉග ඔ මිමෂිතක? - දැනටමත් චිත්‍රපටය බලලා ඉවරද?
හයි, මෝ මිමෂිත. - ඔව්, දැනටමත් බලලා ඉවරයි.
ඊඊඑ, මද දෙසු. - නෑ, තවම බැලුවේ නෑ.